IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


එජාපයෙන් අඩුමිලට බෙහෙත් දී වැටුප් - විශ්‍රාම වැටුප් වැඩිකළා

 

එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ජනතාවට අඩු මිලට බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට පුළුවන් වූ බවත් රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000 කින් වැඩිකර, යුද හමුදාවේ,පොලිසියේ වැටුප් මෙන්ම විශ්‍රාම වැටුපත් වැඩිකළ බවත් එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. විජයවර්ධන මහතා මේ බව පැවසුවේ මෙවර මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට මොකක් වෙයිද යන පැනයට පිළිතුරු දෙමිනි.

එම පැනයට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ ද පැවසීය.

“අවුරුදු හතර හමාරක් තිස්සේ අපි ආණ්ඩුවක් හැටියට විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. 1990 සුවසැරිය පටන්ගත්තා. ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදුන්නා.

සෞඛ්‍ය අංශය පැත්තෙනුත් ජනතාවට අඩුමිලට බෙහෙත් පෙත්තක් ගන්න ඉඩ සලසා දුන්නා. රජයේ සේවකයින්ගේ පඩි රුපියල් 10,000 කින් වැඩි කළා. හමුදාවේ පොලිසියේ පඩි වැඩිකළා.පෙන්ෂන් එක වැඩි කළා. ජිඑස්පි අපි ආපහු ලංකාවට ගෙනවා.

ධීවරයන්ගේ මාළු යුරෝපයට විකුණන්න ඉඩ ප්‍රස්ථාව ලබාදුන්නා. නිදහස් මාධ්‍යයක් ලබා දුන්නා. මාධ්‍යයට ඕන විදියට ආණ්ඩුව විචේචනය කරන්නත් එයාලාගේ අදහස් ප්‍රකාශ කරන්න නිදහස ලබාදුන්නේ අපේ ආණ්ඩුව කාලේ.

පාසල් දුදරුවන්ට රක්ෂණයක් ලබා දෙන්න අපි වැඩසටහන් ක්‍රියාත්මක කළා. අධ්‍යාපනය පැත්තෙන් ළඟම පාසල හොඳම පාසල ලෙස ගෙනල්ලා ගමේ පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි ලබා දුන්නා.

මේ සියලු දේ මතක් කරලා මේ රටේ ජනතාව මහමැතිවරණයේ දී හරි තීරණයක් ලබා දෙයි කියලා හිතනවා. අලුත් ආණ්ඩුවක් ඇවිත් තියනවා. ඇවිත් මාස 8 ට  20,000 පෝෂණ මල්ලටත් පයින් ගහලා තියෙන්නේ. රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරලා තියෙන්නේ. ආර්ථික අර්බුදයක් දැන් ටික ටික රටේ ඇති වෙලා තියෙන්නේ.’

 

 



අදහස් (8)

එජාපයෙන් අඩුමිලට බෙහෙත් දී වැටුප් - විශ්‍රාම වැටුප් වැඩිකළා

Mahesh Thursday, 09 July 2020 11:37 AM

නමුත් අවසාන කාලේ ගෙනාපු විනාශකාරී බදු ප්‍රතිපත්තිය මතකද? ව්‍යාපාරවලට ගහපු විශාල වැට් අගය මතකද? ඔන්න ඔය දෙක නිසා තමයි පාවෙන ඡන්ද විශාල ගාණක් ඈත් වුනේ... ඒවා ගෙනාවේ නැත්නම් ජනපතිවරණයේදී ප්‍රතිඵල වෙනස් වෙන්න ඉඩ තිබුණා.

:       645       255

Bamunuarachchi Thursday, 09 July 2020 03:21 PM

අනේ අපි නොදන්න ගණන් අඩු කිරිල්ල. ඉන්දියාවේ බිමදාගෙන පාගාගෙන කිසිම ප්‍රමිතියක් නැතුව හදන බෙහෙත් පෙති සත 50ට ගෙනැල්ලා රාජිත රුපියල් 15ට විකුණපු එක සිරිකොතේ ඉඳුල් කන අයයි, අලියගෙ නැට්ටෙ එල්ලිලා ඉන්න 3 සීනු කාරයෝයි දන්නෙ නැති වුණාට රටේ බහුතරයක් දන්නවනේ...

:       638       844

චමින්දFriday, 10 July 2020 01:06 AM

අනේ බමුණෝ, රාජිත කලේ සත 50ට ගෙනැල්ලා රුපියල් 15ට දුන්නා නොවේ. රාජිතට පෙර බලධාරින් සත 50ට ගෙනැල්ලා රුපියල් 150ට දුන්නු පෙත්ත රුපියල් 15ට අඩුකරලා දුන්නා. එ්ක කියලා අමතක වුනේ පෙති ඉවරවෙලා නම් ඉක්මණින් පෙත්තක් අරගෙන බිව්වොත් තියෙන මොලේ කචල්වීම අඩුවේවි..!!!

:       54       116

BamunuarachchiFriday, 10 July 2020 12:36 PM

ඔන්න මම නැතිවුණත් මගේ හෙවනැල්ලත් ඔයගොල්ලන්ට ගහනවා. දැන් ඔයගොල්ලන්ට වදින්නේ බමුණු ආරච්චිලා දෙන්නෙක්ගෙන්...

:       0       0

BamunuarachchiFriday, 10 July 2020 08:52 AM

මහේෂ්, චමින්ද කියලා ඉන්න එකම එක්කෙනා දාන අදහස් බැලුවාම මට නම් පේන්නේ පෙති ඉවර වෙලා තියෙන්නේ මගෙ නෙමෙයි ඔහෙලගෙයි. කොහොමත් චමින්ද කියන නමේම තියෙනවනේ පොඩ්ඩක් අවුල් කියලා. මී කුලයේ ඉන්න සිරිකොතේ අයට දැනගැනීමට කියන්න තියෙන්නේ රාජිතට කලින් ඉඳපු කට්ටිය කරේ නෙදර්ලන්ඩ්, ජර්මනි වගේ රටවල් වලින් ඉතා ඉහළ තත්වෙ බෙහෙත් ගෙන්නුවා... ඒවා තමයි රුපියල් 70ක් විතර වුනේ... වෙනස තිබ්බේ ඒවාගෙන් තුන්වේලක් බීල හොඳවෙන ලෙඩේ ඉන්දියාවෙන් සත 50ට ගෙනැල්ලා රුපියල් 15ට විකුණන බෙහෙතෙන් පෙති 100 බිව්වත් හොඳ වෙන්නේ නැති එක... අනේ චමින්ද පුලුවන් නම් උසස් තත්වේ බෙහෙත් ටිකක් හොයාගෙන බොන්න බලන්න.

:       75       14

janith Thursday, 09 July 2020 04:52 PM

ඔව්, ලක්ෂ 14 අකාර්යක්ෂම රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා අනිකුත් වැඩ කරන ජනතාවට සහ ස්ථිර තැන්පතු පොලියට බදු පිට බදුගැහුවා.

:       0       0

LIYANAGE Thursday, 09 July 2020 11:20 PM

ලංකාවට OBAMA කෙනෙකු පත්කර ගැනීමට පසුබිම සකස් කර ගත යුතු කාලය පැමිණ ඇත. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළත් නුදුරු අනාගතයේම රටේත් එ් සඳහා පරිසරය නිර්මාණය වෙමින් පවතින නිසා ශක්තිමත් පදනමක් දමාගැනීමට කටයුතු කළ යුතුවේ. ඒ සඳහා අවංක විශ්වසනීය, ප්‍රතිපත්තිගරුක පක්ෂය ආරක්ෂා කරමින් ඉදිරියට ගමන් කරන කණ්ඩායමක් පක්ෂය තුළ බිහිකළ යුතුව ඇත...

:       0       0

Bamunuarachchi Saturday, 11 July 2020 06:32 AM

වැට් බදු සහ අනිකුත් බදු වැඩි කරපුවා ලිව්වාට වැඩක් නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site