IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


යෝජනා පමණක් මදි: ක්‍රියාත්මක වීමත් ඕනෑ

මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකරන ලද ලිපියක් මගිනි. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සකස් කර ඇති අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බවද එම ලිඛිත දැනුම් දීමෙන් පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තුවේ කෙරෙන කටයුතු පිළිබඳ සෑහීමකට පත්වන්නේදැයි මෙරට පොදු මහජනතාවගෙන් කිසියම් විමසීමක් කළහොත් ලැබෙන පිළිතුර බෙහෙවින් ඍණාත්මක වනු ඇති බව සැකයකින් තොරව පැවසිය හැක.

පාර්ලිමේන්තුව තුළ සිටින්නේ තමන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ලද මන්ත්‍රීන් පිරිසක් වුවද ඔවුන්ගෙන් රටට ලැබෙන සේවය සම්බන්ධයෙන් මහජනතාව තුළ දැඩි විවේචනයක් තිබීම ඊට හේතුවය.

බොහොමයක් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් තමන්ට ලැබෙන වරප්‍රසාද සහ වරදාන පිළිබඳ සැලකිලිමත් වුවද රටේ ජනතාවගේ ප්‍රශ්න කතාබහ කිරීමට යොදවන කාලය ප්‍රමාණවත් නැති බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. එය එසේ සිදුවිය යුතු නැත.

ඒ අර්ථයෙන් බලන විට ජනාධිපතිවරයා ලිඛිත දැනුම්දීමක් කරමින් කථානායකවරයාට පෙන්වා දී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු දැනට වඩා කාර්යක්ෂමව සිදුවිය යුතු බවය. පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඔවුන් සියලු‍දෙනාගේ එකඟත්වයෙන් ක්‍රියාවට නැංවිය යුතු යෝජනාද එක තැන පල්වෙන්නේ නම් සෙසු කාරණා ගැන කියන්න දෙයක් නැත. ඉදිරි කාලයේදී වඩාත් කාර්යක්ෂම ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවනු ඇතැයිද නියමිත ලෙස පිහිටුවිය යුතු කාරක සභා අප්‍රමාදව පිහිටුවනු ඇතැයිද යන්න ජනාධිපතිවරයාගේ කැමැත්ත බව පෙනෙන්නට තිබේ.

මෙරට දිගුකාලීන, මධ්‍යකාලීන සහ කෙටිකාලීන වශයෙන් වෙනස්කම් සිදුවිය යුතු බවට ප්‍රබල කතිකාවක් කාලයක සිටම ගොඩ නැගෙමින් තිබේ. එවැනි වෙනස්කම් වෙනුවෙන් රටේ වෘත්තිකයෝද උගත් බුද්ධිමත් කණ්ඩායම්ද පමණක් නොව ශිෂ්‍ය ව්‍යාපාරද පෙනී සිටිති. මේ වෙනස්කම් අපේක්ෂාවෙන් ඉදිරිපත් කෙරුණු යෝජනා අතුරින් බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථිකය ස්ථායීකරණ පිළිබඳ කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව යනුවෙන් හඳුන්වන රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා කිසිවක් තවම පත්කර නැත. රටේ ආර්ථික අර්බුදය විසඳාගැනීමේදී ඉතා වැදගත් කාරක සභා වන මේවා පත්කර ගැනීම පවා ප්‍රමාද වීම ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් සිදුව ඇති බවට වන චෝදනා ද ඉදිරි දිනවලදී එල්ල වීමටත් ඉඩ තිබේ. ගැටලු‍ විසඳාගැනීමට නම් ඒ සඳහා වන යාන්ත්‍රණයද කාර්යක්ෂම විය යුතුය. එහෙත් සිදු නොවෙන්නේද එයමය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයන් පස් දෙනකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනාද ක්‍රියාත්මකව නැති බවත්ය. ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවද ඒ සඳහා මෙතෙක් සභාපතිවරුන් පත්කර නැත. ලබන වසරේ අයවැය ක්‍රියාත්මක වනවිට මෙම යෝජනා ක්‍රියාත්මක කළ හැකි අතර එමගින් රජය අපේක්ෂා කරන පද්ධතිමය වෙනස ඉතා ඉක්මනින් ළඟාකර ගැනීමට හැකිවනු ඇති බවට ජනාධිපතිවරයා සිය දැනුම්දීමේදී විශ්වාසය පළකර තිබිණි. එහෙත් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක නොවන්නේ නම් මේ ඉලක්කය ජයගැනීම සිහිනයක් පමණි. දැන් රට පවතින තත්ත්වයේ හැටියට සිහින දැක දැක ප්‍රමාද වීමට කාලයක් නැත.

යෝජනා ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සතුටුදායක නැත්තේ ඒ සඳහා කළයුතු පත්කිරීම් සිදු නොවීම හේතුවෙන් බව පැහැදිලිය. එය එසේ වීමට හේතු තිබිය යුතුය. මේ හේතු දේශපාලන කාරණා නම් ඒවා විසඳාගැනීම පක්ෂ නායකයන්ගේ වගකීම බව පෙන්වා දෙමු. මහජනතාවගේ බදු මුදලින් සියලු‍ වරප්‍රසාද භුක්ති විඳින මැති ඇමැතීන්ට එම වගකීම ඉටුකළ නොහැකි නම් එය රටේ අවාසනාව බව කිවයුතුය. එය වගකීම් ඉටු නොකර ප්‍රමාද කරන මැති ඇමැතීන් තෝරා පත්කර යැවූ ඡන්ද දායකයාගේ බලාපොරොත්තු බිඳ දැමීමකි.
පාර්ලිමේන්තුවේ කටයුතු ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නැත. ඕනෑම කාර්යයක් ඉටු කිරීමට අවශ්‍ය සියලු‍ සම්පත් එහි තිබෙන අතර සම්පත් දායකයෝ පාර්ලිමේන්තුවේ සිටිති. එසේ නම් වැඩ ප්‍රමාද වීමට හේතුව ඕනෑකමක් නොතිබීම විය යුතුය.

රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයක සිටින අවස්ථාවක වෙනදාටත් වඩා කාර්යක්ෂමව කටයුතු කිරීමට සියලු‍ රටවැසියන් කටයුතු කළ යුතුය. ඒ සඳහා ඉහළම ආදර්ශය ලැබිය යුත්තේ පාර්ලිමේන්තුවෙනි. එතැන ප්‍රගතිය සතුටුදායක නොමැතිවීමෙන් පෙන්වා දෙන්නේ එම ආදර්ශය නොලැබෙන බවය. එය වහාම නිවැරදි කරගත යුතු තත්ත්වයක් බව සඳහන් කරමු.

(***)



අදහස් (5)

යෝජනා පමණක් මදි: ක්‍රියාත්මක වීමත් ඕනෑ

Bamunuarachchi Thursday, 10 November 2022 01:12 PM

ඔයා අවුරුදු 45 පාර්ලිමේන්තුව හිටියා. මොනවද කළේ? පොල් ගෑවාද?

:       4       5

SISIRA Thursday, 10 November 2022 07:18 PM

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වනුයේ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව තුළදී සිදුකළයුතු සහ සිදුවිය යුතු වගකීම් සහ වගවීම් නිසියාකාරව සිදුනොවන බවත් අකාර්යක්ෂම ලෙස මේ ආකාරයෙන් ඉදිරියටත් කටයුතු කළ නොහැකි බවකි.

:       0       7

Sunil Friday, 11 November 2022 07:42 AM

මෙය ක්‍රියාත්මක කළ එක යෝජනාවක් පෙන්වන්න.

:       4       4

Bernard Fernando Friday, 11 November 2022 11:46 AM

පාර්ලිමේන්තුවේ සභාගත කළයුතු ඉතාමත් වටිනා කතුවැකියක්...

:       0       7

Kumara Saturday, 12 November 2022 02:58 AM

ඒක තමයි අපිත් කියන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14408 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 416 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 252 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site