IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහර දුන්නැයි පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ)
 
අඟුණකොළපැලැස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එහි ඉහළ නිලධාරින් පිරිසක් වධහිංසා කළැයි කියන  සිදුවීමක් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.
 
බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වීමට කළ පලිගැනීමක් වශයෙන් මෙසේ වධහිංසා කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියටත් පැමිණිලි කරන්නේ යැයි ද එම කමිටුවේ නීතිඥ සේනක පෙරේරා මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අද (16) පැවැසීය. 
 
නිලධාරින් විසි දෙනෙකුට අධික පිරිසක් බන්ධනාගාර පරිශ්‍රයෙහිදී පොලු මුගුරු මගින් කරනු ලබන පහරදීමකට අදාළව පැය භාගයක පමණ කාලයක් පුරා ධාවනය වන සී.සී.ටී.වී දර්ශන අඩංගු සංයුක්ත තැටියක් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රදර්ශනය කෙරිණි.
 
මෙම ප්‍රහාරයට බන්ධනාගාර අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයාත් ජේලර්වරුන් හා නියාමකරුවන් පිරිසක් සෘජුවම සම්බන්ධ යැයි චෝදනා කළ සේනක පෙරේරා මහතා මේ ගැන රජය විධිමත් හා ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි අවධාරණය කර කීය.
 
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මෙම මාධ්‍ය හමුවේදී නීතිඥ සේනක පෙරේරා මහතා මෙසේ ද පැවසීය. 

මේ ප්‍රහාරය ලොකු කුමන්ත්‍රණයක්. පසුගිය වසරේ ඔක්තෝම්බර් 21 වැනිදා අගුණුකොලපැලැස්සේ රැඳවියන් විරෝධතාවයක් කළා. ඊට හේතුවුණේ තමන් බැලීමට එන නෑ සියන් පොලිස් විශේෂ කාර්යබළකාය මගින් නිරුවත් කර අමානුෂික ලෙස පරීක්ෂා කිරීමයි.

මෙවැනි විරෝධතාවයකට රැඳවියන්ට උපදෙස් දුන්නේ අදාළ පරීක්ෂාවට උපදෙස් දුන් බන්ධනාගාර අධිකාරිවරයාමයි.
 
අධිකාරිවරයාට වුවමනා වුණේ රැඳවියන්ගේ විරෝධතාව හරහා ආපන ශාලාව කඩා බිඳ දමන්නටයි. එහෙත් මේ ගැන දැනුම්වත් වූ රැඳවියන් සිය විරෝධය ඉන්පසුව බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව සිදුකළා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ තමන් රජයේ දේපළවලට හානි කිරීමට පොළඹ වූ අධිකාරිවරයා බන්ධනාගාරයෙන් මාරු කරන හැටියටයි.
 
ඒ උද්ඝෝෂණය බන්ධනාගාර ඉහළ නිලධාරින් මැදිහත් වී සමථයකට පත්කළා. එහෙත් ආණ්ඩු මාරුව සමග අධිකාරිවරයා තමන්ට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිසගෙන් පලිගැනීමට තීරණය කළා. මෙම ප්‍රහාරයට අධිකාරිවරයා සමග සම්බන්ධ වූ නිලධාරින්ගේ හා නියාමකවරුන්ගේ නම් ලැයිස්තුව අප සතුයි. අප ඒ සියලු සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ බාරදුන්නා. 
 
 
මීට පෙරත් වැලිකඩ, කුරුවිට, බිඳුණුවැව බන්ධානාගාරවල මෙවැනි ම්ලෙච්ඡ ප්‍රහාර සිදුවුණා.
 
බන්ධනාගාර කියන්නේ සිරකරු පුනරුත්ථාපන ආයතන වුණත් අද සිරකරුවන්ට පෙර බන්ධනාගාර නිලධාරින් පුනරුත්ථාපනය කිරීමට සිදුව තිබෙනවා. සිය පෞද්ගලික මානසික අවුල් වියවුල්වලට පවා බන්ධනාගාර නිලධාරින් පලිගන්නේ සිරකරුවන්ගෙන්. එහෙත් මෙසේ ප්‍රහාරයට ලක්වන්නේ රිමාන්ඞ් සිරකරුවන් වීම විශේෂයි. විශේෂයෙන්ම වරදකරුවන්ට සැලකීම සම්බන්ධයෙන් අවම ප්‍රමිති ඇතුලත් අන්තර්ජාතික ප්‍රඥප්තිවලට රටක් හැටියට අප අස්සන් කර තිබෙන වටපිටාවක මේ ප්‍රහාරය අතිශය බරපතලයි. මේ ප්‍රහාරයට අදාළ සී.සී.ටී.වී දර්ශන සහිත සාක්ෂි ලබාදුන් පාර්ශ්වයන්ගේ ජීවිතවලට දැනටම අවදානමක් මතුව තිබෙනවා. එනිසා මේ ගැන රජය කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය යැයි ද ඔහු පැවැසීය.
 
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් හා එහි සාමාජිකා ශමිලා ලියනාරච්චි යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් පළ කළහ.



අදහස් (1)

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහර දුන්නැයි පැමිණිල්ලක්

sampath Wednesday, 16 January 2019 11:11 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය. කිසිම පුද්ගලයෙකුට කිසිම හේතුවකට පහර දීමක් කුරිරු වදහිංසාවට ලක් කිරීමක් අවමන් සහගත සැලකීමක් කරන්න බැහැ. එය පොලිසිය බන්ධනාගාරය පාසැල මහපාරේ පමණක් නොවී ගෙදරදොරටත් අදාලයි. ගෙදරදී බිරිඳට, දරුවන්ට පහරදීමත් නීති විරෝධියි. ඉතින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරපු අයිතිය රැකගැනීම හැමෝගේම යුතුකමක් හා වගකීමක්..

:       50       206

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 713 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17916 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 766 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site