
(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ පා ගමනට අග්‍රාමාත්‍ය කාර්යාලය අසල දී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි.
පා ගමනට එක්වූ පිරිස ගාලු පාර ඔස්සේ පැමිණ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසලින් ගමන් කරමින් සිටියදී මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල විය.
පොලීසිය මේ වන විට පා ගමන ඉදිරියට යාම වැළැක්වීම සඳ්‍හා මාර්ග බාධක යොදමින් සිටින බව ද වාර්තා වේ.
අගමැති කාර්යාලය අසලදී පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුවත් පිරිස තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටිති.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.