(බිමල් ශ්‍යාමන් ජයසිංහ , බී ජානක සහ එච්.එම්.ධර්මපාල )
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකු මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇතැයි කියයි.
මියගොස් ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙස පදිංචි විශ්ව නම් අයෙකූද වන බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා වෙරළ පාර අසල පවිත්‍රතා කටයුතු සිදු කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි. ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


ඡායාරූප - බිමල් ශ්‍යාමන්

(ඡායාරූපය - එච්.එම්.ධර්මපාල)
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
Karunajeewa Monday, 05 May 2025 10:08 AM
මේ අය අමතර රැකියා කරනවා වැටුපට අමතරව වැඩි ගාණක් හොයා ගන්න. ඒවායේ තියෙනවා අන්තර් හැල හැප්පීම්... එහෙම කෙනෙක් ද දන්නේ නැහැ.
මැක්ස් Monday, 05 May 2025 10:15 AM
ජන ජීවිත බල්ලන් බළලුන්ගේ ගණනට ඇද දමමින් ජනතාවගේ ආරක්ෂාව තුට්ටු දෙකට දැමූ කයිවාරුකාර මාලිමාණ්ඩුව භංගවේවා!
prasanna Monday, 05 May 2025 10:29 AM
88/89 කාලයේ සාගරිකා ගෝමස් සහ රිචඩ් ද සොයිසා මැරුවේ මෙම ප්‍රදේශයෙන්ම මේවා එකිනෙකට සම්බන්ධයි.
Kamal Koyrala Monday, 05 May 2025 10:59 AM
පුවත් පතේ කෝලමක් වෙන් කරමු අද කාලගුණය වගේ ,අද වෙඩි තැබීම් කියලා
fairoos Monday, 05 May 2025 11:13 AM
ඉතාම කනගාටුයි... මේ කාලකන්නි මිනීමරුවන්ට එරෙහිව ජනාධිපතිතුමා ඇතුළු අලුත් ආණ්ඩුවෙන් ඉක්මන් විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ගුණරත්න Monday, 05 May 2025 03:22 PM
වෙඩි තැබීමක් නොවුණු දවසක් නැති තරම්, හැමදාමත් රටේ කොහේ හරි වෙඩි තියාගනන්ව, හරියට බ්‍රසීලේ වගේ