අදහස් දැක්වීම - ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ, වෘත්තීය මාර්ගෝපදේශක , මනෝ උපදේශක, මනෝ චිකිත්සක, අකිල ඖෂධ බණ්ඩාර මහතා
ආරම්භය
1999 කැරබියෙන් දූපත් ආශ්‍රිතව ජීවත් වූ ආචාර්ය ජෙරොම් ටීලුක්සිං (Dr. Jerome Teelucksingh) නැමැතු ආචාර්යවරයා නොවැම්බර් 19 වන දිනට ආචාර්ය ටීලුක්සිංගේ පියාගේ උපන්දිනයට ගෞරවයක් වශයෙන් මෙම දිනය යොදාගෙන තිබේ.
ආචාර්ය ටීලුක්සිං කියා සිටියේ, මෙම දිනය ජාත්‍යන්තර වැදගත්කමක් ඇති දිනයක් විය යුතු බවත්, එදිනට ඔහුගේ පියාට ගෞරව දැක්වීම තුළින් ඔහුට පිරිමින්ට ආදර්ශයක් ලෙස සේවය කළ පෞද්ගලික චරිතයක් ඉස්මතු කිරීමට අවශ්‍ය වූ බවත්ය.
ව්‍යාප්ත වීම
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හිදී ආරම්භ වුවද, මෙම අදහස අනෙකුත් කැරිබියන් රටවල් සහ පසුව ඕස්ට්‍රේලියාව, යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව ඇතුළු ලොව පුරා රටවල් විසින් ක්‍රමයෙන් පිළිගෙන සමරන්නට පටන් ගත්තේය.
වර්තමානයේදී, රටවල් 80කට වැඩි ගණනක් නොවැම්බර් 19 වන දින ලෝක පිරිමින්ගේ දිනය සමරති.
කෙටියෙන් කිවහොත් ලෝක පිරිමින්ගේ දිනය 1999 වසරේදී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හිදී, ආචාර්ය ජෙරොම් ටීලුක්සිං විසින්, පිරිමින්ගේ දායකත්වය සහ යහපැවැත්ම ඉස්මතු කිරීමේ අරමුණින් ආරම්භ කරන ලදී.
මූලික අරමුණ
ආචාර්ය ටීලුක්සිං මෙම දිනය ආරම්භ කළේ, පිරිමින් මුහුණ දෙන ගැටලු පිළිබඳව ගෝලීය අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් පසුවය. ඒ වන විටත් ජාත්‍යන්තර කාන්තා දිනයක් තිබූ නමුත්, පිරිමින්ගේ යහපැවැත්ම, සෞඛ්‍යය (විශේෂයෙන් මානසික සෞඛ්‍යය) සහ සමාජයේ ධනාත්මක දායකත්වයන් ඇගයීමට වෙනම ජාත්‍යන්තර දිනයක් නොතිබුණි.
ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ,
* ධනාත්මක පිරිමි ආදර්ශ ප්‍රවර්ධනය කිරීම.
* පිරිමින්ගේ සෞඛ්‍යය පිළිබඳ ගැටලු ඉස්මතු කිරීම.
* ස්ත්‍රී පුරුෂ සබඳතා වැඩිදියුණු කිරීම සහ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම.
මේ ආකාරයට ආචාර්ය ජෙරොම් ටීලුක්සිං (Dr. Jerome Teelucksingh)පටන් ගත්ත මේ දිනය ලෝක පිරිමින්ගේ දිනය වශයෙන් නම් කර මේ වන විටත් පවත්වායෙන යයි. මෙලෙස නම් කරන ලද පිරිමින්ගේ දිනයේ පොදු තේමා පාඨයක් තිබේ . එනම් අපි කොහොමද පිරිමින්ට සහ පිරිමි ළමුන්ට උදව් වන්නේ යන්නයි. ඒ වගේම සෑම අවුරුද්දකම මෙම දිනයට ප්‍රධාන තේමාවක් යොදාගන්නා අතර මෙම ප්‍රධාන තේමාව ඇරුණු කොටගෙන මේ දිනයට අනු තේමාවන් කිහිපයක් අදාල වේ. ජාත්‍යන්තර පිරිමින්ගේ දිනයේ මෙවර තේමාව ලෙස පිරිමින්ගේ සිය දිවි නසා ගැනීම වළක්වන්නේ කොහොමද කියන කාරණය පිළිබදව අවධානය යොමුවී තිබේ. එය හරිම වැදගත්. එයට හේතුව වන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව තුළත් වැඩිපුරම සියදිවි හානිකර ගනීම් වාර්තාවෙන්නේ පිරිමි පුද්ගලයන් අතර වීමයි. මෙය තේමා පාඨය කරගත්තත් ලෝක පිරිමින්ගේ දිනය සමරන විට අපි අවධානය යොමු කළ යුතු විවිධාකාර වූ කාරණාවන් කිහිපයක් තිබේ. පිරිමින්ගේ පෞරුෂත්වය, පිරිමින්ගේ ගෞරවය,පිරිමින්ගේ නිදහස කියන දේ අපි හැම වෙලාවකම අවධානයට යොමු කල යුතුයී . අපි බොහෝ වෙලාවට කාන්තා පාර්ශවයන් ළමුන් පිළිබඳව වැඩියෙන් කතාබහට ලක් කලත් පොදුවේ පිරිමි පාර්ශ්වය පිළිබඳව කතාබහට ලක් කිරීම බොහොම අඩුයි. ඒ වගේම පිරිමි පාර්ශ්වයටද කාන්තාවන්ට මෙන්ම නොවුනත් අඩු වැඩි වශයෙන් සිදුවන අඩත් තේට්ටම් , හිංසනයන්, ගෘහෂිතව සහ ඕනෑම තැනක සිදුවිය හැකියි සහ සිදුවේ. ජීවත්වීමේ සමානාත්මතාවය තුළ යම් යම් දේවල් පිරිමින්ගේ පාර්ශවයෙන් සිදු වුණත් පිරිමින්ටත් ප්‍රශ්න තිබේ. ඒ නිසා මෙවැනි දිනයක් සැමරීමේ අත්‍යාවශ්‍යතාවය එකල ආරම්භ කිරීමට හේතු වන්නට ඇත්තේ .ඒ කෙසේ හෝ වේවා පිරිමින්ටත් ගෞරවයක් තිබෙනවා, පිරිමි වශයෙන් ගෞරවාන්විතව ජීවත් වෙමින් හොඳ පෞරුෂයකින් ජීවත්වීම සහ අන් අයගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගරු කරමින් ජීවත් වීමට පිරිමින් සියලු දෙනා වගකීමක් සහ යුතුකමකින් කටයුතු කල යුතුයි. ඒ නිසා ලෝක පිරිමින්ගේ දිනය සමරන මේ මොහොතේ පිරිමි ඔබගේ නිදහස මෙන්ම අනෙක් අයගේ නිදහස ,සමනාත්මතාවය ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය වගේම සතුටින් සිටීමට හැමෝටම ඇති අයිතිය පිරිමින් වශයෙන් ඔබ දැන කියාගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න.
ජාත්‍යන්තර පිරිමින්ගේ දිනයේ (International Men's Day - IMD) මූලික අරමුණු නියෝජනය කරන කුළුණු හය (Six Pillars)
* ධනාත්මක පිරිමි ආදර්ශ ප්‍රවර්ධනය (Promoting Positive Male Role Models): සාමාන්‍ය මිනිසුන්ගේ සිට ප්‍රසිද්ධ පුද්ගලයන් දක්වා සියලු ආකාරයේ ධනාත්මක පිරිමි ආදර්ශයන් සැමරීම.
* පිරිමින්ගේ දායකත්වය ඇගයීම (Celebrating Men's Contributions): පවුල, ප්‍රජාව, විවාහය, දරුවන් රැකබලා ගැනීම සහ පරිසරය සඳහා පිරිමින් කරන ධනාත්මක දායකත්වයන් අගය කිරීම.
* පිරිමින්ගේ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම (Focusing on Men's Health): පිරිමින්ගේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම.
* පිරිමින්ට එරෙහි වෙනස්කම් ඉස්මතු කිරීම (Highlighting Discrimination Against Males): සමාජ සේවා, සමාජ ආකල්ප සහ නීති ක්ෂේත්‍රවල පිරිමින්ට සහ පිරිමි ළමයින්ට එරෙහිව සිදුවන වෙනස්කම් සහ අසාධාරණයන් ඉස්මතු කිරීම.
* ස්ත්‍රී පුරුෂ සබඳතා වැඩිදියුණු කිරීම (Improving Gender Relations): ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතර සබඳතා වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීම.
* වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීම (Creating a Safer, Better World): පිරිමින්ට සහ පිරිමි ළමයින්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා විය හැකි ආරක්ෂිත, වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම.
මෙම කුළුණු මගින් පෙන්වා දෙන්නේ IMD හි පුළුල් අරමුණ වන්නේ සමබර සහ සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම බවයි.
පියුමිකා වීරසූරිය
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2558
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලෝක පිරිමින්ගේ දිනය (International Men’s Day - IMD) අදයි