(අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වන අගවිනිසුරුවරයා වෙයි.
අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී. 1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රීති පද්මන් සූරසේන මහතා, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් විය.
2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ ඔහු 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් වූ අතර 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් විය.
එතැන් පටන් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන ප්‍රීති පද්මන් සූරසේන මහතා හිටපු අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මියගෙන් පසුව සිටින ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද දිවුරුම් දීමේ අවස්ථාවට එක් විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි
Allewela Gamage Sunday, 27 July 2025 08:16 PM
මෙතුමාට සුබ පැතුම්... හැබැයි මෙතුමාගේ පියාගේ මරණය සිදු කරේ දැන් සේනාධිනායකගේ පක්ෂයේ දේශප්‍රේමින් තමයි. තංගල්ල දික්වැල්ලේ හිටිය අපිට තාම මතකයි. ඔබට දීර්ඝායුෂ පතමි...!
AmalMonday, 28 July 2025 10:20 AM
අතන මෙතන කමෙන්ට් කර කරා ඉන්නේ නැතුව ඉක්මනට පොලිසියට කියන්න...!
අරවින්ද මොණරවිල Monday, 28 July 2025 09:26 AM
නීතිය රජයන සමාජයක් හදන්න වර්ථමාන ආණ්ඩුව ගෙනයන උත්සාහයට ධෛර්යය ශක්තිය සපයමින් නව තනතුරේ රාජකාරි සාර්ථකව ඉටු කරලීමට හැකියාව ලැබේවා...!
ලොකුබණ්ඩාර මුණසිංහ Monday, 28 July 2025 10:47 AM
ඔබ සුබ ආසිරි පතමි. විනිසුරු ඉතිහාසය අනුව නිර්භීතව වැඩ කළ විනිසුරුවරුන් අතර විශිෂ්ඨ විනිසුරුවරයෙකි. ඉදිරි ගමන සාර්ථක වේවා යි පතමි...!
පිටරැටියා Monday, 28 July 2025 02:44 PM
ඔබතුමාගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අපේ රටට යහපතක්ම වේවා.