IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


හැමතැනකම බහු බූත කෝළම්

මේ ටිකේම උදේ නැගිටපු වෙලාවේ ඉදන් රෑ නින්දට යනකන් අහන්න දකින්න වෙන දේවල් එක්ක ට්‍රැක් වැසියො තනිකරම ට්‍රැක් එකෙන් පිට ගිහිල්ලයි ඉන්නේ. එහෙන් ජනාධිපතිවරණ , මෙහෙන් ක්‍රිකට්, අරහෙන් දේශපාලක ඇත්තෝ ඉස්ගෙඩි වගේ එහෙට පනිනවා මෙහෙට පනිනවා. එහෙට බැන බැන මෙහෙට එනවා. මෙහෙන් බැන බැන එහෙට යනවා. අනේ ඉතින් අහිංසක ට්‍රැක්වැසියෝ වෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා නොදැන කට ඇරන් මේ බහුබූත ඔක්කොම බලන් ඉන්නවා.

ඒ අස්සේ බංගලියෝ ට්‍රැක් වැසියන්වත් කොපි කරන්න අරන්. අපේ අරගලේ දැකලද මන්දා, රට කරවන ඇත්තෝ පිස්සු කෙලිනවා කියලා මෙහේ වගේම එහෙත් අරගල තියලා , රටේ ඇත්තෝ පන්නලා. මෙහෙ වගේම පොදු දේපල විනාස කර කර ,මනමාලිගේ ගෙදර අය මනමාලයාගේ ගෙදර දෑවැද්ද ගෙනියනවා වගේ. රෙදි කොට්ට මෙට්ට ඇද ඇතිරිලි පුටු මේස පිඟන් පීරිසි කර තියාගෙන ගෙවල් වල උස්සන් යනවා. හුරේ දාලා ගෙනිච්චා වගේ නෙමෙයි ඉතින් පස්සේ පස්සේ ගෙනියපු අය හොයන් එද්දි. රජය උනත් දැනගන්න ඕනේ , රටේ ජනතාවට අධික විදිහට පීඩනය දුන්නම , පීඩිත ජනතාව එකතු උනොත් ලේසි පහසු නෑ කියලා.

මීට අවුරුදු 20 කට විතර කලින් ට්‍රැක් ලන්තේ තිබුනු විදිහයි දැන් ට්‍රැක්ලන්තේ තියන විදිහයි බලද්දි ඉතින් ඒ කාලේ ආර්ථිකමය වශයෙන් මිනිස්සු කොච්චර සතුටින් සැහැල්ලුවෙන් හිටියද. ඒකට දැන් පොළට ගිහින් රුපියල් 5000 ක් දීලා සොච්චම් බඩු ටිකක් අරන් කරබාගෙන, අහස පොළොව ගැටලන්න කල්පනා කර කර තමා මිනිස්සු පාරේ යන්නේ. වැඩි කරගෙන ගිය සමහර බඩු භාණ්ඩ එහෙම්මමයි. පොඩ්ඩක්වත් මිලගනන් අඩු නෑ. හැමදේකින්ම පීඩාවත පත්වෙන්නේ අහිංසක ට්‍රැක් වැසියෝ.

රටේ ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක කියලා ක්‍රිකට් බලන ට්‍රැක් වැසියෝ ඊට පස්සේ ඉන්නේ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දීලා. ප්‍රශ්න මදිවට ප්‍රශ්න. ක්‍රිකට් ලෝලියෝ නියපොතු කකා ක්‍රිකට් බලන්නේ. මැච් එක ඉවර වෙද්දි ඇඟිලිවල නියපොතුත් නෑ. මැච් එක දින්නොත් ඉතින් ටීම් එකේ අය දෙවිවරු සේ සලකලා වන්දනාමාන කරන ට්‍රැක් වැසියෝම මැච් එකක් පැරදුන ගමන් ටීම් එකේ ඇත්තොන්ගේ මවුපියන් මතක් කරන්නත් අමතක කරන්නේ නෑ ඉතින්. ට්‍රැක් වැසියොත් දැනගන්න ඕනේ ක්‍රිකට් ටීම් එකටත් ඩාම් වෙනවා ඩූම් වෙනවා කියලා. දිනලා දිනලා පරදිනවට වඩා පැරදිලා පැරදිලා පැරදිලාම යන එකෙත් පොඩි මෙව්වා එකක් ඇති ඉතින්.

ඔක්කොටෝම වඩා හපන් ගෙවල්වල ඉන්න ක්‍රිකට් දාර්ශනිකයෝ " ඔහොම නෙමෙයි මෙහෙම ගැහුවා නම් හයයි, අරයව නෙමෙයි මෙයාව මෙතෙන්ට දැම්මා නම් හරි , මුන්ට ක්‍රිකට් ගහන්න බෑ, ඒ බෝලෙට මෙහෙම ගහන්න තිබ්බේ.. " ආදී වශයෙන් ටී වී ඉස්සරහා ඉන්න දාර්ශනිකයෝ ඉතින් ක්‍රිකට් උගන්වනවා. ඇයි දෙයියනේ මේ මිනිස්සු පිටියට යවන් නැත්තේ. ප්ලීස් බලධාරීන් මේවට අවධානය දෙන්න. ඒ අතරේ ඉතින් තවත් අය ටීම් එකට කාන්තා ක්‍රිකට් සාමාජිකාවියන් දැම්මා නම් දිනයි කියලත් යෝජනා කළා.

මේ ඔක්කොමත් එක්ක විවිධාකාර වරප්‍රසාද ලබා ගැනීම පිණිස දේශපාලන පක්ෂ මාරු කර කර රට කරවන ඇත්තෝ බට්ටෝ පනිනවා. පුදුම පිල් මාරුවක් ඒක. ඊයේ ස්ටේජ් එකේ නැගලා පලු යන්න බැනලා , වැරදි කියපු පිලට හෙට වෙද්දි මාරු වෙලා. ඒ ඇත්තෝ නම් කියන්නේ ඉතින් තනතුරු , බල තල නිසා නෙමෙයි ට්‍රැක්ලන්තෙට ආදරේට කියලා. අනේ ඉතින් මේ ඔක්කොම ආදරේ නිසානේ දෙයියනේ. බලන්න එයාලා අපිට තියන ආදරේ. ලAnchorජ්ජාව ටොමියට දාලා පිල් මාරු කරන්නේ රටට ජනතාවට තියන ආදරේ නිසානේ කියලා මතක් වෙද්දි බඩ පපුව හෝස් ගාලා යනවා. ට්‍රැක් වැසියෝ මේවට අනම් මනම් කියනවා එහෙම නෙමෙයි ඔන්න. සමහරු කියයි ඉතින් තනතුරු ගන්න, සල්ලි වලට කියලා. ඒගොල්ලෝ එහෙම නෑ හොඳේ.

ජයනි සිතාරි අල්විස්.



අදහස් (1)

හැමතැනකම බහු බූත කෝළම්

ඩිනෙශ්ඩීඒස් ටීස් Thursday, 05 September 2024 11:48 PM

හරි හිනා...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30268 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12351 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 777 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 238 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site