IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


මත්කුඩුවලට මිද්දෙනියේ විරෝධතා

(චන්ද්‍රසේන ගමගේ )

රට පුරා විහිදී ඇති මත්කුඩු වසංගතයට විසඳුමක් දෙන ලෙසට බල කරමින් මිද්දෙනීය අවට ප්‍රදේශවාසීහු පිරිසක් අද(08)  දහවල් මිද්දෙනිය නගරයේදී විරෝධතාවයක නියැලිණි.

මෙම විරෝධතාවය සඳහා පන්සියයකට ආසන්න පිරිසක් සහභාගී වූ අතර විරෝධතාවය පැයකට ආසන්න කාලයක් මිද්දෙනිය බස් නැවතුම් පොළ ඉදිරිපිට පැවැත්විණි.

විරෝධතා කරුවන් පැවසුවේ රට පුරා විහිදී ඇති මත්කුඩු වසංගතය තුරන් කිරීම සඳහා ආණ්ඩුව මීට වඩා සක්‍රීයව මැදිහත් විය යුතු බවයි. මත්කුඩු මෙරටින් තුරන් කිරීම සඳහා සක්‍රීයව දායක වන ලෙස වත්මන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විරෝධතාකරුවෝ පැවසූහ.

මත්කුඩු හා සම්බන්ධ දේශපාලකයන් හෙළි කරන ලෙසත් විරෝධතා කරුවෝ ඉල්ලා සිටියහ. අනාගත පරපුර විනාශ කරන මෙම මත්කුඩු ව්‍යාපාරය තුරන් කිරීම සඳහා ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට තමන් සහයෝගය දෙන බවද විරෝධතාකරුවෝ පැවසූහ.

 



අදහස් (3)

මත්කුඩුවලට මිද්දෙනියේ විරෝධතා

ප්‍රේමරත්න Monday, 08 September 2025 04:43 PM

ආණ්ඩුවට කියලා වැඩක් නෑ. ඒගොල්ලෝම තමයි කන්ටේනර් පිටින් පන්නලා දුන්නේ.

:       54       25

ravin Monday, 08 September 2025 04:55 PM

අපොයි... එහෙම කරන්න එපා... නැවත වතාවක් ඔය දේශපාලුවාම පත්කරලා යවන්න. රටට විතරක් නොවේ... ලෝකයටම අනර්ඝතම සේවයක් කරාවි නේද?

:       6       10

Lalla Monday, 08 September 2025 06:51 PM

මීගමුවෙත් පෙලපාලි යයිද බලමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17384 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site