කඳසුරිඳුන්ට පිදූ රන් තැටිය ගැන අහන්න අංගොඩ ලොක්කාගේ බිරිය කැඳවයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පවුම් 38 ක රන් තැටියක් පූජාකිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පේලේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ඉන්දියාවේ දී මියගිය අංගොඩ ලොක්කාගේ බිරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය ආරංචි මාර්ග පවසයි. 07 November 2021
සෆාරි ජිප් රිය පෙරළී එකක් මරුට අටක් රෝහලට හබරණ හුරුළු ජාතික වන උද්‍යානයේදී සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය පවසයි. 07 November 2021
ගංගා නවයක් චන්ඩ වෙයි පවතින වැසි සහිත කාලගුණ තත්වය අනුව දිවයිනේ ප්‍රධාන ගංඟා නවයක් ආශ්‍රිතව ඉදිරි දිනවලදී ගං වතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2021
කොරෝනා මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 November 2021
ගෝලිය කොරෝනාවාර්තා ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 07 November 2021
වැස්සෙන් 4391 පීඩාවට දින ගණනාවක් තිස්සේ පැවති තද වැසි සමඟ ඇතිවූ ගං වතුර, අකුණු සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පවුල් 1,143 කට අයත් 4,391 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 07 November 2021
කොරෝනා ආසාදිතයන් තවත් 458ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 458 දෙනකු අද (7) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 07 November 2021
මහාචාර්ය මෙත්තිකාට තවත් ලෝක සම්මානයක් ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය. 07 November 2021
‘‘අයවැය ගැන විශාල බලාපොරොත්තුවක් නෑ‘‘ එළැඹෙන අයවැය විශාල බලාපොරොත්තුවක් නෑ. එවැනි බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් මේ වන විට රටේ ආර්ථිකය තුළ නැහැ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි. 07 November 2021
කෝටියක මත්කුඩු සමග අයෙක් සැකපිට විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන වූ බව කියන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවකු වන ’’පානදුර සළිදු’’ නැමැත්තාගේ ගෝලයකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ මත්කරල් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. 07 November 2021
ජනපතිගෙන් පියාට පුෂ්පෝපහාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු පාර්ලිමේන්ත්‍රී දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 54 වැනි ගුණසමරු උත්සවය තංගල්ලේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (7) පෙරවරුවේ පැවැත්විණි. 07 November 2021
පැමිණිල්ල ලැබෙන්නත් පෙර හොරු අල්ලයි කටුගස්තොට ඉනිගලින් ත්‍රිරොද රියක් සොරකම්කර එම ත්‍රිරෝද රියෙන් ගොස් බරිගම කඩයකට සුද්දයක් දැමූ බව කියන දෙදෙනකු පැමිණිල්ල ලැබීමටත් ප්‍රථම අත්අඩංගුවට ගත් පුවතක් කටුගස්තොට පොලිසියෙන් වාර්තා වෙයි. 07 November 2021
දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව හෙට (08) සිට දුම්රිය ධාවනය කරවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 07 November 2021
කොවිඩ් මර්දන කරලත් ගේන්න යයි කොවිඩ් මර්දනය සඳහා එන්නත වෙනුවට භාවිත කෙරෙන ප්‍රතිවයිරස කරල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉහළ අවධානය යොමුවී ඇත. 07 November 2021
‘පාසල් දරුවන් සඳහා විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඕනෑ‘ පාසල් දරුවන් වෙනුවෙන් විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස්කර නිසි ආකාරයෙන් එය ක්රියාවේ යොදවන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රජයෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. 07 November 2021
‘ ගිනි ගත් නැවේ ආනයනකරුවන්ට අපි වන්දි ගෙවන්නේ නෑ ‘ ඉකුත් මැයි මස අවසානයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් එහි තිබූ දේශීය ආනයනකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් දේපොළ සඳහා වන්දි මුදල් ලබාදීම රජයට අයත් කාර්යක් නොවන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පැවසීය . 07 November 2021
