IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජාතික සමගියට කැප වූ හිටපු කතානායක බාකීර් මාකාර්

හිටපු කතානායක අල්හාජ් ඇම්. ඒ. බාකීර් මාකාර් මහතාගේ 106 වැනි ජන්ම දින ගුණ සැමරුම අද 12 වැනිදා සිකුරාදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ජාති-ආගම් භේදයකින් තොරව මේ ශ්‍රී ලංකාද්වීපයේ ජාතික සමගිය ඇති කිරීම සඳහා උදාර මෙහෙවරක් කළ හිටපු කතානායක ඇම්.ඒ. බාකීර් මාකාර් මහතා ජන්ම ලාභය ලැබුවේ වර්ෂ 1917 මැයි 12 වෙනිදාය.

සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා දැනුම පාසල් අධ්‍යාපනයෙන් ප්‍රගුණ කළ ඔහු ඊට අමතරව පාලි භාෂාවත් මැනවින් උගත්තේය. ඒ විශේෂයෙන්ම බෞද්ධ පොතපත වැඩි වශයෙන් ලියවී ඇත්තේ පාලි භාෂාවෙන් නිසා ඒ පොතපත මැනවින් පරිශීලනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්වූ නිසාමය.

සිය ඉස්ලාමීය පූජක තුමන්ලා මෙන්ම කතෝලික ආගමික පූජකවරුන් ද විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද සමීප ඇසුරට ගත්තේය. ඒ ඒ ආගමික ඉගැන්වීම් සිය ජීවිතයට එක් කර ගත් අතර ඒ ඒ ආගමික ඉගැන්වීම් තුළින් මතු කෙරෙන අගනා අදහස් සිය දේශනවලට ද එක් කළේය. ඉන් එතුමන් අදහස් කළේ ජන ජීවිතය යහපත් කරලීමට ඒවා විශාල රුකුලක් වන හෙයිනි.

තමන් අදහන කුමන ආගම හෝ මැනවින් වටහාගෙන සිය ජීවිත ආලෝකවත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම් මුළු සමාජයම යහපත්වන බව ජනතාවට නිරන්තරයෙන්ම පෙන්වා දුන්නේය. හොරකම, දූෂණය, වංචාව, ඉහ වහා ගිය සමාජයක එවන් පාපතර ක්‍රියාදාමයන් සිදු කරන්නන්ට ඒ ඒ ආගමෙන් පෙන්වා දෙන විපාක අධ්‍යයනය කරන්නේ නම් කිසිදා එවන් දූෂිත ක්‍රියාදාමයන්ට හවුල් නොවන බව වටහා දුන් අවස්ථා එමටය.

මේ රටේ ඇති ජාතික සම්පත් ප්‍රයෝජනයට ගෙන මේ අගනා දිවයින ආර්ථික පමණක් නොව සෑම අංශයකින්ම ඉහළම තත්ත්වයෙන් දියුණු කරලීමට හැකියාව ඇතත් ඇතැම් දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ හොරකම හා දූෂණය නිසා ඒ වාසනාව මුළු මහත් ජනතාවටත් රටටත් අහිමි වී ගොස් ඇති බව බොහෝ අවස්ථාවල දී අවධාරණය කළේය. බාකීර් මාකාර් මහතා හැකි සෑම අවස්ථාවකදීම ඒවා පිටුදැකීමට ක්‍රියා කළේය. 

මේ සඳහා කදිම නිදසුනකි. පාර්ලිමේන්තුවේ විගණන කටයුතු සම්බන්ධව ඔහු ගත් එඩිතර ක්‍රියාමාර්ගය.

මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ විය හියදම් පිළිබඳ විගණන කටයුතු නිරීක්ෂණයක් සිදු නොවුණි. කතානායක ධුරය හොබවන කාලයේ මේ පිළිබඳව සොයා බලන්නට ඔහුට සිතුණි. නිලධාරිහු සිය රුචිය අනුව වියහියදම් කළහ. ඒ පිළිබඳ සොයා බැලීමක් නැත. දිනක් රජයේ විගණකාධිකාරවරයා පාර්ලිමේන්තුවට කැඳ වූ කතානායක බාකීර් මාකාර් මහතා ඔබතුමා රටේ සෑම තැනම රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, විවිධ ආයතන විගණනයකට ලක් කරනවා. ඒත් ඒ සියලුම ආයතන පාලනය කරන අවශ්‍ය ප්‍රතිපාදන අනුමත කරන මේ පාර්ලිමේන්තුව විගණනයකට ලක් කරන්නේ නැහැ. ඒ ඇයි ?

