මෙරට ජාතික ක්‍රීඩාව නොවූව ද ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්ය. ලෝක සිතියමේ අබැටක් තරම් කුඩා රටක් වුව ද ජාත්‍යන්තරය තුළ අභිමානයෙන් නැගී සිටීමට මේ රටට හැකි වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආනුභාවයෙනි. ජයග්‍රහණ අහිමිව පරාජයේ දුක්ඛිත අත්දැකීම් නොනැවතී විඳින මෙරට ජනයාගෙන් සාතිසය බහුතරයක් සිය ප්‍රමෝදයේ ප්‍රධානම මෙවළම බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්කර ගත්හ. 1996 වසරේ දී අර්ජුන රණතුංග ඇතුළු පිරිවර ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමත් සමග මෙරට ගම් නියම්ගම් නගර ජනපද සිසාරා ක්‍රිකට් උන්මාදය ගංවතුරක් මෙන් ගලා ගියේය.
ඒ වූ ක්‍රිකට් අද අප රටේ තහනම්ය. වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනම් කර ඇත. නිලවරණයකින් පත් වූ නිලධාරී මණ්ඩලයකට කටයුතු කරගෙන යාමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන්ය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව බවය. ශ්‍රී ලංකා ක්‍රිකට්හි සභාපති ෂම්මි සිල්වා සහ පිරිස පවසන්නේ තමන් එබඳු ඉල්ලීමක් නොකළ බවත් ක්‍රිකට් පරිපාලනයට සිදු කෙරෙන දේශපාලන බලපෑම් හේතුවක් අයි. සී.සී.ය මෙම තීරණය ගත් බවත්ය. හේතුව කුමක් වුවත් දැන් රටේ ක්‍රිකට් තහනම්ය.
මෙම ක්‍රියාදාමය තුළ රට පාවාදුන් දුෂ්ටයන් කවුදැයි සොයා බලා තරාතිරම් බේදයකින් තොරව ඔවුන්ට දඬුවම් කළ යුතුය. තම තමන්ගේ ප්‍රශ්න තම සීමාව තුළ විසඳා ගැනීමේ සමත්කම සියලු පාර්ශ්ව සතුවිය යුතුය. හන්දියේ චන්ඩින් මෙන් හැසිරී වහසි බස් දොඩමින් ප්‍රශ්න විසඳා ගත නොහැක. එහෙත් සිදු වූයේ එයමය. ප්‍රතිඵලය ක්‍රිකට් තහනම් වීමය. අලාභය පොදුවේ මුළුමහත් රටටමය.
ආසියානු කුසලාන අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමග ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ එක්දින විවාදයක් පැවතුණි. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටිය දී ක්‍රිකට් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාදයක් පැවතුණි. ඒ අතරවාරයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් දැමූ අතර ක්‍රිකට් පරිපාලනය එයට එරෙහිව අධිකරණයට ගියේය. අධිකරණය ලබාදුන් තීන්දුවෙන් ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි වී ගිය අතර හිටපු පරිපාලනයටම ක්‍රිකට් ආයතනය බාර විය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගත්තේ ඔය අතරවාරයේදීය.
ලෝක කුසලාන තරගාවලියක් වැනි අතිශයින්ම වැදගත් තරගාවලියක් ඇතුළත සිදු වූ මෙම ක්රියාදාමෙයන් ක්රිකට් ක්‍රීඩකයන්ට බලපෑමක් ඇති නොවේ යැයි පැවසිය නොහැක. අපේ කණ්ඩායම වෙතින් අතිශය දුර්වල ක්‍රීඩා රටාවක් මතුවීමට කලක පටන් එන ක්‍රිකට් ආරවුල හේතු වූ බව ද සත්‍යයකි.
වැරැදි කර ඇත්නම් වැරැදිකරුවන්ට එරෙහිව අධිකරණයට යාමට කිසිදු බාධාවක් නැත. ඒ සඳහා වන විධිවිධාන අප රටේ තිබේ. එ මග නොයා නොමග යෑමේ ප්‍රතිඵලය රටේ ක්‍රිකට් තහනම් වීමය. දැන් කවුරුත් කළ යුත්තේ තහනම ඉවත් කර ගැනීමට සද්භාවයෙන් කටයුතු කිරීමය.
(***)
නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව
කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ සහ වංචා සම්බන්ධව චෝදනා එල්ලවන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර පාර්ලිමේන්තුව ම
ඇස්තමේන්තු කරන රාජ්‍ය ආදායම එලෙසින් උපයා ගැනීමට නොහැකිවීම නිසා අයවැය හිඟය වාර්ෂිකව ඉහළ යයි. අය හා වැය අතර පවතින මේ ඉහළ පරතරය රාජ්‍ය මූල්‍යයේ පවතින ප්
පොලිසිය සම්බන්ධයෙන් බොහෝවිට ලිවීමට සිදුවන්නේ ඉහළ – පහළ පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් සම්බන්ධයෙනි. පිහිටක්, පිළිසරණක් පතා පොලිසියට යන සාමාන්‍ය ජනයා
වසර 2024 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය විශ්ලේෂණය කර බැලීමේදී පැහැදිලි වන කාරණා කිහිපයක් තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂයට අදාළව අයවැය ලේඛනයක් ඉදිරිපත්
‘‘ආසියාවේ ආශ්චර්ය, මාස 60න් අලුත් රටක්’’ වැනි සාඩම්බර වාගාලාපයන්ගෙන් වසා තිබූ රටෙහි ඇත්ත ඇතුළාන්තය එම වැකි මුද්‍රණය කළ කඩදාසිවල තීන්ත වේලෙන්නත් පෙර ඇස
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම