IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මොරගහකන්දේ වන සත්තු මස්කර විකුණන ජාවාරමක්

(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද රක්ෂිතයේ දී සතුන් මරා නාඋල - අඹන ප‍්‍රදේශයේ දී අලවි කරන ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව අඹන ප‍්‍රදේශවාසිහු පවසති.

මොරගහකන්ද ජලාශයට යටවන රක්ෂිත ප‍්‍රදේශවල වර්ෂාවත් සමඟ නිදැල්ලේ හැසිරෙන වන සතුන් දඩයම් කර මස් පිණිස අඹන ප‍්‍රදේශයේ දී අලවි කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

රහසිගතව සංවිධානාත්මක කල්ලියක් සතුන් මරා මස්කර අලවිය සඳහා වෙනත් පාර්ශව යොදාගනිමින් මෙම ජාවාරම ක‍්‍රියාත්මක බව අඹන ප‍්‍රදේශයේ පිරිස් සඳහන් කරති.

මුවන්,ගොනන්,මීමින්නන් මෙන්ම වල් ඌරන් මේ අයුරින් මස් කර අලවි කරන බවත් මේ සඳහා සමාජයේ විවිධ පුද්ගලයන්ගේ  රැකවරණය ද ලැබෙන බව ප‍්‍රදේශවාසිහු පවසති.

මස් ලබාගැනීම සඳහා පැමිණෙන ගැනුම්කරුවන් එක් දිනක දී එක් ස්ථනයක දීත් තවත් දිනක දී වෙනත් ස්ථානයක දීත් මුණ ගැසී මස් අලවි කරන බව ද  ඔවුහු පවසති.

මෙම දඩ මස් ජාවාරම සම්බන්ධයෙන් නාඋල පොලිස්ථානයෙන් අද (30) කළ විමසීමක දී වැඩබලන ස්ථානා‍ධිපති පොලිස් පරික්ෂක නිශාන්ත මහතා පැවසුවේ මහජනතාවගේ තොරතුරු නිසි පරිදි ලැබෙන්නේ නම් එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරිම පහසු වන බවයි.

කෙසේ වෙතත් පොලිස්ථානය මගින් සිදුකරනු ලබන ජංගම මුර සංචාරක සේවා  දැනුවත් කරන බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ දී කිසිවෙකුට ගැටළුවක් පවතින්නේ නම් තමන්ට පෞද්ගලිකවම දැනුම් දෙන ලෙස ද වැඩබලන ස්ථානාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (5)

මොරගහකන්දේ වන සත්තු මස්කර විකුණන ජාවාරමක්

Sampath Monday, 30 October 2017 09:40 AM

ඇයි මහ ජනතාවද ඒකටත් තොරතුරු දෙන්න ඕනේ? පොලිස්සිය නිදිද?

:       1       42

kumar (galf) Monday, 30 October 2017 10:21 AM

වල් ඌරන් නම් අඩුකරනෙක හොඳයි. දුප්පත් ගොවීන්ගේ ගොවිතැන් හානි කරන එක අඩුකර ගන්න.

:       5       134

kumara Tuesday, 31 October 2017 10:54 AM

සබ්බේ සත්තා භවන්තු සුඛි තත්වා- සියලු සත්වයෝ සැපයට පත් වේවා.!

:       0       0

dimuth Wednesday, 01 November 2017 05:36 AM

ඒක පුදුම පොලීසියක්නේ?

:       0       0

Sampath Monday, 06 November 2017 02:45 AM

සතුන් මරන්න වස පාවිච්චි කරනවා. ඒක නොදැන මිනිස්සු ඒවා කාලා ලෙඩ හදාගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site