ඩයනා අත්අඩංගුවට ගන්න පුළුවන්
ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගත්තැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ළග තබා ගැනීමේ වරදට ප්‍රමණවත් සාක්ෂි ඇති බවත්, ඇය සිදුකර ඇති වරදට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (09) දැනුම් දුන්නේය.