(රංජිත් රාජපක්‍ෂ )
දුම්රිය පීලිපැනිමෙන් දැඩි අලාභ හානි සිදුවු උඩරට දුම්රිය මාර්ගයේ කොටගල අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර දුම්රියක් පරික්‍ෂණ චාරිකාවක් සදහා පාලම මතින් අද (20) ධාවනය කෙරිණි.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය ඉකුත් (13) අලූයම එම පාලම මතදී පීලි පැනීමට ලක් විය.
එම පාලම ප‍්‍රතිසංස්කරණය කිරිමට සති තුනක කාලයක් ගතවන බවට සැලසුම් කර තිබිණි.
එම පාලමේ යෝග්‍යතාවය තහවුරු වීමෙන් පසු මගීන් රැගත් දුම්රියන් එම පාලම මතින් ධාවනය කිරිමට කටයුතු කරන බව එහි ප්‍රතිසංස්කරණය කටයුතු කළ ඉංජිනේරුවෝ පැවසූහ.
ඉදිරියේදි මෙම පාලම මතින් දුම්රිය ධාවනය කිරීමේදී වේගය සීමා කිරිමට සැලසුම් කර ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉක්මනින් පාලම හා මාර්ගය අලුත් වැඩියා කිරීම ගැන ඔබසැමට අපගේ ප්‍රණාමය.
මෙම කර්තවයට දායක වුන දුම්රිය සේවකයින් සහ ඉංජිනේරු සහ අනෙත් සියලුම අයට ගොඩක් ස්තුති
ඉතාම ඉහලින් අගය කල යතු වැඩක්. මෙවැනි නිලධාරීන්ට සහ සේවක මණ්ඩලයට අපගේ ප්‍රණාමය.
මෙන්න අපේ දුම්රිය සේවකයෝන්ගේ හැකියාව. එත් හැම ආණ්ඩුවක්ම පත් වුණාම දුම්රියේ පාලකයෝ විදිහට තමන්ගේ හෙන්චයියෝ දාලා මේ සේවය දැන් රටට එපා කරවල තියෙන්නේ. කවද මේ වගේ අවංක සේවකයෝන්ගේ නියම සේවය අපේ රටේ දුම්රියට ලබයිද.
එතකොට මේ රට හින්දු රටක් ද..?? මේ දුම් අල්ලන්නේ..?
පාලම දෙවියන්ට භාර කරලා
අපේ රටේ ඉංජිනේරුවන්ගේ හා සාමාන්‍යය සේවකයන්ගේ හැකියාව හා දැනුම හරිම උසස්. නමුත් ඒ ගැන නොසලකා උසස් ව්‍යාපෘති විදෙස් රටවල අයට පවරන අයගේ ඇස් මෙවැනි හැකියාවන් බලා ඇරෙන්න ඕනේ. ඔබ කල වටිනා ක්‍රියාවට අපගේ උත්තමාචාරය