IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වැඩ කරන ජනතාවට අසාධාරණයක් එපා

බදු ගැසීම පිළිබඳ පුවත් මේ රටේ ජනතාවගේ ඇඟ හිරිවට්ටන මට්ටමට පත්වෙමින් තිබියදී සේවක අර්ථ සාධක අරමුදලටද බලපාන සේ අධිභාර බද්දක් අයකර ගත හැකි ගැසට් නිවේදනයක් නිකුත් වී තිබේ. දේශීය ආදායම් පනතට අනුව සමාගම් යටතට ගැනෙන අරමුදල්වලින් සියයට 25ක අධිභාර බද්දක් අයකර ගැනීමට මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනයට අනුව එම කටයුතු සිදු කෙරෙන බව ප්‍රකාශයට පත්වී තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව සේවක අර්ථ සාධක අරමුදල (ඊ.පී.එෆ්.) සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදල (ඊ.ටී.එෆ්.) ද සමාගම් වශයෙන් අර්ථනිරූපණය කර තිබීම හේතුවෙන් අධිභාර බද්දට එම අරමුදල් දෙකම යටත් වෙයි.
තක්සේරු වර්ෂයකට රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපදවන ව්‍යාපාරයකින් සියයට 25ක අධිභාර බද්දක් අයකරගත යුතුව ඇතැයි 2022 සඳහා වන අයවැය යෝජනාවකින් කියැවෙයි.

එය එක් වතාවක් පමණක් අයකර ගන්නා බද්දක් බවද ප්‍රකාශිතය. ඒ අනුව මේ තීන්දුව ක්‍රියාත්මක වුණොත් රුපියල් ට්‍රිලියන 3ක් පමණ වන එනම් බිලියන 3000ක් පමණ වන අර්ථසාධක අරමුදලේ ලාභයෙන් සියයට 25ක මුදලක් රජයට බැරවනු ඇත. එම ප්‍රමාණය රුපියල් බිලියන 65ක් පමණ වනු ඇතැයි සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයකින් දැක්වෙයි. ඒ අතර එජාප නියෝජ්‍ය ලේකම් රුවන් විජයවර්ධන මහතා ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ ඊ.පී.එෆ්. අරමුදලින් සියයට 25ක බදු ගැසීම ලජ්ජා සහගත ක්‍රියාවක් බවය. එම මුදල ඉදිරි ඡන්දවලදී භාවිත කිරීමට රජය සූදානම් වන බවටද ඔහු චෝදනා කරයි.

ඊ.පී.එෆ්. හෝ ඊ.ටී.එෆ්. හෝ යන අරමුදල්වලට අත තැබීම අධි සංවේදී ක්‍රියාවක් බව කිවයුතු නැත. අරමුදලේ ලාභයෙන් හතරෙන් එකක් රජයට බැරවීම හේතුවෙන් එයින් ප්‍රතිලාභ ලබන පෞද්ගලික අංශයේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවක සේවිකාවන්හට තම සේවා කාලය අවසානයේ ලබන ආර්ථික ප්‍රතිලාභවලට සිදුවන බලපෑම හේතුවෙනි. ඊ.පී.එෆ්. අරමුදල යනු එම සේවක සේවිකාවන් විශ්‍රාම ලැබීමෙන් පසුව ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීම සඳහා ඇති එකම ආදායම් මාර්ගය වෙයි. රජයේ සේවයෙන් විශ්‍රාම ලබන සේවක සේවිකාවන්ට විශ්‍රාම වැටුපට හිමිකම් කිව හැකි වුවද පෞද්ගලික අංශයේ හෝ රජයේ ව්‍යවස්ථාපිත අංශවල හෝ සේවක සේවිකාවන්ට එසේ නැත.

