IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’’ආමි සුරංග’’ ගිනි අවියක් සමග අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

පිස්තෝලයක් සමග පැදියකින් ගමන් කරමින් සිටි සංවිධානාත්මක  අපරාධ කරුවෙකු වන "ආමි සුරංග" නැමැත්තා සහ ඔහුගේ ගෝලයකු මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

සැකකරු  කිසියම් අපරාධයක් සඳහා යමින් සිටියදී ලද තොරතුරු මත රාත්‍රි 8.30 ට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 2020 වසරේ දී ආමි සුරංග නැමැත්තා පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත, ව්‍යාජ පොලිස් හැදුනුම් පතක් සකස්කර   භාවිතා කිරීම සම්බන්ධයෙන් 2018 වසරේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත, 2014 වසරේ ජනාධිපතිවරණ සමයේ වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ පැවැති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වන බව පොලිසිය කියයි 

සැකකරු අද(28) අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (3)

’’ආමි සුරංග’’ ගිනි අවියක් සමග අත්අඩංගුවට

janahitha Wednesday, 28 September 2022 08:55 AM

වෙඩි තැබුවේ කවුරුන් වෙනුවෙන්ද යන්න ජනතාව පැහැදිලිව දන්නවා.

:       0       4

යකාගෙ නීතිය Wednesday, 28 September 2022 12:46 PM

ආමි සුරංග, ‘නේවි සුරංග‘ වෙයිද දන්නේ නැහැ... හංගපු පිස්තෝල හොයන්න ගිහින්...!

:       0       5

fairoos Wednesday, 28 September 2022 01:48 PM

තුන් වතාවක් පොලීසියට අහුවෙලත් තාම එලියෙ

:       0       5

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site