ආචාර්ය නිමල් සේදර මහතා විසින් රචිත “ගිහි ගෙදර කහවනු” “උහුලන දෙරණ අම්මා” සහ “තේ වත්තෙ රජ්ජුරුවෝ” යන කෘතීන් තුන දොරට වැඩීමේ උත්සවය පසුගියදා මහනුවර ඊ.එල්. සේනානායක පුස්තකාලයේදී මධ්‍යම ප්‍රදේශයේ මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

මෙම උත්සව සභාව අමතා කතා කළ පිරිස අතර මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සහ ආචාර්ය එඩ්වින් ආරිදාස යන මහත්වරු වූහ. ආචාර්ය උපාලි සේදර මහතා ස්තූති කතාව කළ අතර ඇමරිකාවේ හිටපු සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ද ප්‍රධාන ආරාධිතයින් අතර සිටියේය.
ඡායාරූපයේ දිස්වෙන්නේ උත්සවයේ අවස්ථාවකි. මහ ඇමැති තුමාද ආචාර්ය නිමල් සේදර ආචාර්ය එඩ්වින් ආරියදාස මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර යන මහත්වරුන් සහ නිමල් සේදර මහතාගේ මෑණියන්ද වේදිකාවේ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd