IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


නවතා තිබූ බසයේ හැපුණ ලොරිය නිසා තිදෙනකුට දිවි අහිමි වෙයි

(රොමේෂ් මධුෂංක)

මාන්කුලම් පොලිස් වසමේ යාපනය ,මහනුවර  ඒ 9 ප්‍රධන මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවට පොලීසිය පැවසීය.

යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් ධාවනය වෙමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී ඇති අතර පසුව එය යථා තත්වයයට පත්කරගැනීම සඳහා බස් රථයේ රියදුරු ඇතුලු සහයයකයින් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස පරික්ෂා කරමින් සිට ඇත.

මේ අතර යාපනය දෙස සිටම කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

 ගැටීම සිදුවන අවස්ථාවේදී බස්රථයේ රියදුරු, ඇතුලු සහයකයින් මෙන්ම මගීන් කිහිපදෙනෙක් තුවාල ලැබීය.

බස් රථයේ රියදුරු සමගින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා ඊයේ (25) රාත්‍රීයේ ම  මාන්කුලම රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී රියදුරු ඇතුලු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකර ලබයි.

අනතුරින් අවුරුදු 39ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ බස් රථයේ රියදුරු හා අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි තවත් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.



අදහස් (1)

නවතා තිබූ බසයේ හැපුණ ලොරිය නිසා තිදෙනකුට දිවි අහිමි වෙයි

යෝගා Wednesday, 26 June 2024 12:02 PM

දැන් කීදෙනෙක් මැරුණාද? A9 පාරේ රථවාහන පොලිසිය ඉතා දුර්වලයි වගේ...! 

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17381 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site