IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දරුවන්ගේ කුසලතා වර්ධන වැඩසටහන් නතර කරනු එපා

මුදල් ප්‍රතිපාදන වෙන් වී නැති නිසා මේ වසරේ රාජ්‍ය  ළමා නාට්‍ය උළෙල  නොපැවැත්වීමට ඉඩ ඇති බව නොබෝදා අප පුවත්පත වාර්තා කළේය. වාර්ෂිකව රටේ ළමා නාට්‍ය රචකයන්ගෙන්   ඉදිරිපත් වන ළමා නාට්‍ය පිටපත්වල ගුණාත්මක බව පළමුවෙන්ම විද්වත් මණ්ඩලයක ඇගයුමට ලක් කොට, දෙවැනි සහ  අවසාන වටයකින් සමන්විතව, වාර්ෂිකව  ඉදිරිපත් වන හොඳම ළමා නාට්‍ය නිෂ්පාදන තෝරා සම්මාන පිරිනැමීම දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ නොකඩවා සිදු කෙරිණි.

නාට්‍ය යනු ගද්‍ය සහ පද්‍ය සාහිත්‍ය, චිත්‍ර නර්තන, රංගන, සංගීත ඇතුළු සියලු‍ කලාවන් සංකලනය කොට කරළිය මතට ගෙන එන්නාවූ ජීවී  දෘශ්‍ය කලාවකි. නාට්‍ය නිර්මාණවලට  ඕනෑම අයුරකින් දායකවන දරුවාගේ නිර්මාණාත්මක හැකියාව සෑම අතින්ම වර්ධනය වේ.

වේදිකා නාට්‍ය  රස වින්දනය දරුවාගේ නිර්මාණාත්මක ශක්තිය වඩාත් හොඳින් වර්ධනය කරවන්නකි. නාට්‍ය රසවින්දනයෙන් පෝෂණය ලබන දරුවාගේ නිර්මාණාත්මක හැකියාව විද්‍යා කලා වාණිජ යන සෑම අංශයක් ඔස්සේ විෂය සීමා බිඳ හෙළමින් වර්ධනය වේ.

අප හොඳම  දේ දරුවන්ට දිය යුතුය. මන්දයත් අනාගතය දරුවන්ගේ බැවිනි. නිර්මාණාත්මක කුසලතාව වර්ධනය වූ දරුවා රටට සම්පතකි. එහෙත් අප දරුවන්ට හොඳම දේ දී ඇත්තේ ද?

1960-70 දශකවල ගුවන් විදුලිය ඔස්සේ ළමා ගීත කලාවක් වර්ධනය වී තිබිණි. ළමා මණ්ඩපය ඔස්සේ, නන්දා මාලිනී, අමිතා දළුගම, ඉන්ද්‍රාණි විජයබණ්ඩාර, නිරංජලා සරෝජනී ආදී අතිදක්ෂ ශිල්පිනියන් බිහිවූයේ ඒ හා සමාන්තරවයි. රූපවාහිනී මාධ්‍ය භාවිතයට පැමිණීමත් සමඟ එකී ළමා ළමා ගීත සාහිත්‍යය වියැකී ගියේය.

ටයිටස් තොටවත්ත වැනි කලාකරුවන්ගේ මෙහෙයවීම යටතේ ළමයින්ට උචිත සැකිලිරූ වැඩසටහන් නිර්මාණ බිහිවිය. කාලයත් සමඟ එම යුගය ද නිමා විය. කාලයත් සමඟ කිසිදු ප්‍රමිතියකින් තොර වූ කාටුන්  චිත්‍රපට හා වැඩසටහන් ළමයින් උදෙසා රූපවාහිනී නාලිකාවලින් ප්‍රදර්ශනය වන්නට  පටන් ගත්තේ, ළමා මනස සුන්දරත්වයට යොමු කරනවා වෙනුවට යාන්ත්‍රීකරණයට භාජන කරන කාටුන් වැඩසටහන් බහුල වෙමිනි.   ඉන්පසු ළමයින් උදෙසා වූ  කාටුන් කලාවද වල් බිහි වූයේය.

ඉන් අනතුරුව රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ළමයින් සහභාගි කරගෙන ළමයින්  උදෙසා කළ වැඩසටහන් නිර්මාණය වූයේ ළමයා යනු කවුද යන්න හරිහැටි අවබෝධ කර නොගෙනයි. එවැනි බොහෝ වැඩසටහන් ඉදිරිපත් කර තිබුණේ ළමයා යනු ‘පොඩි මිනිසකු’ ලෙස සලකාය. ළමයා යනු පොඩි මිනිසා නොවේ.

