අන්තරේ සිසුවෝ විරෝධතාවක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු පිරිසක් කොළඹ මහපොළ ශිෂ්‍යාධාර ගොඩනැගිල්ල ඉදිරිපිටදි අද (05) විරෝධතාවක නිරත වූහ. 05 September 2019
ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියේ මහ මොළකරු ‘කුඩු රොෂාන්’ සහ 6ක් අල්ලයි ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසානභූමියේ පුද්ගලයන් දෙදෙනෙකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ‘කුඩු රොෂාන්’ නමැත්තා ඇතුළු හත්දෙනෙකු අද(05) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම බලකාය කියයි. 05 September 2019
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් කොටුවේ බාහිර හා අභ්‍යන්තර භේදයකින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් බාහිර උපාධි සුරැකීමේ සංවිධනය එකමුතුවේ සාමාජිකයෝ අද විරෝධතාවක නියැළුණහ. 04 September 2019
විධායක නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරින්ගේ සංගමය අද (04) කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක පැවැත්වීය. 04 September 2019
ශ්‍රීලනිපයේ 5 කට විනය ක්‍රියාමාර්ග ගන්න ලිපි බාරදෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව පක්ෂය ලිපි බාර දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 September 2019
අරුවක්කාලු විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක් පුත්තලම නගරයේ ප්‍රධාන මාර්ග හා දුම්රිය මාර්ග හරස් කරමින් විරෝධතා කිසිවක් නොපවත්වන ලෙසට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද ( 03 ) එයට සම්බන්ධ සිව් දෙනෙකුට නියෝග කළ අතර එම සිව් දෙනාට 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද දන්වා නොතිසි ද නිකුත් කළේය. 03 September 2019
ලංකා බැංකු සේවකයෝ වීදි බසිති ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මුදල් අමාත්‍යංශයට හා රජයට බල කරමින් ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (03) කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට පැවැත්විණි. 03 September 2019
‘බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා ‘ නීති විරෝධි අන්දමින් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණය වීමට උත්සාහ දැරීමෙන් සිදුවිය හැකි විපත් හා දිගු කාලීන ප්‍රතිවිපාක ගැන අනතුරු ඇගවීමේ ප්‍රයන්තයට එක්වන ලෙස ඕස්ට්‍රේලියාවේ ස්වෛරී දේශ සීමා ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරි මේජර් ජනරාල් කේ‍්‍රග් ෆුරිනි මහතා අද( 3) මීගමුව පිටිපන ධීවර තටාංගනයේදී ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය 03 September 2019
මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න නීතිපතිගෙන් ලේඛන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙන ලදී. 02 September 2019
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාරදෙයි කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ දේහය අද(2) පස්වරුවේම රාගම වෛද්‍ය විද්‍යාලයට බාර කෙරිණි. 02 September 2019
වැඩි මුදලක් ගමට වෙන් කළ එකම රජය වත්මන් රජයයි දේශපාලන කුමණ්ත්‍රණ, ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දෙමින් ණය ගෙවමින් වැඩිම මුදලක් ගමට වෙන්කළ එකම රජය වත්මන් රජය යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (2) පැවැසීය. 02 September 2019
‘විනය ක්‍රියා මාර්ග ගන්නා බව එජාපයෙන් දැනුම් දී නැහැ‘ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ. 01 September 2019
‘ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය වෙනස් කරන්නේ නැහැ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (30) පැවැසීය. 30 August 2019
දුම්රියේ ලොරියක් ගැටී මගීන් 8 ක් රෝහලේ දෙහිවල පීටර් ලේන් මාර්ගය අසළදී ගඩොල් පටවාගත් ලොරි රථයක් පසු පසට ධාවනය කිරීමේදී කොළඹ සිට මාතර දෙසට ගමන් ගත් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 29 August 2019
එස්බී - ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. 29 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026