විශ්වයේ ‘වර්ගෝ සුපර් ක්ලස්ටර්’ නමැති දැවැන්ත මන්දාකිණි පොකුරකි. මේ මන්දාකිණි පොකුරේ ‘ලෝකල් ගෲප්’ නමින් තවත් මන්දාකිණි පොකුරක් ඇති කලාපයක් පිහිටයි. මෙම ලෝකල් ගෲප් කලාපය නිර්මාණය වී තිබෙන්නේ, ප්‍රමාණයෙන් විශාල මන්දාකිණි දෙකක් සහ තවත් කුඩා මන්දාකිණි කීපයක් එකතු වෙමිනි. ලෝකල් ගෲප් කලාපයට අයත් එක් මන්දාකිණියක් වෙන්නේ ‘මිල්කි වේ’ මන්දාකිණියයි. සිංහලෙන් ‘ක්ෂිර පථය’, ‘කිරි සයුර’ ආදි නම්වලින් හැඳින්වෙනුයේ මෙයයි. මේ අපගේ මන්දාකිණියයි. අපගේ හිරු, පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියයි.
‘මිල්කි වේ’ මන්දාකිණිය සර්පිලාකාරය. මන්දාකිණියේ කෙළවර හැඳින්වෙන්නේ ‘බාහු’, එසේත් නැතිනම් ‘අත්’ (ආර්ම්) යනුවෙනි. තාරකා විද්‍යාඥයන්, විවිධ නම්වලින් මෙම ‘බාහු’ නම් කර ඇත. එයින් එක් බාහුවක් වෙන්නේ ‘ඔරායන් ආර්ම්’ ය. එහි ඇති එක් විශේෂ තරුවක්, ඔබ මේ සටහන කියවද්දී පවා, ක්ෂීරපථයේ ඇති කළු කුහරයක් වටා කරකැවෙමින් පවතී. මේ තරුව, අපගේ සූර්යයාය. සූර්යයා එක් කාලයකදී ඉතාමත් සන්සුන් තරුවක් බවටත්, තවත් කාලයකදී ඉතා ප්‍රචණ්ඩ තරුවක් බවටත් පත් වෙයි. මෙය සිදුවෙන්නේ ‘චක්‍ර’ වලට අනුවය.
මෙවැනි ‘චක්‍ර’ හැඳින්වෙන්නේ ‘සෝලර් සයිකල්’ එසේත් නැතිනම් ‘සූර්ය චක්‍ර’ යනුවෙනි. ඔබ දන්නවාද, මේ මොහොත වෙද්දී, අපේ හිරු එසේත් නැතිනම් සූර්යයා පුදුමාකාර විදිහට ක්‍රියාශීලීව සිටී. හිරු කොතරම් ක්‍රියාශීලී ද කීවොත්, පෘථිවිය දෙසට අතිදැවැන්ත සූර්ය කුණාටු මුදාහැරීම සිදු කරයි.
වසර 20 කට පසු පෘථිවියට බලපෑම් කළ දරුණුතම සූර්ය කුණාටු මේවා යැයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති. පසුගිය මැයි මාසයේ හිරුගේ තරම අපට දැක ගන්න ලැබුණි. ඒ, රටවල් බොහොමයක අහස දීප්තිමත් රතු, කොළ, රෝස ආදී වර්ණයන්ගෙන් අලංකාර වෙමිනි. උත්තරාලෝකය සහ දක්ෂිණාලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ මෙම අසාමාන්‍ය සංසිද්ධියයි.
අප සූර්යයා සම්පූර්ණයෙන්ම හයිඩ්‍රජන් සහ හීලියම්වලින් නිර්මාණය වූ වස්තුවකි, ගිනි බෝලයකි. මෙය අප සූර්යයාට පමණක් විශේෂ නෙවෙයි. විශ්වයේ සෑම තාරකාවක්ම නිර්මාණය වී ඇත්තේ හයිඩ්‍රජන් සහ හීලියම් වලිනි. මේ දැවැන්ත තාරකාවලට විද්‍යුත් ආරෝපණයක් පවතී. සෑම තාරකාවක් වටා ම ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් තිබේ. මෙම චුම්බක ක්ෂේත්‍රයේ විවිධ වෙනස්කම් සිදුවෙයි. චක්‍රයක් ලෙස හැඳින්වෙන්නේ මෙම වෙනස්කම්ය.
සෑම අවුරුදු 11 කට වරක්ම, සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. තවත් පැහැදිලි කළොත්, සෑම අවුරුදු 11 කට වරක්ම, උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය එකිනෙක මාරු වෙයි. සූර්ය චක්‍රය යනු මෙම මාරුවීමය. ධ්‍රැව මෙසේ මාරු වෙද්දී, සූර්යයා මත ‘හිරු ලප’ නිර්මාණය වීමට පටන් ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස, සන්සුන් සූර්යයා ප්‍රචණ්ඩ සූර්යයකු බවට පත් වෙයි.
සූර්ය චක්‍රයක් හඳුනාගැනීමට හැකි පහසුම ක්‍රමය සූර්යයා මත නිර්මාණය වෙන සූර්ය ලප ගණනයයි. සූර්ය චක්‍රයක ආරම්භ කාලයේදී සූර්යයාගේ ලප ගණන ඉතා අඩුය. සූර්ය ගිනිදැල් නිකුත් වීම අඩුය. තාරකා විද්‍යාඥයන් මෙම කාලය හඳුන්වන්නේ ‘සෝලා මිනිමම්’ යනුවෙනි. චක්‍රයේ මුල් අවදිය, නැතිනම් ආරම්භක අවදිය මෙයයි. කාලය ගතවෙද්දී සූර්ය ලප ප්‍රමාණය ඉහළ යයි. සූර්ය ලපවලින් සූර්ය ගිනිදැල් නිකුත් වීම, හෙවත් ‘කොරනල් මාස් ඉජෙක්ෂන්’ වැඩි වැඩියෙන් දකින්නට ලැබේ. සූර්යයාගෙන් පිටවෙන රතු ආරෝපිත අංශු ධාරා, අභ්‍යවකාශයට පිට කිරීම‘කොරනල් මාස් ඉජෙක්ෂන්’ ලෙස විද්‍යාඥයෝ හඳුන්වති.
පිටවෙන රත් වූ අංශු, සෞරග්‍රහ මණ්ඩලය පුරා, සුළඟක් ලෙස පැතිරී යයි. ‘ජියෝ මැග්නටික් ස්ටෝම්’ යනු මේවාය. ‘ජියෝ මැග්නටික් ස්ටෝම්’ යනු ‘සූර්ය සුළං’ ය. මේ සූර්ය සුළං, සෞරග්‍රහ මණ්ඩලය පුරා පැතිරී යද්දී අප පෘථිවියේත් ගැටෙයි. මේ සූර්ය සුළං සෘජුව පෘථිවියේ ගැටුණොත් එය හානිකරය. ඒත්, අප පෘථිවියට ආරක්ෂක අදිසි ආවරණයක් ඇත. ඒ, පෘථිවි හරය මගින් ඇති කරන, චුම්බක ක්ෂේත්‍රයයි. සූර්ය සුළං පෘථිවිය ඇතුළට පැමිණීම වැළැක්වීමට මෙම චුම්බක ක්ෂේත්‍රයට හැකිවෙයි. පෘථිවිය මුළුමනින්ම ආවරණය කිරීමට ද චුම්බක ක්ෂේත්‍රය සමත් වෙන්නේ නැත.
පෘථිවියේ උත්තර ධ්‍රැවයෙන් හෝ දක්ෂිණ ධ්‍රැවයෙන් සූර්ය සුළං පෘථිවියට ඇතුළුවෙන අවස්ථා තිබේ. උත්තර ධ්‍රැවයේත් දක්ෂිණ ධ්‍රැවයේත්, අහස කොළ පාට වැනි දීප්තිමත් ආලෝකයෙන් දිදුලන්නේ මෙවැනි අවස්ථාවලදීය. ‘ඔරෝරා බොරියාලිස්’ යනුවෙන් හැඳින්වෙන්නේ මෙම අලංකාර ආලෝක රටාය. ‘ජියෝ මැග්නටික් ස්ටෝම්’ සූර්ය සුළං සෘජුව පෘථිවියට බලපෑමක් කළොත්, පෘථිවියේ විදුලි බල සැපැයුම් පද්ධතිවලට හානි සිදුවීමට ඉඩ ඇත. පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකාවලටත්, අභ්‍යවකාශ යානාවලටත් හානිවීමක් සිදුවිය හැකිය. විද්‍යුත් පරිපථවලට හානි සිදුවිය හැකිය.එපමණක් නොවෙයි, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළටත් හානි සිදුවිය හැකිය.
සූර්ය චක්‍රයක ප්‍රබලම කාලය, එසේත් නැතිනම් ‘සෝලර් මැක්සිමම්’ අවස්ථාවේදී තමයි මෙවැනි ප්‍රචණ්ඩ දේවල් සිදුවිය හැකි වෙන්නේ. ‘සෝලර් මැක්සිමම්’ අවස්ථාව උච්චත්වයට ළංවීමෙන් පසු, සූර්ය ලප ගණන කෙමෙන් අඩුවීමට පටන් ගනී. එයින් අදහස් වෙන්නේ සූර්ය චක්‍රය අවසන් වෙන බවය. ඉන්පසු යළි අවුරුදු 11 ක කාලයකදී තවත් චක්‍රයක් ආරම්භවීම සහ අවසන්වීම සිදුවෙයි. සූර්යයා කාලයකදී ප්‍රචණ්ඩ වෙන්නේත්, සන්සුන් වෙන්නේත් මේ අනුවය. මෙම 2024 වසර වෙද්දී සූර්යයා ගෙවා දමමින් ඇත්තේ සූර්ය චක්‍රයේ සක්‍රීය කාලවකවානුවය. සූර්යයාගේ සක්‍රීයභාවය ආරම්භ වූ බව පැවැසෙන්නේ 2019 වසරේ දීය. 2025 වෙද්දී සූර්යයාගේ සක්‍රීයභාවය උපරිමයට ළං වෙනු ඇත. ඒ වනවිට වැඩිපුර සූර්ය ලප ඇතිවීම, සූර්ය ගිනිදැල් පිටවීම, සූර්ය සුළං පිටවීම ආදිය සිදුවේවි.
සූර්ය චක්‍රවල බලපෑම් එල්ල වෙන්නේ අප පෘථිවියට පමණක් නොවෙයි. මුළු සෞරග්‍රහ මණ්ඩලයටම එයින් බලපෑම් එල්ල වෙයි. විවිධ කාලවලදී සූර්ය චක්‍ර හේතුවෙන්, නෙප්චූන් ග්‍රහලොවේ වලාකුළු සැකැස්මට බලපෑම් එල්ල වුණැයි නාසා කියයි. නාසා විද්‍යාඥයන් මෙසේ කියන්නේ 1994 වසරේ සිට 2020 වසර තෙක් ‘හබල්’ දුරේක්ෂය මගින් ලබාගත් නෙප්චූන්ගේ ඡායාරූප පාදක කරගනිමිනි.
බීබීසී සයන්ස් ඇසුරිනි
මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු
එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත
මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.
එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.
අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලුණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක
යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
හිරුගෙ මූඩ් වෙනස් කරන හිරු චක්‍ර