කණ්ඩලම වැව වාන් දමයි පවතින අධික වර්ෂාවත් සමඟ කණ්ඩලම වැවේ වාන් දැමීම ආරම්භ කළ බව මහවැලි නිලධාරීන් පවසයි. 05 December 2019
පස්කඳු කඩාවැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැවති ධාරානිපාත වර්ෂාව සමග බණ්ඩාරවෙල ඔබඩඇල්ලේදී දුම්රිය මාර්ගයට දැවැන්ත පස් කන්දක් කඩා වැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 05 December 2019
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10ක් රෝහලේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනෝන් වතුයායේදී බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් 10දෙනෙකු අද(28) බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ. එස්. කේ. ජයසූරිය මහතා පැවසීය. 28 November 2019
යුද්ධයෙන් මිය ගිය මහවිරුවන්ගේ නම් ලැයිස්තුවක් නල්ලූර්හි ප්‍රදර්ශනයට අදට (27) යෙදී ඇති ‘මහවිරු දිනය’ නිමිත්තෙන් යුද සමයේදී මිය ගිය මහවිරුවන් 25,000කගේ පමණ නම් ලැයිස්තුවක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කර ඇත. 27 November 2019
මඩකලපුවේ මාර්ග ජලයෙන් යටවෙයි මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අතුරු මාර්ග සහ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇත. 26 November 2019
මස්කෙළියේ තේවතු 10 ක උද්ඝෝෂණ වෘත්තීය අයිතිවාසිකම් කිහිපයක් මුල් කර ගනිමින් මස්කෙළිය වැවිලි සමාගමට අයත් තේ වතු 10 ක ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයෝ පිරිසක් අද (26) මස්කෙළිය මාවුස්සාකැලේ මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරත වූහ . 26 November 2019
ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී තිදෙනෙකුට තුවාල හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පොලිසිය ඉදිරිපිටදී අද(25) පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයත් එකිනෙක ගැටී වූ අනතුරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසයි. 25 November 2019
නොර්වුඩ්හි ගින්නකින් වෙළඳසැල් තුනක් විනාශයි හැටන්, නොර්වුඩ් නගරයේ ප්‍රධාන වීදියේ වෙළඳසැල් පේලියක අද (25) අලුයම හටගත් ගින්නකින් වෙළඳසැල් තුනක් විනාශ වී ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසයි. 25 November 2019
දුම්රියක ගැටී ගේට්ටු මුරකරු මරුට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ ගැටී ගේට්ටු මුරකරුවෙකු අද (20) මිය ගොස් ඇතැයි හැටන් පොලිසිය පවසයි. 20 November 2019
සජිත්ගේ පරාජයට පක්ෂයේම පිරිසක් වගකිව යුතුයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් වගකිවයුතු බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා කොළඹදී පැවැසීය. 19 November 2019
ජනපති සිය ධුරයේ වැඩ අරඹයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. 19 November 2019
හැටන් - බගවන්තලාව මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව හැටන් පොලිසිය පවසයි. 14 November 2019
සමනළ වැව පිටාර මට්ටමට සමනළ වැව පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් තවදුරටත් වර්ෂාව පැවතියහොත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය. 13 November 2019
හරීන්ගෙන් සජිත්ට පොරොන්දු පත්‍රයක් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීමෙන් පසු වසර දෙකක් යන තෙක් තමාට හිමි ඇමැති වැටුප හෝ මන්ත්‍රී වැටුප ලබානොගෙන එම වැටුප රාජ්‍ය ණය පියවීම සඳහා භාණ්ඩාගාරයට ලබා දෙන බවට පොරොන්දු වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත අද (10) ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පොරොන්දු පත්‍රයක් බාර දුන්නේය. 10 November 2019
වන අලියකු පහර දී තවත් අයෙක් මරුට කහගල්ල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද(08) පුද්ගලයකු මිය ගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. 08 November 2019
එස්බීගේ ආරක්ෂක නිලධරයන් දෙදෙනා රිමාන්ඩ් ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටියේ දී තරුණයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදු කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද (7) නියෝග කළේය. 07 November 2019
එස්.බී.ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (07) සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසීය. 07 November 2019
හෙරොයින් කිලෝ 200 ක් ගාල්ල මුහුදෙන් අල්ලයි ගාල්ලට නුදුරු මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් කළ විශේෂ මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළැයි කියන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 04 November 2019
තමිල් අරසු කච්චි පක්ෂයේ සහය සජිත්ට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 03 November 2019
ගුවන් තොටේ මත්ද්‍රව්‍ය වැටලීමට රොබෝ යන්ත්‍ර දෙකක් මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (1) සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් යොදවා ඇත. 01 November 2019
‘රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මේ වසර අවසානයට පෙර තැන්පත් කරනවා’ අනුරාධපුර රුවන්වැලි මහා සෑ මුදුනේ දැනට තැන්පත් කර ඇති වසර 80ක් පැරණි චූඩා මාණික්‍යය සහ රන් ආලේපිත කොත් වහන්සේ මේ වන විට පළුදු හා දුර්වරණ වී ඇති බැවින් ඒ වෙනුවට නව චූඩා මාණික්‍යයක් සහිත රත්රන් කොත්වහන්සේ නමක් තැන්පත් කිරීම මෙම වසර අවසන්වීමට පෙර සිදුකරන බව නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියෝ පැවසූහ. 31 October 2019
වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකගේ පරීක්ෂාවට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවසක් තුළ කිසියම් පිරිසක් කළ රහසිගතව කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් අද (29) දින අරඹා තිබුණි. 29 October 2019
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටුවක් අරී මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (28) පැවති වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් වනවිටත් විවෘත කර ඇත. 28 October 2019
නාවුල නගරයත් ජලයෙන් යට වෙයි මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ පිහිටි නාඋල නගරය පැය දෙකකට අධික කාලයක් අද (28) ජලයෙන් යටවූ වී මාර්ග අවහිරයක් පැවැතිණි. 28 October 2019
මහනුවර - දොඩම්වල මාර්ගයේ ගමනාගමනයට බාධා මහනුවර - දොඩම්වල මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහවල් දොඩම්වල මාර්ගයේ වාහන ගමනාගමනය ඇනහිට තිබිණ. 28 October 2019
මල් වෙඩිල්ලක් පිපිරී අයෙක් මරුට දීපාවලී උත්සවය වෙනුවෙන් පැවති සංගීත සංදර්ශනයකදී මල් වෙඩිල්ලක් පිපිරී සිව්දරු පියෙකු මියගොස් ඇතැයි මස්කෙළිය පොලිසිය පැවසීය. 28 October 2019
ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගටම වහලා නාය යාමකට ලක්ව ගල් හා පස් මාර්ගයට කඩාවැටීමෙන් වසා දැමූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව බ දුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය . 27 October 2019
ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි නාය යාමත් සමඟ මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය. 25 October 2019
‘එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ඇහුවා‘ හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී පැවසීය. 25 October 2019
අනතුරකින් සිරම්බිඅඩියේ දී 3 ක් මරුට පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩිය විශේෂ කාර්ය බළකා කඳවුර ආසන්නයේ දී අද(24) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 24 October 2019
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026