IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දරුවකු බිලිගත් පාසල් තාප්පය හැදුවේ කවුද?

වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ ජල කරාම පද්ධතිය සවිකර තිබූ අනාරක්ෂිත සිමෙන්ති බැම්මක් කඩා වැටීමෙන් ඊට යටවූ එම පාසලේ පළමු වසරේ ඉගෙන ගනිමින් සිටි ෂෙහන්සා නෙත්සරණි නමැති හය හැවිරිදි දියණිය මියගොස් තවත් දරුවන් සිව් දෙනකු තුවාල ලැබීමේ පුවත සියලු පුරවැසියන්ගේ දෙනෙත් කඳුළෙන්  තෙත්කර කම්පාවට පත්කර ඇත.

ඉගෙන ගන්න පාසලට ගිය තම දුවා දරුවා නිසල මළ සිරුරක්ව නැවත නිවෙසට පැමිණෙනු ඇතැයි කිසිදු මව්පිය කෙනෙක් නොසිතති. එහෙත් ෂෙහන්සා නෙත්සරණි දියණියගේ මවට පියාට ඒ බරැති වේදනාවෙන් කල් ගත කිරීමට සිදුව තිබේ.

සිද්ධිය වූයේ ඉකුත් 15 වැනිදා පෙරවරු 10.00ට පමණය. සංවේදීම කාරණය වන්නේ එදින ෂෙහන්සා දියණියගේ උපන් දිනය යෙදී තිබීමය. එමෙන්ම එදිනට පාසලේ විදුහල්පතිවරයාගේ ද උපන් දිනය යෙදී තිබී ඇත. ඒ අනුව පන්ති කාමරයේ දී සෙසු දරුවන් සමග එක්ව විදුහල්පතිවරයාත් ෂෙහන්සා දියණියත් කේක් කපා උපන් දිනය සමරා ඇත. සිද්ධිය වී තිබෙන්නේ ඉන් මොහොතකට පසුවය.

පුවත්පත් වාර්තාවලට අනුව ෂෙහන්සා දියණිය ඇතුළු ළමයින් පිරිසක් ජල කරාම පද්ධතිය සවිකර තිබූ සිමෙන්ති බැම්ම ආසන්නයේ සෙල්ලම් කරමින් සිට ඇත. එක්වරම එම සිමෙන්ති බැම්ම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් විදුහල්පතිවරයාට පහර දී ඇති බවත් විදුහල්පතිවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ බවත් සඳහන්ය.

පාසල් බිමේ දී සිදු නොවිය යුත්තක් සිදුවී තිබේ. දරුවකුට තම නිවෙස හැරුණු විට ආරක්ෂිතම ස්ථානය පාසලය. එම පාසල තුළ මර උගුල් තිබිය නොහැක. එහෙත් අප රටේ පාසල් පද්ධතිය තිබෙන්නේ ඉතා දුර්වල තත්ත්වයකය. පන්ති කාමර සහිත ගොඩනැගිලි කොයි මොහොතේ කඩා වැටේදෝ යන භීතියෙන් අකුරු ඉගැන්වීමට, ගුරුවරුන්ටත් අකුරු ඉගෙන ගැනීමට දරුවන්ටත් සිදුව ඇති පාසල් ගණන අතිවිශාලය. ප්‍රශ්නය වන්නේ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් බලධාරින්ගෙන් යොමු නොවීමය.

පාසල් සංවර්ධනය සම්බන්ධයෙන් කප්පරක් වාගාඩම්බර ප්‍රකාශ වුවද පාසල තුළ මරණ බිය පැතිරී ඇත්නම් එය කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි. ෂෙහන්සා නෙත්සරණි දියණිය යටවූ ජල කරාම සහිත සිමෙන්ති බැම්ම මීට වසර 10කට පෙර ඉදිකර ඇති බවත් එහි කොන්ක්‍රීට් කම්බි කිසිවක් නොදමා කුඩා තාප්පයකට හේත්තුවන සේ සිමෙන්ති බැම්මක් ලෙස ඉදිකර ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. කොන්ක්‍රීට් ආධාරකයක් නොමැති නිසා එම සිමෙන්ති බැම්ම එකවරම කඩා වැටී ඇතැයි පොලිසිය පවසන බවද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

එම ඉදිකිරීම නිසි ප්‍රමිතියෙන් සිදුකර නොමැති නම් ඒ සම්බන්ධව වගකිවයුත්තන්ට නීතිය  ක්‍රියාත්මක කළ යුතුය. මල්කැකුළු වන් දුවා දරුවන් මෙලෙස තලාපෙලා මරා දැමීමට කිසිවකුට අයිතියක් නැත.

ෂෙහන්සා නෙත්සරණි දියණියගේ අකල් මරණය සම්බන්ධයෙන් මෙන්ම තුවාල වූ දරුවන් සම්බන්ධයෙන් අපගේ සංවේගය ප්‍රකාශ කරන අතරම කිසියම් පිරිසක් විදුහල්පතිවරයාට පහරදීම හෙළා දකිමු. මෙබදු අවස්ථාවක දී අතපය දිග හැර ප්‍රශ්න විසඳාගත නොහැකිය. එමෙන්ම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ වගකීමක් විදුහල්පතිවරයාට, ආචාර්ය මණ්ඩලයට ද පාසලේ ආරක්ෂකයන්ට ද තිබේ. එම වගකීම එයට හිමි නිසි අර්ථයෙන් හඳුනාගෙන කටයුතු කරන්නේ නම් බොහෝ අනතුරු වළක්වාගත හැකි බව අපි අවධාරණය  කරමු.

(***)



අදහස් (5)

දරුවකු බිලිගත් පාසල් තාප්පය හැදුවේ කවුද?

Nimal Saturday, 18 November 2023 07:56 AM

දරුවකු බිලිගත් පාසල් තාප්පය හැදුවේ කවුද? ප්‍රාදේශීය සභා මගින් තාප්පය සාදා තිබෙන්නට පුළුවනි. පාසල් සංවර්ධන සමිති / විදුහල් පතිවරුන් සහ ගුරු දෙගුරු සමිති තිබෙන්නේ කුමටද? වැටුප් සහ ඉල්ලීම් පමණක් ඉල්ලා සිටිමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පෙර වුර්තිය සමිති, විදුහල්පතිවරු සහ ගුරුවරුන් ඔවුන්ගේ පාසල් පිළිබඳව අවධානය යොමුකිරිම වැදගත්. මරණයට පත් පාසල් දරුවන් වෙනුවෙන් කිසිදු වුර්තිය සමිතියක් ඉදිරිපත් නොවීමත් සලකා බැලිය යුතු කාරණයක්..

:       4       27

රුචිර Sunday, 19 November 2023 11:01 PM

පාසල්වල අඩුපාඩු ගැන ඔය පාරේ බැහැලා කෑ ගහන ස්ටාලින් වෘත්තිය සමිති වගේ වගක් නෑ. ඔවුන්ගේ පුද්ගලික දේවල් ඉල්ලන්න තමයි හැම විටම දරුවන්ගේ ඇපයට ගන්නේ...!

:       7       20

cwMonday, 20 November 2023 05:05 PM

ස්ටාලින්, මහින්ද ජයසිංහ වගේ අය ගුරුවරුන්ටත් නිගාවක්...!

:       5       8

Nimal Wednesday, 22 November 2023 10:19 AM

ස්ටාලින් කොහොමද මේකට අදාළ වුණේ..? එයාද මේ බිත්තිය හැදුවේ?

:       6       5

නිහාල්Wednesday, 22 November 2023 09:08 PM

ස්ටාලින් මේකට අදාල වන්නේ මෙහෙමයි. වෘත්තිය සමිති නායකයෙක් විදියට ඔහු ජනතාවට පෙන්වන්න උත්සාහ කරන්නේ ගූරු අයිතිවාසිකම් පමණක් නොව සිසුන්ගේ අයිතිවාසිකම් ද සමස්ත නිදහස් අධ්‍යාපනයේත් ගැලවුම්කාරයා තමා බවයි. එවැනි පුද්ගලයෙක් මේ අවස්ථාවේ නිහඬව සිටීම ගැනයි මේ පාඨකයන් ප්‍රශ්න කරන්නේ. තමාගේ වගකීම්වලට බාහිරව අධ්‍යාපන ක්ශේත්‍රයේ අවුල් ඇති කිරීමද ඔහුගේ පුරුද්දක්... උදාහරණයක් ලෙස ගුරුවරියන්ගේ සාරිය ගලවා කලිසම් සහ සාය හැට්ට ඇන්දවීමට පසුගියදා උත්සාහ කලේද ජනතාව අතර මේ සම්බන්ධයෙන් පිල් දෙකක් ඇති කර පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමයි

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 495 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site