IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ජනවාරියේ සිට පාසල් සිසුන්ට අලුත් වැඩසටහනක්

(ඩයනා උදයංගනී)

පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීමේ සහ ඔවුන් වැරදි චර්යාවලින් වළක්වාගැනීමේ අරමුණින් සෑම පාසලකම ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට ‘සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට මාර්තු මස 24 වැනිදා දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන්පසු සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පෙරවරු 7.30 සිට 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ඒ වෙනුවෙන් වෙන්කිරීමටත් නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය හා ‘සති පාසල’ නිර්මාතෘ උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ ‘සති පාසල පදනම’ හා ඒකාබද්ධව  සෙසු ආගමික පූජකතුමන්ලාගේ ද සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (2)

ජනවාරියේ සිට පාසල් සිසුන්ට අලුත් වැඩසටහනක්

බද්රානි Tuesday, 13 December 2022 03:08 PM

රටේ දරුවන්ව මන්ද පෝෂණ තත්වයට පත් කරලා දැන්, පෞරුෂ වර්ධනය කරන්න දඟලනවා. මන්ද පෝෂණ කාරයින්ට කොහෙන්ද පෞරුෂයක්? හොඳට කාලා බීලා ආහාර අහේනියක් නැති විනෝදයෙන් සිටින දරුවන්ගේ පෞරුෂය ඉබේටම වර්ධනය වෙනවා. අනික මේ රටේ වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ළමුන්ගේ පෞරුෂය නැතිකර දමනවා. මුලින්ම කල යුත්තේ මේ ගෝත්‍රික ආකල්ප වල එල්ලී සිටින වැඩිහිටියන්ගේ හා ගුරුවරුන්ගේ පෞරුෂය වර්ධනය කිරීමයි. ළමයින්ව නිවටයින් කිරීමනේ දැන් පාසල් තුලින් සිද්ධ වෙන්නේ...

:       0       13

Liyanage tharu Wednesday, 14 December 2022 06:52 AM

ඒ අදහසට මමත් එකඟයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන




ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2320 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 965 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1195 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site