නිශ්ශංක සේනාධිපතිට ඇප
ශ්රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි බවට ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය.