(රංජිත් රාජපක්ෂ )
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් සහ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය ලබා ගන්නා සේවා ලාභීන් එක්වඅද (27) දින දහවල් එම කාර්යාලටය ඉදිරිපිට උද්ගෝෂණයක නිරතව සිට පසුව නිවාඩු ලබා සේවා ස්ථානවලින් බැහැරව ගියහ.
එම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය තුල සේවය කරන නිළධාරින් සහ සේවකයින් 150ක් පමණ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති විම හමුවේ සේවා ලාභීන්ට නිසි සේවාවක් ලබා දිය නොහැකි බවත්, වැඩ කරන සේවකයින්ට සහ නිළධාරින්ට ප්‍රමාණවත් වැසිකිලි පද්ධතියක් නොමැති බවත්, එවන් තත්වයක් මත සේවා ලාභීන්ට උපරිම සේවාවක් සිදු කිරිමට නොහැකි නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනත් ස්ථානයකට හෝ දැනට පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට පහසුකම් වැඩි කරන ලෙසට ඉල්ලා මෙම උද්ගෝෂණය සිදු කරනු ලැබුවේය.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ හැටන්, නෝර්වුඩ්, මස්කෙළිය, බගවන්තලාව, නල්ලතන්නිය යන පොලිස් බල ප්‍රදේශවල ලක්ෂයකට අධික සේවා ලාභීන් පිරිසක් සේවය ලබා ගනියි.
ඉකුත් රජය සමයේ පළාත් පාලන සීමා නිර්ණයත් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පැවති පොලිස් බල ප්‍රදේශ 05ක අයත් පදිංචිකරුව්න නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත කරනු ලැබුවෙිය.
මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැනට පවතින ගොඩනැගිලිපහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට ලිඛිතව දැනුම් දුන් බවයි.
2025 නොවැම්බර් මස 21
166
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නෝර්වුඩ් ප්‍රා.ලේ සේවකයින් උද්ඝෝෂණයක