(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ, හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පසු කදු සහ ගස් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (03) දහවල් සිට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසයි.
ගිනිගත්හේන හැටන් ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත, වටවල සහ දියගල යන ප්‍ර දේශවල ප්‍රධාන මාර්ගයට පස් සහ ගස් කඩා වැටී ඇති බවත්, ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයෙ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා කියා සිටියේ.
ප්‍රධාන මාර්ගවලට කඩා වැටුණු පස් සහ ගස් මේ වන විට ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බව නෝර්වුඩ් මාර්ග සංවර්ධණ අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු එම්.සාධික් මහතා කියා සිටියේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd