IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රටට වැඩකළ ගාමිණී අතුකෝරළ

හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණී අතුකෝරළ මහතාගේ 16 වැනි ගුණ සමරුව අදට (1) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගාමිණි අතුකෝරළ මහතාගේ දේශපාලන සංධිස්ථානය ඇරඹුණේ 1977 වර්ෂයේදීය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකකෙු ලෙස කටයුතු කරමින් සිටියදී නිවිතිගල ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ අපේක්‍ෂකයා ලෙස තරග කිරීමේ භාරදූර වගකීම ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ගාමිණී අතුකෝරළ මහතාට පවරන ලදී. ඔහු 1977 පැවැති මැතිවරණයෙන් නිවිතිගල ආසනයේ ඡන්ද 17450ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්‍ෂ නව රජයේ යෞවන කටයුතු හා රැකී රක්ෂා නියෝජ්‍ය අමාත්‍ය ධුරය ඔහුට හිමි විය.

මෙරට තරුණ පරපුර වෙනුවෙන් 1977 සිට සුවිශාල මෙහෙවරක් ඉටුකිරීමට ඔහුට හැකි විය. ජාතික තරුණ සේවා සභාවට නව ජීවයක් ලබා දෙමින් මෙරට කලා කෙතට නව නිර්මාණකරුවන් රැසක් බිහිකර දෙන්නට ඔහුගේ කැපවීම සුවිශේෂී විය. රටේ සියලුම තරුණ කොටස් සඳහා රැකී රක්ෂා රැසක් බිහි කරන්නටත් තරුණ තරුණියන්ගේ කුසලතා ඔප් නංවන්නටත් ගාමිණී අතුකෝරළ තරුණ නායකයාට හැකි විය.

1989 පැවැති මහමැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්‍ෂට ඡන්ද 1,96,323 ලබා දෙමින් යළිත් වරක් එක්සත් ජාතික පක්‍ෂ රජය පිහිටුවන්නට විශාල දායකත්වයක් ලබා දුන්නේය. මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායමේ පළමුවැනියා බවට පත් වෙමින් ගාමිණී අතුකෝරළ මහතා ඡන්ද 53420 ක් ලබා ගැනීමට සමත් විය.

1989 දී ලද සුවිශේෂී ජයග්‍රහණයත් සමග එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔහුට මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දුන්නේය.

මහවැලි ගොවි ජනපද බිහි කිරිමේදී සුවිශේෂී නායකත්වයක් දෙමින් තම අමාත්‍ය ධුරයේ වගකීම් ඔහු නොපිරිහෙලා ඉටුකළේය. රටට බත සපයන ගොවියාට ජාතික වශයෙන් විශාල මෙහෙවරක් ඔහු ඉටුකරන අතර තම මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්ද අනගි මෙහෙවරක් ඉටු කළේය. විශේෂයෙන් නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ නොදියුණු ගම්මාන දියුණු කිරීම, මාර්ග පාලම් සැකසීම, ස්වයං රැකියා ජනිත කිරීම ඒ අතර ප්‍රධාන වේ. ග්‍රාමීය නිවාසක්‍රම, ජල යෝජනා ක්‍රම, තැපැල් කාර්යාල, රෝහල් නවීකරණය කිරීම අතුකෝරළ මහතාගෙන් ඉටු වූ විශාල ජනතා මෙහෙවරයන්ය. 1990 දී ඉඩම් වාරි මාර්ග හා මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතුකෝරළ මහතා ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදෙමින් වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කර ගොවි ජනපද ස්වයංපෝෂිත කිරීමටත් අතිවිශාල දායකත්වයක් ලබා දුන්නේය.

1993 දී එවකට ජනාධිපති රණසිංහ මහතාගේ අභාවයෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ නව නායකත්වය දිවංගත ඩී.බී. විජේතුංග මහතා යටතේ ද සිය දේශපාලන ගමන් මග නොසැලී ඉදිරියට ගෙන යාමට ගාමිණී අතුකෝරළ මහතාට ශක්තිය ලැබුණි. එක්සත් ජාතික පක්‍ෂයේ සෑම නායකයෙකු යටතේම ඔහු අවංකවත් කාර්යශූරවත් තම වගකීම මනාව ඉටුකළේය. 1993 දී වන සම්පත් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය ධුරයට ගාමිණී අතුකෝරළ මහතා පත් කෙරිණි.

කහවත්ත නගරය අංග සම්පූර්ණ නගරයක් බවට පත් කිරීමටත්, පොල් අතු සෙවිලි කළ මහජන පොළ වෙනුවට කඩකාමර 200කින් යුතු පොදු වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීම ගාමිණී අතුකෝරළ මහතාගේ සුවිශේෂ මෙහෙවරකි. කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයට නව ගොඩනැගිලි ඉදිකර දීම රෝහල් ප්‍රතිංස්කරණය කිරීම ද ඔහුගේ සේවාවන් අතර කැපී පෙනේ. යෞවන සමාජ සම්මේලන පිහිටුවමින් ගාමිණී අතුකෝරළ මහතා ජාතික වශයෙන් තරුණ පරපුරට සුවිශාල වටිනාකමක් එකතු කළේය.

1994 පැවැති මහමැතිවරණයෙන් මනාප 82686 ක් ලබා ගනිමින් යළිත් වරක් පාර්ලිමේන්තුවට තේරි පත් වූ ඔහු 1995 දී එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට නව ශක්තියක් වෙමින් එහි මහලේකම් ධුරයට පත් විය. 1994 එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩු බලය පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් නිසා විපක්‍ෂයේ සිට සිය ජනතාවාදී සටන මෙහෙ වීමට කටයුතු කළේය.

2000 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු මනාප 109102 ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායමේ පළමුවැනියා බවට පත්විය. එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත්වූ අතර තම පක්ෂ නායකයා සමග දිගින් දිගටම තම පක්‍ෂය රැක ගැනීමට දිවා රෑ වෙහෙසෙමින් අතිමහත් වූ තාඩන පීඩන හා මරණ තර්ජන හමුවේ මහා හස්තිරාජයකු සේ කටයුතු කළේය. 2001 දී එක්සත් ජාතික පක්‍ෂයේදී උපනායක ධුරයට පත්විය.

2001 මැතිවරණය ජයගත් ගාමිණී අතුකෝරළ මහතාට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යටතේ ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍ය ධුරය හිමි විය.

ශ්‍රී ලාංකීය ජන සමාජය වෙනුවෙන් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අනුපමේය සේවයක් කළ මෙම දේශපාලන නායකයා 2002 ජනවාරි මස 1 වැනිදා හිරු උදාවන විට සිය ජනතා මෙහෙවර අවසන් කර අවසන් හුස්ම වාතලයට මුසු කරමින් ජාතියෙන් සමු ගත්තේය.

හිටපු අමාත්‍ය ගාමිණී අතුකෝරළ මහතාට නිවන් සුව පතමු.


නලීන් රාජපක්‍ෂ



අදහස් (2)

රටට වැඩකළ ගාමිණී අතුකෝරළ

අසංක Monday, 01 January 2018 10:55 AM

රටට ආදරය කළ සැබෑ ජනහිතකාමී නායකයෙක්...

:       46       29

kumar Tuesday, 02 January 2018 03:53 AM

කිසිම දූෂණ චෝදනාවක් නැති තම සේසත ජනතාව වෙනුවෙන් වියදම් කල, කුඩා මිනිසාට සැලකු උතුම් මනුෂ්‍යයෙක්. රටේ අවාසනාවට රටට අහිමුවූ තවත් නායකයෙක්. ඔබට නිවන් සුව පතමු

:       3       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 990 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site