IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


යළි නොඑන වග දැන අඟහරුවෙත යන ළඳ

අලිසා කාසන් 24 හැවිරිදි හැඩකාර ඇමෙරිකන් තරුණියකි. අද වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ඇය ගැන කතාබහ කරති. ඊට අපූරු හේතුවක් ඇත. ඒ අඟහරු ග්‍රහයා වෙත යෑමට ඇය සූදානම් වෙමින් සිටීමයි. අඟහරු වෙත යෑම ඉතා අසීරු මෙන්ම ජීවිත අවදානම් ගමනක් බව දන්නා ඇය - පෘථිවියට සදහටම සමු දී, එහි ස්ථිරවම පදිංචිවීමේ අපේක්ෂාවෙන් ද සිටින්නීය. 

ඒත් අද හෙට අඟහරු ගමනක් සිදු නොවෙයි. ඇමෙරිකාවේ නාසා ආයතනය සැලැසුම් කර ඇත්තේ 2033 වසරෙන් පසු අඟහරු වෙත ගගනගාමීන් යැවීමේ මෙහෙයුම් ආරම්භ කිරීමටය. අඟහරු ගමනට අධි බලැති රොකට්ටුවක් සහ ගගනගාමීන් ආරක්ෂිතව අඟහරු ගෙන යෑමට අභ්‍යවකාශ යානයක් අවශ්‍ය වෙයි. ඒවා තවමත් සැලැසුම් සහ අත්හදා බැලීම් මට්ටමේ පවතී. දීර්ඝ කාලයක් අභ්‍යවකාශයේ ගත කිරීම - මිනිස් සිරුරට කායික මෙන්ම මානසික වශයෙන් ද අභියෝගයකි. ‘පිස්සු නොවැටී‘ අඟහරු යෑම අභියෝගයක් යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසන්නේ ඒ නිසාය.

ගගනගාමියකු වීමේ සිහිනය සැබෑ කරමින්, අඟහරු හෙවත් රතු ග්‍රහයා මත පය තබන පළමු තැනැත්තිය වීම අලිසාගේ අරමුණ වන අතර, නාසා ආයතනය ද පවසා ඇත්තේ ඇයට එම අරමුණ කරා යෑමට හැකිවනු ඇති බවය. “පොඩ්ඩෝ අභ්‍යවකාශය ගැන උනන්දුයි. ග්‍රහලෝක තරු ගැන උනන්දුයි. මමත් එහෙමයි. මං අඟහරු ගැන උනන්දු වුණේ අවුරුදු තුනේ දී. පුංචි කාලේ මං අභ්‍යවකාශය ගැනත් අඟහරු ගැනත් නිතරම ප්‍රශ්න අහනවා කියලා මගේ තාත්තා කියනවා” යැයි අලිසා කියන්නීය. ඈ අභ්‍යවකාශයට ඇලු‍ම් කළේ කුඩා කාලයේ සිටම බව හොඳින්ම දන්නේ ඇගේ පියා බර්ට් කාසන් ය. අභ්‍යවකාශය ගැන දැක්වූ උනන්දුව නිසාම - ඇයට අභ්‍යවකාශ කටයුතු ඉගැන්වීමට බර්ට් කටයුතු කළේය. ඇය නාසා පුහුණු පාඨමාලාවලට සම්බන්ධ කළේ ඔහුය. 

‘අඟහරුවලට මිනිසුන් ගිහින් නැද්ද?’ කියලා අලිසා “පුංචිම කාලේ ඉඳන් මගෙන් ප්‍රශ්න කරනවා. එහිදී ‘හඳට මිනිසුන් ගියා, ඒත් අඟහරුවලට මිනිසුන් යනවා නම් එහෙම යන්න ලැබෙන්නේ ඔයාගේ පරම්පරාවේ අයටයි’ කියලා මම ඇයට කීවා. අලිසා ඒ ගැන ලොකුවට සිතන්න වුණා. මම හිතන්නේ ඇගේ අඟහරු සිහිනය ආරම්භ වුණේ එතැණින්. කොහොම නමුත් තව අවුරුදු 25 කින් හෝ 30 කින් ඇය අඟහරු යාවි. එදාට ඇයට සදහටම සමු දෙන්න මට සිද්ධ වේවි. තාත්තා කෙනෙකු විදියට මට ඒක දරා ගන්න පුළුවන් වේවි ද කියන්න දන්නේ නැහැ. මොනවා වුණත් මට මගේ දූ ගැන ආඩම්බරයි.” 

බර්ට් කාසන් ඉතා හැඟුම්බරව එසේ පවසයි. 

කුඩා කාලයේ සිටම අලිසා ‘අභ්‍යවකාශ කඳවුරුවලට’ ඇලු‍ම් කළාය. නාසා ආයතනය ඇමෙරිකාවේ පමණක් නොව - රටවල් කීපයකම අභ්‍යවකාශ කඳවුරු පිහිටුවා තිබේ. ඒ සෑම කඳවුරකටම සහභාගී වෙමින් ’නාසා පාස්පෝට් වැඩසටහන’ සම්පූර්ණ කළ පළමු තැනැත්තිය වන්නේ ද 

අලිසා ය. අභ්‍යවකාශ කඳවුරු යනු ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී අභ්‍යවකාශය ගැන කියා දෙන පුහුණු පාඨමාලාවකි. එසේත් නැතිනම් අධ්‍යාපනික වැඩසටහනකි. කාලය දින 5 කි. අභ්‍යවකාශ පුහුණු මෙහෙයුම් සහ රොකට් තාක්ෂණය ගැන දැනුම ලබා දීම මෙහි දී සිදුවෙයි. විෂය ප්‍රමාණික දැනුම සහිත ප්‍රවීණ පළපුරුදු විද්වතුන් සම්පත් දායකයින් ලෙස ඒවාට සහභාගී වෙති. 

අභ්‍යවකාශය සම්බන්ධ වාර්තා චිත්‍රපට අභ්‍යවකාශයේ සිදුකළ ගවේෂණ මෙහෙයුම් සහ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත මෙහෙයුම් ද මෙම අභ්‍යවකාශ කඳවුරු වැඩසටහනට සහභාගී වන විද්‍යාර්ථීන්ට කියා දීම සිදුවෙයි. සියලු‍ පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වූ තැනැත්තිය ලෙස පිරිනැමුණු  විශේෂ උපාධියක් සහ සහතික පත් රැසක් අලිසා සතුය.

“මා මුලින්ම සහභාගී වුණේ ඇලබාමා ප්‍රාන්තයේ හන්ට්ස්විල් අභ්‍යවකාශ කඳවුරටයි. ඒ කඳවුරට තුර්කියේ තුර්කි අභ්‍යවකාශ කඳවුරේ පුහුණුව ලැබූ කෙනෙක් ඇවිත් හිටියා. එයාගේ අත්දැකීම් එයා පැහැදිලි කළා. එවිටයි මට ආසාවක් ඇති වුණේ අනෙක් රටවල ඇති නාසා අභ්‍යවකාශ කඳවුරුවලට සහභාගී වෙන්න. ඒ කාලයේ තුර්කි අභ්‍යවකාශ කඳවුරට සහභාගී වුණු එකම ඇමෙරිකන් ජාතිකයා වුණේ මමයි. ඒ කඳවුරට, රටවල් 15 ක පමණ විද්‍යාර්ථීන් සහභාගී වී සිටියා” යැයි අලිසා සිය ඉගෙනුම් අතීතය සිහිපත් කරමින් සඳහන් කළාය.

විවිධ රටවල අභ්‍යවකාශ කඳවුරුවලට සහභාගී වීම අලිසාට ආස්වාදජනක අත්දැකීමක් විය. ඒ හුදෙක්  විදේශ සංචාරයට තිබූ ආසාව නිසාම නොවේ. විදෙස් සංචාරවල දී තමා හා සමාන අභ්‍යවකාශ ලෝලී තැනැත්තන් තැනැත්තියන් දැන හඳුනා ගැනීමට ඉඩහසර ලැබුණු නිසාය.  එමෙන්ම විද්වතුන් ඇසුරු කරන්නට ද ඇයට එහිදී අවස්ථාව ලැබුණි. එය ඇගේ දැනුම වර්ධනයට ඉවහල් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. 

“ඉතිං කොහොමද ඇත්තටම ගගනගාමියෙක් වෙන්නේ?” මේ පැනයට අලිසාගේ කෙටි පිළිතුරක් ඇත. 

“ගගනගාමියකු වෙමින් ඒ ක්ෂේත්‍රයට පිවිසීම පහසු නැහැ. ඒක හරිම තරගකාරී ක්ෂේත්‍රයක්. කරන්න දේවල් බොහොමයි. ගොඩක් මහන්සි වෙන්න සිදුවෙනවා. ඒත් ඒක බැරි දෙයක් නම් නොවෙයි.”

“ගගනගාමියකු වීමට අයැදුම් කිරීමට නම් මූලික සුදුසුකම වශයෙන් විශාරද උපාධියක් තිබිය යුතුයි. එමෙන්ම ක්ෂේත්‍රයට අදාළ පළපුරුද්දක් තිබිය යුතුයි. ඊට අමතරව ගගනගාමියකු වීමට අයැදුම් කරද්දී තවත් කරුණු කාරණා කීපයක් ගැන කල්පනාවෙන් ඉන්න ඕනෑ. යම්කිසි විදියකින් ඔබ තෝරා ගැනුණේ නැතිනම් එසේ වූයේ ඔබේ සුදුසුකම්වල අඩුපාඩුවක් නිසා නොවන්න පුළුවන්. ගගනගාමියකු ලෙස තෝරා ගැනීමට කරුණු කාරණා ගොඩක් බලපානවා. ඒක සිහියේ තබා ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් ගගනගාමීන් වෙන්න 18,000 ක් පමණ ඇයැදුම් කරනවා. අවසානයේ දී 20 දෙනකු අතරින් 12 දෙනකු තෝරා ගැනෙනවා. අභ්‍යවකාශ ක්ෂේත්‍රයට සම්බන්ධවීම ඇත්තෙන්ම අපූරු අත්දැකීමක් බව කියන්න ඕනෑ. මනෝවිද්‍යාත්මක අංශයෙන්, ආහාරපාන අංශයෙන්, පමණක් නොව ජනසන්නිවේදන කටයුතුවලින් පවා අභ්‍යවකාශ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.” 

මෙතෙක් බිහිවී ඇති ගගනගාමීන් ගෙන් සියයට 90 ක් පිරිමින් ය. අලිසාට අවශ්‍ය වී ඇත්තේ කාන්තා නියෝජනය වැඩි කිරීමට ය. විශේෂයෙන් තමා වැනි තරුණියන් අභ්‍යවකාශ ක්ෂේත්‍රයට වැඩි වැඩියෙන් සම්බන්ධ විය යුතුයි යන්න අලිසාගේ අදහසය. 

“ද්වීතික පාසලක පුංචි නංගිලා මල්ලිලා හමුවන්න මට අවස්ථාවක් ලැබුණා. මා ගගනගාමිනියක වීමට ආසා කිරීමත් අඟහරු යාමට සිටින බවත් ඇසීමෙන් එයාලා පුදුම වුණා. එක පුංචි නංගියෙක් මගෙන් මෙහෙම ඇහුවා. මං අභ්‍යවකාශ විද්‍යාවට හරිම ආසයි. ඒ වගේමයි මෝස්තර නිර්මාණවලටත් මං ආසයි. මට පුළුවන් වේවිද අභ්‍යවකාශ ඇඳුම් නිර්මාණය කරන්න? මොකද බැරි මං ඇයට පිළිතුරු දුන්නා. නවීන පන්නයේ, පහසු ආකාරයේ නව තාක්ෂණයෙන් පිරුණු අපූරු ගගන ඇඳුම් නිර්මාණයට අද නාසා ආයතනය යොමු වී තිබෙනවා.” යැයි අලිසා කියයි. 

