IMG-LOGO

ලාදුරු රෝහල ඉදිරිපිට අදත් උද්ඝෝෂණයක්

වත්තල, හැඳල  ලාදුරු රෝහල  නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්රීමට ගත් තීරණය නිසා  ඊට එරෙහිව ගම්වැසියන් සංවිධානය කළ උද්ඝෝෂණය අද  ( 06) දෙවැනි දිනටත් පැවැත්වෙයි.
 
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ අධික රථ වාහන තදබදයක් ද පවතී.
 
කොරෝනා වයිරසය (කොවිඩ් 20-19) ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ලාදුරු රෝග රෝහල මෙරට පළමු නිරෝධායන මධ්‍යස්ථානය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය.
 
මෙම  වෛරස් පැතිරීම වැළැක්වීම සඳහා පූර්වාරක්ෂාවක් ලෙස ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය වැනි විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගීන් මෙම නිරෝධායනය  මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.
 

( ඡායාරූප - ළහිරු හර්ෂණ) 
 
 



අදහස් (14)

ලාදුරු රෝහල ඉදිරිපිට අදත් උද්ඝෝෂණයක්

sharm warn Friday, 06 March 2020 06:27 AM

මේ මිනිස්සුන්ට ජීවිත කාලයක්ම ලාදුරු රෝහල අස්සේ ගෙවල් හදාගෙන ඉන්න පුළුවන්... රෝහලකට බෝවෙන රෝගීන් ගෙනෙනවට ගම්වාසීන් විරුද්ධ වෙනවා නම් අර උණ රෝහල අවට ඉන්න මිනිස්සුත් පාරට එන්න තිබුණනේ... රෝහලට ගෙනෙන අය රෝගීන් කියලා තහවුරු වෙලාවත් නැතුව මොකද්ද මේ හැදිලා තියෙන ගාය? මේකට රෝහලේ ඉන්න නේවාසිකයින් විරුද්ධ වෙලා නම් හිතන්නවත් තිබුණා. මේ මිනිස්සුන්ගේ නූගත්කම මාකට් කරන්නේ නැතුව කරුණු පහදලා දීලා මේ අයව උසි ගන්වන අයට විරුද්ධව නීතියෙන් කටයුතු කරන්න.

:       1       465

PradeepFriday, 06 March 2020 07:20 AM

එහෙම වැඩ පිළිවෙලක් අපේ නෑ. අපේ අය බලන්නේ මේකෙනුත් මොනවා හරි දේශපාලන වාසියක් ලබාගන්න. අපි තවමත් "දියුණු වෙමින් පවතින රටක්" කියන ලේබලයේ ඉන්නේ එකයි. කිසිම දේකට ස්ථිරසාර වැඩ පිළිවෙලක් හෝ ප්‍රතිපත්තියක් නෑ. එහෙම හදන්න යම්කිසි රජයක් උත්සාහ කළත් විපක්ෂය එයට කැමති වෙන්නේ නෑ. අනික අපේ සාමාන්‍ය ජනතාවත් පවතින රාමුවෙන් පිට හිතන්න කැමති නෑ. ලෝකයේ බොහෝ රටවල් ඉදිරියට යනකොට අපේ දුපත් මානසික ජනතාව එතැනමයි. කනවා, බොනවා, දුක් විඳ විඳ ජීවත් වෙලා මැරිලා යනවා.

:       0       53

Mahesh Friday, 06 March 2020 07:37 AM

හොස්පිටල් එක වටේ ආන්ඩුවේ ඉඩම්වල බලෙන් ගෙවල් හදාගන්නකොට ඕවා හිතුවේ නැද්ද. මේවා ඈතට වෙන්න හැදුවේ හේතුවක් ඇතිව. ඒක අස්සේ ගෙවල් හදාගෙන දැගලුවට වැඩක් නෑ.

:       0       46

සේන Friday, 06 March 2020 08:31 AM

මේ මිනිසුන් ව දැනුවත් කරන්න. නිරෝධානය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතිව ඇති. මේ විරෝධය මහා අශීලාචාර එකක්.

:       0       73

janahitha Friday, 06 March 2020 09:09 AM

"කිසිවෙකුටත් රෝග ප්‍රතික්ෂේප කළ නොහැක" ජීවිතය වටහා නොගත් මිනිසුන් තම මව් දෙමාපියන්ද අසරණ රෝග තත්වයකදී ප්‍රතික්ෂේප කරාවි.. වසර 500ක පමණ තමන් පමණක් ජීවත්වෙන්න හිතන මිනිසුන් මේ පින්බිමේත් ඉන්නවා.. වැලිසර පැත්තේ විපතේදී පිහිට වීම බුදුදහමේ ඉගැන්වෙනවා... රෝගී වූ කාන්තාවක් ප්‍රතික්ෂේප නොකර රැකබලාගෙන ප්‍රතිකාර කර මල් මිටක් සමග තම රටට යවා ගෝලීය ප්‍රසංසාවට ලක්වුණු මාතෘභූමිය නිගරු කරන මෙවන් අධම මිනිසුන් අප අතර සිටීම කණගාටුවක්... මෙවුන් අසනීප වුණොත් ගෙනියන්න වෙන්නේ අඟහරු ලෝකයට...

:       16       76

Nihal Friday, 06 March 2020 09:10 AM

මෙහෙමත් කුහක අමනුෂ්‍යකමක්..?

:       0       20

sharm warnFriday, 06 March 2020 10:18 AM

කවුරු හරි එතනට ගිහිල්ලා ඔය කට්ටිය අස්සේ ඉඳගෙන හචිමක් යවන්නකෝ දෙයියනේ...

:       0       10

Mahesh Friday, 06 March 2020 09:27 AM

මෙන්න අපේ සිංහල බෞද්ධකම... රෝගීන්ට සලකන්න දන්නේ නැහැ..

:       76       51

saneshFriday, 06 March 2020 10:34 AM

ඔක්කොම බෞද්ධ ය කියලා හරියටම ෂුවර්ද ?

:       42       76

කපුරුහාමි Friday, 06 March 2020 10:57 AM

මේ ප්‍රශ්නේ දිහා මානුෂිකව බලන්ඩ බැරි ඇයි ?

:       0       0

විපරමා Friday, 06 March 2020 11:24 AM

මොලේ උඩ ඉන්න මෝඩ මිනිස්සු නේද? මනුස්සකම පිළිබඳ කිසිම හැඟීමක් නැති සදහටම ජීවත් වෙන්න ආපු අය කියලා හිතාගෙන ඇති...

:       0       0

[email protected] Sunday, 08 March 2020 01:47 AM

අපේ මිනිස්සු කොහේ යන්නද? ජීවිත කාලය පුරා තමන්ගෙ ජිවන තත්ත්වය උසස් කරගන්නා අතරතුර මව්බිමද පෝෂණය කළ ඒ මිනිසුන්ටද මේ අය විරෝධය පලකරන්නේ ? මිනිසුනේ රටේ ශිෂ්ඨත්වය විනාශ නොකර රජයේ ඉඩම් වලින් පලයව්. නිසි බලධාරීන් ඉදිරිය ගැන සිතන්න. ඉදිරි ප්‍රයෝජනයට මොවුන් රජයේ ඉඩම් වලින් ඉවත් කිරීමට පියවර ගන්න.

:       0       0

banda Sunday, 08 March 2020 09:40 PM

හොඳ කොරෝනා කාරයෙක් මැදට දාලා මිනිස්සු බදාගෙන හොටු ගෑවානම් උද්ඝෝෂකයන් දුවන පැත්ත හොයාගන්න බෑ..

:       0       0

dickie bird Tuesday, 10 March 2020 03:06 PM

කතෝලික අය කොහේද හිටියේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 345 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1852 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site