IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඝාතකයා සෝමාරාමද? වෙනත් අයෙක්ද?

(මෙම ලිපියේ මුල් කොටස් පසුගිය සතිවල පළවිය මේ එහි අවසන් කොටසයි)

පාරෙන් එහා පැත්තේ නිවසක කෑම පිසිමින් සිටි කාන්තාවක් වෙඩි හඬ ඇසී පිටතට පැමිණ බැලුවාය. අගමැතිවරයාගේ නිවස පිහිටි මිදුලේ මායිම් තාප්පයට උඩින් මිනිසකු පනිනවා ඇය දුටුවාය. පිටත පාරේ නවතා තිබුණු කාර් රථ දෙකෙන් එකක සිටි අයකුට ඔහු ‘‘හරි මචං’’ කියා කෑ ගැසනවා ඇයට ඇසුණි.

එකෙනෙහිම ඔහු අනෙක් කාර් රථයට පැනගත් පසු කාර් රථ දෙකම වේගයන් බොරැල්ල දෙසට ඇදී යනු ඇය දුටුවාය. පැමිණිල්ලෙන් ඇයව සාක්‍ෂියට කැඳවූයේ නැත. ඇය සාක්‍ෂියට කැඳවූයේ සෝමාරාමගේ නීතිඥ තැන වූ වීරමන්ත්‍රීය. පැමිණිල්ලට ඇයගේ සාක්‍ෂිය සොලවා ගන්නට නොහැකි වූ විට, ඔවුන් යෝජනා කළේ එසේ පැනගිය තැනැත්තා සමහර විට ඔහු කුමන්ත්‍රණකරුවන්ට හවුල් වී ඈත සිට වැඩේ නිරීක්‍ෂණය කරන්නට පැමිණි අයකු විය හැකි බවයි. කුමන්ත්‍රණයක් පැවතියේ ද යන මතය එම සාක්‍ෂියෙන් තහවුරු වන බවට ද ඔවුහු තර්ක කළෝය.

චූදිතයා කළ වැඩේ මෙහෙයවමින් ඈත සිට එය බලා කියා ගන්නට පැමිණි අයට පෞද්ගලික කාර් රථ දෙකක්ම තිබිය දී  ඝාතකයා බවට චෝදනා ලැබූ සෝමාරාම පහසුවෙන් අසුවන ආකාරයට තනිවම ටැක්සියකින් පැමිණ තිබීම ද බොහෝදුරට සිදුවිය නොහැක්කකි. බුද්ධරක්ඛිතගේ ක්‍රියා හා අභිප්‍රායන්ට සම්බන්ධ, සාමාන්‍ය දැනීමෙන් සිහියට නැගෙන ප්‍රශ්න කිහිපයක් ද වේ. 

• බුද්ධරක්ඛිත වැනි තරුණ, බලසම්පන්න හා බුද්ධිමත් භික්‍ෂුවක, තමා ඉදිරියේ යහපත් ජීවිතයක් පෙනි පෙනී තිබියදී, වෙනත් අනුග්‍රාහකයකු ලවා අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව ද තිබියදී, අගමැතිවරයා මරා දමන්නට තරම් සියල්ල පරදුවට තබා අවදානමක් ගනීද? 

• චෝදනා පත්‍රයේ පෙන්නුම් කරන පරිදි බුද්ධරක්ඛිත තමාගේ පළිය ගන්නට අවුරුද්දක් තිස්සේ බලා සිටින ආකාරයේ පුද්ගලයෙක් ද? 

• තමා සමග සමීප සම්බන්ධතා පැවති පාතාලයේ අයකු ලවා හුදෙකලා ස්ථානයක දී ඔහු අගමැතිවරයා මරා නොදැමුවේ ඇයි? මැතිවරණ ව්‍යාපාරයේ රැඳී සිටි අයකු නිසා ඔහුට පහසුවෙන් එය කළ හැකිව තිබිණි.

• මහ දවාලේ, ප්‍රසිද්ධ ස්ථානයක, අගමැතිවරයා මරා දමන්නට ඔහු තවත් භික්‍ෂුවක යොදවා බුද්ධ රක්ඛිත තමන් වෙත අවධානය ඇද ගත්තේ ඇයි? 

• වෙඩි තැබීමෙන් පසු සෝමාරාම ගෙතුළට යන්නට සැලසුම් කළේ ඇයි? ගෙතුළ දී ඔහු නියත වශයෙන්ම අල්ලා ගන්නා බව සහතිකය. කලබලය මැද බේරී පලා යා හැකි බව දැන දැනම එවැන්නක් සැලසුම් කළේ ඇයි? 

ඉහත සඳහන් කළ කාරණාවලට අමතරව, බොහෝ පිරිසක් මැද අගමැතිවරයාට වෙඩි තැබූ පසු තමා නිවැරැදිකරු යයි කී විට සමාව ලැබේ යයි සෝමාරාම බලාපොරොත්තු වූ බවක් විශ්වාස කළ හැකිද? 

