IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කිරි හරක් කොන්තරාත්තුවෙන් කෝටි 175ක් හොරා කෑවේ කවුද?

රට දැවැන්ත මූල්‍ය අර්බුදයක හිරවී ඇත. විදුලිබල ඇමැති හා බලශක්ති ඇමැති අතර ඇති වාග් සංග්‍රාමය ඇඟ ලොමුඩැහැගන්වන සුළුය. විදුලිබල ඇමැති බලශක්ති ඇමැතිගෙන් ඩීසල් ඉල්ලා සිටී. බලශක්ති ඇමැති කියන්නේ ඩීසල් දීමට නම් ඩොලර් අවශ්‍ය බවය. තමන් සතුව ඇති ඩීසල් තොග විදුලිබල ඇමැතිට ලබා දුනහොත් ඩීසල්වලින් දුවන වාහනවලට ඩීසල් නැතිවන බවය. පෙරළා විදුලිබල ඇමැති පවසන්නේ ඩීසල් නොලැබුණ හොත් විදුලිය කැපීමට සිදුවන බවය.

මෙම ප්‍රශ්නය කොවිඩ් මාරක වසංගතය බඳුය. එම මාරක වසංගතය පැමිණියේ වසර සියයකට පමණ පසුවය. ඩීසල් හා විදුලිය සම්බන්ධ ප්‍රශ්නය එයටත් වඩා වැඩි කලකට පසුව පැමිණියක් විය යුතුය. සාමාන්‍ය ජනයා නම් පවසන්නේ ‘අම්මා ඉන්න කාලෙදිවත් මෙහෙම දෙයක් අසා නැති’ බවය. ජනතාව කල්පනා කරන්නේ රටට වුණේ කුමක්ද යන්නය.

අපි හේතුඵලවාදය පිළිගන්නෙමු. එනම් හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බවය. රට නරකාදියට ඇද වැටී තිබෙන්නේ අහේතුකව නොවේ. මේ වූ කලී තාර්කික අන්තයකි. ඒ බව සනාථ කෙරෙන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ පුවතෙන් කියැවුණේ මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන්  15000 ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175 කට වැඩි මුදලක් ගෙවා තිබියදීත් එකම කිරි ගවයකු හෝ ආනයනය කර බාර දී නැති බවය. මේ බව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කර ඇති බවය.

සිද්ධිය වී තිබෙන්නේ 2018 වසරේදීය. විදේශීය බැංකුවකින් ලබාගත් ණය මුදලකින් මෙම රුපියල් කෝටි 175 කට වැඩි මුදල කොන්ත්‍රාත්කරුට ගෙවා ඇත. රුපියල් කෝටි 175 ක් යනු සුළුපටු මුදලක් නොවේ. එහෙත් එම මුදල සොරා කා ඇත. එක්කෝ අදාළ කොන්ත්‍රාත්වරයා එම මුදල සාක්කුවේ දමාගෙන ගෙදර යන්නට ඇත. එසේ නොවේ නම් තවකෙකුගේ සාක්කුවට කොටසක් දමා  ‘ඉතිරිය තමන්ගේ සාක්කුවට      දමා ගන්නට ඇත. කිරි හරකුන් ආනයනය නොකරන්නට ඇත්තේ රටේ මුදල් මෙහෙම නාස්ති කරන, වංචා කරන හරක් සිටියදී තවත් හරකුන් ගෙන්විය යුතු නැති නිසා විය හැකිය.

මෙම කිරි ගව ව්‍යාපෘතිය 2010 – 2015 රජය සමයේ ක්‍රියාත්මක  කළ එකකි. එහිදී පළමු අදියර වශයෙන් කිරි ගවයන් 5000 ක් ගෙන්වීම සිදුවිය. 2018 වසර වන විට අනාවරණය වී තිබුණේ එම ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථක බවය. එසේ තිබියදී පාර්ලිමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව ඉතිරි කිරි ගවයන් ගෙන්වීමට මෙලෙස අත්තනෝමතික ලෙස මුදල් වියදම් කර තිබේ.

 විගණන වාර්තාවේ එක් වැදගත් කරුණක් අවධාරණය විය යුතුය. එම විගණන වාර්තාවේ සඳහන් වන්නේ අදාළ බලධාරීන් රජයේ මුදල් මේ ආකාරයට වෙනත් පාර්ශ්වවලට අවභාවිත කිරීමට ඉඩදී ඇති බවත් අත්තිකාරම් මුදල් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබූ හෙයින් එම කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමට නීතිපතිවරයාට ද නොහැකි වූ බවය. එමෙන්ම එම රුපියල් කෝටි 175 කට වඩා වැඩි මුදලට අමතරව ණය මුදල් සඳහා වූ පොලිය මෙන්ම රුපියල අවප්‍රමාණය වීමේ අලාභය දැරීමට සිදුවී තිබෙන බව විගණන වාර්තාවේ සඳහන්ය.

ජනතාව මේ ගෙවමින් තිබෙන්නේ ජනතාව පෙර ආත්මයක හෝ කළ පාපකර්මයක් නොවේ. ජනතාවගේ මුදල් සිතූ සිතූ පරිදි කාබාසිනියා කළ චෞර දේශපාලනඥයන්ගේ, දූෂිත නිලධාරීන්ගේ හොරකම් හා වංචාවල වන්දිය වේ. ජනතා මුදල් මෙසේ හොරකම් කිරීමට තරමට බයක් ඇතිවූයේ කෙසේද යන්න ද විමසිය යුතුය. එක කිරි ගවයකු හෝ නොගෙන්වීමෙන් අදාළ චෞරයන්ගේ නිර්භය බව මනාව පැහැදිලි වේ. ඒ සඳහා අවශ්‍ය රැකවරණය දුන්නේ කවුරුන්ද යන්න විමසිය යුතුය.

අද අපා දුක් විඳින්නෝ ජනතාව වෙති. ධනය සොරා කෑ චෞර කප්පිත්තෝ ඒ මහ ධන නිධානයෙන් සුරසැප විඳිති. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ ‘කිසිදු ආණ්ඩුවක් සොරුන්ට දඬුවම් නොකළ’ බවය. අදාළ කෝටි 175 කට වැඩි මුදලක් සොරා කෑ එම සිද්ධියට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ඉන්දියන් සාගරේ මුතු ඇටයට අත්වී ඇති ඉරණම එයය.



අදහස් (6)

කිරි හරක් කොන්තරාත්තුවෙන් කෝටි 175ක් හොරා කෑවේ කවුද?

sugath Friday, 21 January 2022 02:14 PM

මේ රට කිසි දිනක හැදෙන රටක් නොවේ. තරුණ පරම්පරාව අවස්ථාවක් ලද විගසින් මේ රටින් නික්ම යා යුතුයි. මේ රටට අනාගත පැවැත්මක් නැත.

:       0       1

චන්දිම ෆොන්සේකා Friday, 21 January 2022 03:21 PM

අනේ බලන්නකෝ ඒ හොරුයි මේ හොරුයි මාරුවෙන් මාරුවට රට කොල්ල කනවා. මිනිස්සුත් ඔහේ ඉන්නවා. මේ එක වංචාවක් වත් අහු වෙන්නේ නැහැනෙ. කවුරුත් කතා කරලා මේවා හරියට එලි කරලා ඒ ධනය ආපහු රටට ලබා ගන්න ආරම්භයක් වත් ගන්නේ නැහැනෙ කරුමේ.

:       0       2

Raveendra Friday, 21 January 2022 09:37 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප රටේ ඡන්ද දායකයින් 99.9999% හිතන්නේ හොරා වුනත් අපේ පක්ෂේ එකානේ... ඒ නිසා ඌ හොරෙක් නොවේ ඌ සුද්දවන්තයෙක් යන මුග්ධ න්‍යායෙන් නොවේද...? අඩු තරමින් කිසිවෙකු මධ්‍යස්තව යමක් පිළිබඳව ප්‍රකාශ කළ විට ඒ ඒ දේශපාලුවන්ගේ ඇම්බැට්ටයන්, පක්කලියන්, බෝලකාරයන් එම පුද්ගලයාට එක්කෝ කියයි අන්න ගෝඨාට කඩේ යනවා, අන්න රනිල්ට කුප්පිය අල්ලනවා නොඑසේ නම් අන්න "ගොනානෝට" උස නම් සිකුරිටි කොටනම් කම්කරු රස්සාවල් හොයල දෙන්න යනවා කියලා... අපගේ හිතට එකඟව අවංකව කතා කරනවා නම් අප රට මෙවැනි විනාශමුඛයට ඇදවැටීමට ප්‍රධානම හේතුව රටේ පවතින ගොන් තකතීරු මුසල පක්ෂ දේශපාලනය නිසා යන්න අපගේ අදහසයි. එය ජෙප්පන්ටද අදාලයි... එය ඉතාමත්ම අවාසනාවකි.

:       0       2

චන්දිම Saturday, 22 January 2022 07:37 AM

ඇත්තටම රවින්ද්‍ර මහතාණෙනි, ඔතන වෙච්චි දේ මේකයි. ඔය හරක් ගෙන්නපු එකට වගකිවයුතු නිලධාරිනිය රනිල්ගේ හිතවත් නිලධාරියෙකුගේ බිරිඳක්. එතකොට රනිල්ලා කරන වැරදි රාජපක්ෂලා හොයන්නේ නැහැ. රාජපක්ෂලාගේ අය කරපු වැරදි රනිල්ලා හොයන්නේ නැහැ. කියන සර්වකාලින න්‍යාය තමයි ක්‍රියාත්මක වෙන්නේ... මොකද මේ දෙගොල්ලන් ඉතා සමීප නෑයින්. අපි සජිත් අරන් බැලුවත් වෙන්නේ එයා කොච්චර කෑ ගැහුවත් එයා ගාවත් හොරකම් කරන සෙට් එකක් ඉන්නවා. ඕක අනුරගේ අයටත් එකයි. හරිනම් කෙරෙන්න ඕනෑ මිනිස්සු ප්‍රසිද්ධියේ ඕවා ගැන අහන්න, කෑ ගහන්න ඕනෑ. එහෙම කෙරෙන්නේ නැහැ. රටේ මිනිස්සු තමයි රටේම හරක් වෙලා තියෙන්නේ...

:       0       3

ajanthaSunday, 23 January 2022 05:57 PM

හොරකම් නොපෙණුනා වගේ හිටියට, රනිල් පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ නම් සුද්දෙක් වගේ...

:       0       3

kamal Saturday, 22 January 2022 09:13 AM

අත්තිකාරම් මුදල් ගෙවන විට බැංකු වගකීම් සහතිකයක් දිය යුතුව තිබෙනවා නේද..?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site