IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කොස්ගොඩ වෙඩි තැබීමක්

(එම්.සුසිල් පියන්ත සහ ගයාන් සූරිය ආරච්චි)

ගාලු පරේ කොස්ගොඩ  හතරමංහන්දිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (11) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරකු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි විවාහක අයෙක් බවද පොලීසිය පවසයි.

ඔහු සිය ත්‍රීරෝද රථයෙන් භාර්යාව සහ දරුවන් සමග යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර තිබෙන බවද පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයාගේ සොහොයුරෙක් වන බාලේ නමැත්තාටද මීට වසරකට පමණ උඩදී නාදුනන තුවක්කුකරුවන් තැබූ වෙඩි තැබීමකින් තුවාල පමණක් සිදුවී ජීවිතය බේරුණු බවද පොලීසිය කියයි.

අහුන්ගල්ලේදී වෙඩි වැදී බේරුණු බාලේ යැයි සිතා ඔහුගේ සොහොයුරාට මේ වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

කොස්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කොස්ගොඩ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 205 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site