නිගමනය:-

ඉහත සඳහන් කළ පරිදි ජූරිය ක්‍රියාත්මක වූයේ දේශපාලන ආරෝපණය මධ්‍යයේය. දැඩි පීඩනයක් එල්ලවන වාතාවරණයක ඔවුන් කටයුතු කළේ සීමිත තාක්‍ෂණික පහසුකම් සහිතව දේශපාලන උණුසුම යටතේය. ඒ සියල්ලටත් වඩා ඝාතනයට එතරම් සම්බන්ධ නොවේ යයි පෙනෙන සාක්‍ෂි රාශියක් ඉදිරිපත් විය. ඒ නිසාම ඔවුන් දැඩි අවධානයකින් ඒවා ඇගයුම් කළ යුතු විය. විනිසුරුවරයාගේ කරුණු සම්පිණ්ඩනය කළ දේශනය පමණක් දින හයක් තිස්සේ පැවතුණ එකකි. අද අප බුක්ති විඳින පහසුකම්, ඔවුන්ට නොතිබිණි. ලේඛන පරීක්‍ෂා කිරීමට ඔවුන්ට ඉඩ නොලැබිණි. විවේකීව කරුණු අවලෝකය කිරීමට ඔවුන්ට ඉඩ ප්‍රස්ථා නොතිබිණි.

අවසානයේ, පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව නඩුව ඔප්පු කළ බව විශේෂ ජූරිය ඒත්තු ගනු ලැබුවේය. අවසානයේ සිදූවූයේ එයයි. විනිසුරු ප්‍රනාන්දු ජූරියට වගකීම පවරමින් සඳහන් කළේ ඔවුන් නඩුවේ සැබෑ, ඒකායන විනිසුරන් වන බැවින් නියම විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා කළ යුතු බවයි. ඒ හැරුණු කොට ඔවුන්ගේ මතය අපරාධ අභියාචනාධිකරණයේ, අත්දැකීම් සහිත විනිසුරුවරුනගේ තීන්දුව හා සුසංගත විය යුතු වූයේය. 

අධිකරණය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ නීතිමය කරුණු කෙරෙහිය. එවිට විනිසුරුවරයා නීතිමය කරුණු වැරදි ලෙස අර්ථ නිරූපණය කළහොත් ජූරිය නොමග යෑමට ඉඩ තිබේ. එහිදී පූර්ණ වශයෙන් සාක්‍ෂි නැවත ඇගයුම් කිරීමක් සිදු නොවීය. ඒ වෙනුවට විත්තියේ නීතිඥවරයා කරුණු සැලකිල්ලට ගනිමින්, විශේෂ ජූරිය ඇමතීමක් කළේය. කරුණු සැලකිල්ලට ගෙන සාකච්ඡා කිරීම 1962 ජනවාරි 15 වැනිදායින් අවසන් විය.

මෙම ලිපි පෙළේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ සෝමාරාමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් වූ විශේෂයෙන් ඇසින් දුටු සාක්‍ෂි කෙරෙහිය. නඩුවේ මූලික හරය වූයේ ඔහුගේ වරදකාරිත්වයයි.

අනිවාර්යයෙන්ම, සිදුවූයේ යයි චෝදනා කරනු ලැබූ කුමන්ත්‍රණය හා බැඳුණු වෙනත් බොහෝ කරුණු ඇත. අධිකරණය තුළ හා පිටතත්, නීතිමය හා දේශපාලන ක්ෂේත්‍රය ඇසුරෙනුත් ඊට අදාළ සියලු කරුණු මෙම ලිපිය තුළ දීර්ඝව සාකච්ඡා නුවූයේය. වසර කිහිපයකට පෙර මුළු රටම වෙළාගත් මෙම දීර්ඝ නාටකයේ විචිත්‍ර චරිත රඟපෑ තවත් බොහෝ චරිත විය.

ඔවුන් කිහිප දෙනකු ගැන කරුණු ඇතුළත් කළත් එවිට සිදුවන්නේ ප්‍රධාන චරිතය රඟපෑ සෝමාරාම වෙතින් අවධානය වෙනතක යොමු වීමයි. ඝාතකයා භික්‍ෂුවකගේ සිවුරු පොරවාගත් මෝඩයකු හෝ දුෂ්ඨයකුය යන කාරණයට එහා ගිය යමක් අපට සාධාරණ ලෙස සහතික කොට කිව හැකිද? අපට ලැබුණු සියයට සියයක් විශ්වාසදායි නිශ්චිත සාක්‍ෂිය එයයි. එය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින්ම කී දේය. 

මිනී මරුවා සෝමාරාම නොවී නම් ඒ වෙන කවුරු වී ද? ඔහු භික්‍ෂුවකගේ සිවුරු පොරවාගෙන ඝාතනයට ආවේ ඇයි?

පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ

සංජීව සේනානායක විසිනි
[email protected]



අදහස් (1)

ඝාතකයා සෝමාරාමද? වෙනත් අයෙක්ද?

chandima Friday, 11 February 2022 02:37 AM

ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකක් නොතිබීම හෙත්වුඑන් මහජනතාවට විකල්පයක් නැති උනා.ඒ අඩුව පුරවන්න වමේ පක්ෂ නැගී ආවා.ඒ ඉන්දියාවේත් උදවු ඇතුව.මේක මැඩ පවත්වන්න බණ්ඩාරනායක යැවුවා.මේ පිළිබඳව ඉව වැටුන විදේශ බලවේගවල ගෝල බාලයින් අතින් එතුමා විනාශ උනා.අහක උන්නු සේරම පිටින් වැරැද්ද පටවලා වැඩේ කරපු උන් ශේප් උනා .එච්චරයි

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 445 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2204 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site