ළදරු කාලයේ පටන් සියුම්ව  මනසින් හා සිරුරෙන් වර්ධනය වන ළමයා උදෙසා නිර්මාණ ඉදිරිපත් කළ යුත්තේ ළමයා මනෝවිද්‍යාත්මකව සියුම්ව අත්දැකීම්, සෞන්දර්ය හා විෂය කරුණු ග්‍රහණය කරගන්නා ආකාරය ගැන විමසිල්ලෙනි. වර්තමානයේ රූපවාහිනී වැඩසටහන් දුටු විට පොඩි මිනිසකු ලෙස සලකා ළමයින් ගෙන් ප්‍රශ්න විමසන ආකාරය දැකගත හැකිය. වැඩිහිටි අත්දැකීම් ගැන කියවෙන ගීත උස් හඬින් ගයන ළමයින්ගේ කට හඬවල් ඇතැම්විට බස්රථවල ස්පීකර් ඔස්සේද කනට ඇසේ.

පාසල් යන වයසේ දරුවන්, ගුටිබැට හුවමාරු කර ගන්නා අයුරු, ක්‍රීඩා  තරගවලින් අනතුරුව එකිනෙකාට පහර දෙන අයුරු පෙන්වන  දර්ශන අපි පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ දුටිමු. ළමයින් ප්‍රචණ්ඩ වීම පිළිබඳ වගකීම වැඩිහිටියන් වූ අප ද යම් තරමකින් භාරගත යුතුය. සෞන්දර්ය වෙත නිසි ලෙස යොමු කරන දරුවා ගේ ශක්තිය පිටතට විහිදෙන්නේ වඩාත් සෞන්දර්යාත්මකවය. දරුවාගේ දඟ නිර්මාණාත්මකව පිටතට තත්වාන්තරය කිරීම  සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ඔස්සේ කළ හැකිය.

රාජ්‍ය නාට්‍ය උළෙලේ  නිර්මාණ එළි දුටුවේ විද්වත් සභාවක විධිමත් පරීක්ෂාව යටතේ ය. නිසි ප්‍රමිතියකින් යුතු ළමා නාට්‍ය නිර්මාණ, රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ දී එළි දුටුවේය. දැන් ප්‍රතිපාදන වෙන් නොවීම හේතුවෙන් නවතා දැමීමට සැරසෙන්නේ  එවන් වටිනාකමකින් යුක්ත වූ, ළමයින් උදෙසා කළ නිර්මාණයන්ය.

එවැනි නිර්මාණ ළමයින්ගෙන් ඈත් කරන්නට වැඩිහිටියන්ට අයිතියක් තිබේද? කළ යුත්තේ ළමා නාට්‍ය උළෙල නවතා දැමීම නොව, ළමා නාට්‍යකරණය රටපුරා ව්‍යාප්ත කොට නිර්මාණාත්මක  කුසලතා ඇති දරුවන් බිහි කිරීම උදෙසා ළමා නාට්‍ය උපයෝගී කර ගැනීමය.

(***)



අදහස් (1)

දරුවන්ගේ කුසලතා වර්ධන වැඩසටහන් නතර කරනු එපා

himal Thursday, 08 June 2023 08:54 AM

නාට්‍ය උළෙල තියන්න රටේ බදු සල්ලි හෝ ණය සල්ලි ගන්න විදිහක් නෑ කියන්න ලොකු වැල්වටාරමක් ලියලා. ඇයි එහෙනම් විකල්ප ඉදිරිපත් කරන්නේ නැත්තේ? ඔය සම්මාන දෙන නාට්‍ය රටේ බිම් මට්ටමට අරගෙන යන්න ඔය නාට්‍ය හදන අයට තියෙන වැඩපිළිවෙල මොකක්ද? සම්මාන දුන්නු විදිහ සාධාරණද? ඔච්චර වටිනා නාට්‍ය හැදුවා නම් ඒවායින් ඔය කියන විදිහේ දැවැන්ත දියුණුවක් වුණා නම් ඇයි මේ හුදෙක් අවර ගණයේ ටෙලි නාට්‍ය ගැන කතාකරලා පිට පනින්නේ? ඔය මෙගා ටෙලි වල රඟපාන ඇතැම් නළු නිළියන් ඊට කලින් ඉස්කෝල යන කාලේ රඟපාපු චිත්‍රපටි, නාට්‍ය ගැනත් සැසඳුවා නම් ඒකෙන් මේකට ආවේ කොහොමද කියලා වැටහේවි. නාට්‍ය උළෙලට ඇයි පුද්ගලික අංශයේ අනුග්‍රහයක් ගන්න විදිහක් හොයන්නේ නැත්තේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31202 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13363 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 70 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site