රාජ්‍ය බැංකු සේවකයන්ට පමණක් ඊ.පී.එෆ්. ප්‍රතිපාදනවලට අමතරව විශ්‍රාම වැටුපකටද හිමිකම් කියන බැවින් ඔවුන්ටද මෙයින් සිදුවන බලපෑම එතරම් දැනෙන්නේ නැත. මේ තීන්දුවෙන් වඩාත්ම අසාධාරණයට ලක්වන්නේ ලැබෙන මාසික වැටුපෙන්ද රජයට බදු ගෙවීමට සිදුවන පෞද්ගලික අංශයේ සේවකයන්ටය. රජයේ සේවකයන් බදු ගෙවන්නේද නැත. ඔවුන්ට විවිධ ආකාරයට ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාවද හිමිය. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයන්ට එම වරප්‍රසාද ලැබෙන්නේ සීමාසහිතව බවත් මෙහිදී පෙන්වා දිය යුතුය.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අදාළව රුපියල් කෝටි 200ට වැඩි වාර්ෂික ලාබයක් උපයන පුද්ගලයන්ගෙන් සහ හවුල් ව්‍යාපාර හෝ සමාගම්වලින් අයකර ගනු ලබන මේ බද්ද ලබන අප්‍රේල් 1 වැනිදා ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව අය කිරීමට නියමිත බවද සඳහන්ය. අදාළ පනතට අනුව ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල් පමණක් නොව විශ්‍රාම පාරිතෝෂික අරමුදලද සමාගම් යටතට ගැනෙයි.

මේ හේතුවෙන් මෙම අධිභාර බද්ද පිළිබඳව පෞද්ගලික අංශ සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවක සේවිකාවන් අතර ප්‍රබල කතිකාවක් නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ බැහැර නොකළ යුතුය. එය වෘත්තීය සමිති අතරද මාතෘකාවක් බවට පත්වී විපක්ෂයේ දේශපාලන පක්ෂවල සටන්පාඨයක් බවටද පත්වුණොත් මේ තීන්දුව බරපතළ අභියෝගයකට ලක්වෙන බව නිසැකය.

මේ අතර සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ ඇමැතිවරයා කැබිනට් තීන්දු දැනුම් දීමේ රැස්වීමේදී ප්‍රකාශ කර තිබුණේ අධිභාර බද්ද යටතේ රජයේ ආයතනයකින් බදු අය කිරීම පිළිබඳව තීරණයක් ගෙන නැති බවය. එය එක වතාවක් පමණක් සිදුකෙරෙන බදු අය කිරීමක් බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. රජය එසේ තම ස්ථාවරය පැහැදිලි කළත් විපක්ෂය චෝදනා කරන්නේ ලාභය මත පනවන සියයට 25ක විශේෂ අධිභාර බද්ද වැඩකරන ජනතාව කොල්ලකෑමකට හසුකර ඇති බවය. ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. සහ විශ්‍රාමික පාරිතෝෂික අරමුදල එම බද්දට යටත් කිරීමෙන් වැඩකරන ජනතාව ඉතිරි කර ඇති මුදල පික්පොකට් ගැසීමට රජය කටයුතු කර ඇති බවටද විපක්ෂය චෝදනා කරයි.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රජයට දැඩි තීන්දු ගැනීමට සිදුවන බව නොරහසකි. එහෙත් එවැනි තීන්දුවලින් රටේ වැඩකරන ජනතාවට අසාධාරණයක් වීමට ඉඩක් තැබිය යුතු නැත. බදු දැල්වලින් රිංගා බිලියන ගණනින් මුදල් ගසා කන, එතෙර බැංකුවල මුදල් පොදි ගසන තෝරු මෝරු ගණයේ ධනවතුන්ට ලිස්සා යාමට ඉඩ දී තමන් අන්තිම අමාරුවෙන් ජීවිතේ ගැටගසාගෙන ජීවිත කාලයක් ඉතිරි කරගන්නා මුදලට තට්ටු කිරීම සඳහා අණපනත් යොදා ගන්නා බවට වැඩකරන ජනතාවගෙන් චෝදනා එල්ල වීමට ඉඩ තිබෙන බව රජය තේරුම් ගත යුතුය. එය චෝදනාවකින් නොනැවතී වැඩබිමෙන් මහපාරට එන සටනක් බවට පත්විය හැකි බවද පෙන්වාදීමට කැමැත්තෙමු.

(***)



අදහස් (0)

වැඩ කරන ජනතාවට අසාධාරණයක් එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 446 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site