උසස් අධ්‍යාපනය ලබද්දීත්, සරසවි සිසුවියක් ලෙස අධ්‍යාපනය ලබද්දීත් අලිසා භාෂා කීපයකින් අධ්‍යාපන කටයුතු කළාය. ඇයට ප්‍රංශ, ස්පාඤ්ඤ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ භාෂා රැසක් හොඳින් පුළුවනි. නාසා ආයතනයේ ගගනගාමීන්ට පුහුණුව දෙන්නේ ජල ටැංකියක කිමි‍දීම මගිනි. ඒ ගුරුත්ව බලය නොමැතිව පුහුණුව ලැබිය හැකි බැවිනි. අලිසා කුඩා කල සිටම පිහිනීමටත් කිමිදීමටත් දක්ෂය. රියැදුරු බලපත්‍රය ලබා ගන්නත් කලින් ඇය ඇගේ රොකට් පැදීමේ බලපත්‍රය ලබා ගෙන තිබේ. ඇය දැන් හොඳින් පුහුණුව ලැබූ ස්කූබා කිමිදුම්කාරියකි.

“අප පොඩිත්තන්ට කියන්නේ ලොකු වුණාම කැමැති ඕනෑ කෙනෙක් වෙන්න පුළුවන් කියලයි. ඒත් එහෙම වෙන්න නම් හොඳින් ඉගෙන ගන්න ඕනෑ. කැපවීමත්, උනන්දුවත් තියෙන්න ඕනෑ. අලිසා ඒක හොඳින් වටහා ගත් දැරියක්. ඇය අධ්‍යාපන කටයුතුවලට අමතරව, ක්‍රීඩා කරනවා. බාහිර ක්‍රියාකාරකම් කරනවා. ගගනගාමියකු ලෙස කායික මෙන්ම මානසික පුහුණුවක් ලබනවා. ඇය උසස් පාසලේ අධ්‍යාපනය ලබද්දී, සරසවි පාඨමාලාවලට සම්බන්ධ වුණා. භාෂා 4 කින් එම පාඨමාලා අවසන් කළා. ප්‍රංශ, ස්පාඤ්ඤ පමණක් නොවෙයි ඇයට චීන (මැන්ඩරීන්) භාෂාවත් පුළුවන්” යැයි අලිසාගේ ගණිත ගුරුවරිය වන ලොරේන් වර්න්ස්ටෝම් පවසයි.

ලු‍සිත ජයමාන්න
නැෂනල් ජියෝග්‍රැෆි



අදහස් (0)

යළි නොඑන වග දැන අඟහරුවෙත යන ළඳ

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

කඳුළ මැදින් ලොව දිනු ලක් දියණිය තරුෂි අභිෂේකා
2025 අප්‍රේල් මස 30 9 0

“අප්‍රේල් දහ අට වෙනිදා තමයි මගේ උපන්දිනය. මම දුවට කිව්වා, මගේ උපන් දිනය වෙනුවෙන් ඔයා මට දෙන ලොකුම තෑග්ග තමයි රන් පදක්කම අරන් දෙන එක කියලා. අපි ඒක බලාපොරො


යළි නොඑන වග දැන අඟහරුවෙත යන ළඳ
2025 අප්‍රේල් මස 30 15 0

අලිසා කාසන් 24 හැවිරිදි හැඩකාර ඇමෙරිකන් තරුණියකි. අද වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ඇය ගැන කතාබහ කරති. ඊට අපූරු හේතුවක් ඇත. ඒ අඟහරු ග්‍රහයා වෙත යෑමට ඇය


දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය
2025 අප්‍රේල් මස 24 125 0

දළදා මාලිගාවේ පාලනය පවතින්නේ ‘දියවඩන නිලමේ’ නමැති ගිහි භාරකාරයකු යටතේය. බ්‍රිතාන්‍යයන් මෙරට ඈඳා ගන්නට පෙර සිංහල රජවරු දළදා තේවාවට ගියහ. එකල රජ්ජුරුව


සුද්දත් මවිත කළ ’’දළදා වතුර’’
2025 අප්‍රේල් මස 20 102 0

ඉංග්‍රීසීහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 පෙබරවාරි 18 වැනිදා මැදමහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ වලව්වක සැඟවී සිටියදී අල්ලා ගත්හ. ඒ සමඟම ලංකාවේ රාජ වංශ


දළදා මැදුරේ වතගොත
2025 අප්‍රේල් මස 20 82 0

වත්මන් සෙංකඩගල මාළිගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කොට අධිරාජ්‍යවාදීන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගන්නා විට තිබූ බ


දළදා දැක්මට පෙර
2025 අප්‍රේල් මස 20 52 0

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 303 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 82 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1107 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site