යතුරු පැදි පොත් හොරට දුන් ලිපිකාරිනිය මාට්ටු නියමිත ක්‍රමවේදයට පටහැනිව යතුරුපැදි පැවරුම් පොත් විවිධ පුද්ගලයන්ට මුදලට ලබාදුන් බව කියන මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියකෙ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 07 November 2021
රක්ෂණයක් දෙන්න විශ්‍රාම වැටුපෙන් 400 ක් කපයි රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීම සඳහා විශ්‍රාම වැටුපෙන් මාසික කපාහැරීමක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 07 November 2021
‘අයවැය සහන නැත්තන් අරගලයකට යනවා ‘ රාජ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් අයවැයෙන් ඉටු නොකළොත් සියලු වෘත්තීය සමිති එකතු කරගෙන අරගල මාවතට පිවිසෙන බව රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති මැද කොළඹ ස ජ බ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 07 November 2021
මැති සබය එක දිගට දින 33 ක් රැස්වීමට තීරණක් පාර්ලිමේන්තුව හෙට (8) සිට දින තිස්තුනක් සෞඛ්‍ය නීති නීතිවලට අනුකූලව එක දිගටම රැස්වීමට තීරණය කර ඇත. 07 November 2021
බණ්ඩාරවෙල ළමා නිවාසයක දරුවන් 27 කට කොරෝනා බණ්ඩාරවෙල ළමා නිවාසයක අවුරුදු පහට අඩු කුඩා දරුවන් 27 දෙනකු ඇතුළු 32 කට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව අද (07) දින තහවුරු විණැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය. 07 November 2021
භාණ්ඩ 15 ක් සතොසෙන් අඩු මිලට ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15 ක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1, 000 ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 November 2021
බන්ධනාගාර බසයෙන් පැන්න දෙන්නා වැසිකිළියෙන් අල්ලයි වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි රැඳවියන් දෙදනකු පොල්ගවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී බසයෙන් පැනගොස් ඒ ආසන්නයේ අදාහනාගාර වැසිකිළියක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොල්ගහවෙල පොලිසිය පවසයි. 07 November 2021
සෙල්ෆි ගන්න ගිහින් දුම්රියට බිළිවෙයි වව්නියාව සෙට්ටිකුලම දකුණු කල්ලාරු පාලමේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම උත්සහ ගත් තරුණයෙකු මන්නාරම දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් ඇතැයි සෙටිකුලම් පොලීසිය පවසයි. 07 November 2021
පොලිස් කොස්තාපල් නිධන් හාරද්දී මාට්ටු තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ මැදදුම්බර මහ දොරලියද්ද කන්දේ පාඵ නිවසක් අසළ නිධාන් හදාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු එකම පවුලේ සොහොයුරන් සිව් දෙනකු සැකපිට පොලිස් අත් අඩංගුවට ගත් බව තෙල්දෙණිය මූලස්ථාන පොලීසිය කියයි. 07 November 2021
‘රනිල්ට රට බර දුන්නොත් පැය 48 න් ගෑස් මිල බස්සනවා ‘ රනිල්ට රට බාර දුන්නොත් පැය 48න් ගෑස් මිල බස්සන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 07 November 2021
සතොසෙන් සහල් සීනි ගන්න කොන්දේසි නෑ සතොසෙන් සහල් සහ සීනි මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ හතරක් ද මිලදී ගැනීම් ගත යුතු බවට පනවා තිබූ කොන්දේසිය ඉවත් කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 November 2021
“ආසාදිතයන් වැඩි වුණොත් යළි සංචරණ සීමා පනවන්න වෙයි’’ ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය 07 November 2021
අනිද්දා තෙක් තද වැසි දිවයින ආශ්‍රිතව පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අනිද්දා තෙක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2021
අඹු සැමියන් එක්ව හොරකමේ ගිහින් කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරොද රථ රියැදුරුගේ මුහුණට මිරිස්කුඩු ගසා , හිසට මිටියකින් පහර දී ත්‍රීරෝද රථය කොල්ලකා කෑ අඹු සැමි යුවළක් ,අවුරුදු තුනක දරුවකු ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි . 07 November 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026