(නිමල් ජයරත්න)
කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය පාලම අසලදී පෞද්ගලික බස්රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී අද(12) අලුයම 3.30 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බවද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය.
ටිපර් රථයේ රියැදුරු ටිපර් රථය තුළ සිරවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.


2025 දෙසැම්බර් මස 18
539
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්-ටිපර් අනතුරින් 28 ක් රෝහලට: ටිපරය බටුඔය පාලමෙන් පහළට
Bunny Preena Tuesday, 12 August 2025 09:08 AM
නොසැලකිලිමත් ලෙස සහ කිසිම ඉවසීමක්, විනයක් නැතුව රිය පදවනවා. අනතුරක් සිදු උනාට පස්සේ රියදුරන්ට නින්ද යාම නිසා අනතුර සිදු වුණායි කියලා බේරෙන්න බලනවා. මෙවැනි අනතුර නිසා පීඩා වලට, ආබාධිත තත්වයන්ට පත්වන අහිංසක මිනිසුන්ට යන කල දවස මොකක්ද?
චිරන්ත Tuesday, 12 August 2025 09:22 AM
Google සිතියමේ කොළඹ මඩකලපුව මාර්ගය කියන්නෙ අවිස්සාවේල්ල රත්නපුර හරහා යන මාර්ගයට නිසා එයට අමතරව තවත් මාර්ගයක් තිබේද කොහොම වුනත් මේ සිතියම් නිවැරදි කරනවානම් හොදයි
Asiri Rathnayake Tuesday, 12 August 2025 12:02 PM
ඔය පාලම පටුයි. A11 පාර කාපට් කරලා හදලා කොච්චර කල් ද? මෛත්‍රී ජනපති වෙලා ඉඳලාවත් මේ පාලම පළල් කරලා හැදුවේ නැහැ. ඉතින් හැමදාම මෙතැන අනතුරු
ගුණරත්න Tuesday, 12 August 2025 03:01 PM
ඔවැනි අනතුරු වෙන්නේ ඉවසීමක් නැතිකම, අනිකාට වඩා ඉස්සරවෙලා පාලමෙන් එතෙර වෙන්න තියෙන උවමනාව. මොකක්ද හදීසිය? ටිකක් නවත්තලා පාරේ ඉඩ තියෙනවා නම් යන්න.