එවකට සිටි විගණකාධිපතිවරයාගේ පිළිතුර වූයේ ‘මේ පාර්ලිමේන්තුවේ විගණන කටයුතු සිදුකරන ලෙසට අපට කාගෙන් හෝ ඉල්ලීමක් ලැබිල නැහැ. ඒකයි අපි ඒ කටයුත්ත මෙතෙක් කල් සිදු නොකළේ.’

කතානායක බාකීර් මාකාර් මහතා ‘ඒ ඉල්ලීම නැතිනම් නියෝගය මම දැන් දුන්නොත් ඒ කටයුතු ආරම්භ කළ හැකි ද’ විගණකාධිවරයා ‘සත්තකින්ම ඔව්, දැන් එසේ දුන්නොත් මෙතැන් සිට ක්‍රියාත්මක කළ හැකිය.’

කතානායක බාකීර් මාකාර් මහතා ඒ මොහොතේම ලේඛකාධිවරයා කැඳවා අවශ්‍ය ලියවිලි ඒ මොහොතේම සකස් කර භාර දුන්නේය.
ජනතාවගේත්, රටේත් වාසනාවට එතැන් සිට පාර්ලිමේන්තුවේ සියලු විය හියදම් රජයේ විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයට පරීක්ෂණයට ලක් වෙයි.

තමන් කිසිදා හොරකමට, දූෂණයට ලක් නොවූ අතර තමන් පාලනයේ පැවැති පාර්ලිමේන්තුවේ විය හියදම් සම්බන්ධයෙන් පවා හොරකම, දූෂණය, වංචාවට ලක් නොවන්නට එඩිතරව නොබියව කටයුතු කළේය.

උපන් රටට දේශයට ණය නොවන්නට හැකි උපරිම ශක්තිය යොදා එතුමන් කටයුතු කළ අන්දම ප්‍රශංසනීයයි. තමන් ලැබූ අධ්‍යාපනයෙන් හිමිකරගත් නීතිඥ වෘත්තිය පවා මුදල් හම්බ කරන උපාය මාර්ගයක් නොකරගත් ඔහු බොහෝ අවස්ථාවල අසරණයන් වෙනුවෙන් උසාවියේ පෙනී සිටියේ ද නොමිලයේමය. ජනතාව සමගම ගැවසුන මේ ජනතා හිතවාදියා ජන දුක හොඳ හැටි හඳුනා ගත්තේය. ඒ ජනදුක නිවා සැනසීමක් ලබා දෙන්නට සිය දේශපාලන බලය ශක්තිය යොදා ගත්තේය.

ඉඩම්, නිවාස, පාරවල්, රැකී රක්ෂා, විදුලිය, ජලය, පාසල්, රෝහල්, දේශපාලන බලයෙන් ශක්තියෙන් ජනතාවට ලබා දුන්නේය. දේශපාලන බලය හයිය යොදාගෙන තමන්ගේ හා තම පවුලේ අයගේ සුඛ විහරණය සිදුකර ගන්නා ඇතැම් වත්මන් දේශපාලකයන් මෙන් නොව තමන් සතු දේ පවා ජනතාව වෙනුවෙන් කැප කළ දේශපාලනඥයෙකි, හිටපු කතානායක බාකිර් මාකාර් මහතා. 

අඩ සිය වසකටත් අධික ක්‍රියාකාරි දේශපාලනයේ නියුතු වූ නීතිඥ බාකිර් මාකාර් මහතාගේ සුවඳ හමන දේශපාලන ජීවිතය කෙනෙකුට තේරුම් ගැනීමට එක් කරුණක් සටහන් කරමින් මේ කෙටි ලිපිය අවසන් කරමි.

දේශපාලනයෙන් ඉසුඹු ලබා බේරුවල මරදානේ සිය නිවසෙහි කල්ගත කළ වරක් මේ රටේ ජනාධිපතිධුරයේ වැඩ බැලීම් පවා කළ මේ විශිෂ්ට, ශ්‍රේෂ්ඨ, ජ්‍යෙෂ්ඨ කෘතහස්ත දේශපාලනඥයාට සිය ගමන් බිමන්වලට යොදාගත හැකි වාහනයක්වත් නොතිබුණි. කීර්තිධර අවංක ජනහිතකාමී බාකීර් මාකාර් මහතාට ගෞරවයක් වශයෙන් එය සටහන් කරමි.


හේරස් ප්‍රනාන්දු



අදහස් (2)

ජාතික සමගියට කැප වූ හිටපු කතානායක බාකීර් මාකාර්

fairoos Monday, 15 May 2023 05:12 PM

මෙවැනි දේශපාලකයින් දැන් හොයාගන්නවත් බැහැ.

:       0       8

M.R.R.Pinnawals Tuesday, 16 May 2023 12:15 PM

ඒ කියූ සියලුම ගුණාංග එතුමා තුළ තිබුණා. ප්‍රායෝගිකව මම දනිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site