මිල පාලනය කරන්න බෑ
පාරිභෝගික අධිකාරියට වැටලීම් කරන්න බලයක් නෑ
මේ වෙන විට අපේ රට දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇත. ඊට නිසි පිළියමක් මෙතෙක් සොයා දීමට බලධාරීන් ක්‍රියා කර නැත. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වන්නේ පවතින ආහාර හිඟයට පිළියම් යෙදීමට ඩොලර් නොමැතිකමය. මේ නිසා ජනතාවට සල්ලි දීලා ගන්න කෑම බීම අද වෙළෙඳපොළේ නැත. විදේශයෙන් ගෙන්වූ ආහාර නැව් මුහුදේ නැංගුරම් දා තිබුණ ද ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් නැති නිසා මේ වෙන විට අත්‍යවශ්‍ය ආහාර බොහොමයක් වෙළෙඳපොළේ දක්නට නැත. මේ නිසා ජනතාවට ජීවත්වීමට සිදුව ඇත්තේ ගැටලු රැසක් මැද ය. අපි මේ ගැන “ඉරිදා ලංකාදීප” පුවත්පත හරහා ද මීට පෙර වාර්තා කළෙමු.
සුදු ලූනූ, ලොකු ලූනූ, මුං ඇට, කව්පි, කඩල, පරිප්පු, පොල් තෙල්, කිරිපිටි, කරවල, මාළු, මස් වර්ග, බඩ ඉරිඟු, තිරිගු පිටි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මේ වෙන විට හිඟයක් පවතියි. පවතින ඩොලර් අර්බුදය හමුවේ මෙම භාණ්ඩ ආනයනය කළ ද දිනෙන් දින මිල ඉහළ යාමක් දක්නට පුළුවන. මේ වෙන විට මුං ඇට කිලෝවක් රුපියල් දහසකි. සහල් කිලෝව රුපියල් දෙසීය පන්නලාය. පොල්තෙල් රුපියල් අටසීයයත් දහසත් අතර මිලක් ගනී. පරිප්පු කිලෝව රුපියල් හයසියය දක්වා මිල වැඩිවීමක් සිදුව ඇත. ආනයනික කිරිපිටි කිලෝව රුපියල් දෙදහසකට ආසන්නය. පසුගියදා නැවත තිරිඟු පිටි මිල වැඩි කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් එකසිය පනහකි. ගැටලුව ඇත්තේ වැඩි මිලට හෝ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමට නැති වීමය.
වෙළෙන්දන් භාණ්ඩ ආනයනය කරන අය ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වූවා කියමින් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය ගෙනාවා කියමින් දිනෙන් දින මිල වැඩි කරයි. පාරිභෝගික අධිකාරිය හෝ රජයේ වගකිව යුතු අය මේවා දැක දැක නොදැක්කා වාගේ සිටිති. මේ නිසා රට පුරා වෙළෙඳසල්වල ආහාර හිඟයක් ඇත. ජනතාව ආහාර සොයා පෝලිම්වල සිටිති. අලුත් අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර සහන මල්ලක් සතොස හරහා දීමට සැලැසුම් කළ ද එහි ජනතාවට අවශ්‍ය ආහාර තිබුණේ නැත. මෙවන් තත්ත්වයක් හමුවේ මැයි මාසය වෙන විට අත්‍යවශ්‍ය ආහාර හිඟය දැඩිව දැනෙනු ඇත.
මේ ගැන අදහස් දක්වන පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ලෝක වෙළෙඳපොළේ ද ඇති වී තිබෙන බවය. නමුත් අපේ රටේ ප්‍රශ්නය වන්නේ තිබෙන ආහාර මිලදී ගැනීමට ඩොලර් නැතිකමය. ඉල්ලුම් කළ අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමට බොහෝ දෙනෙකුට බැංකු මගින් ඩොලර් නිකුත් නොකිරීම මීට හේතු වී තිබේ. මේ නිසා පොඩි පොඩි වෙළදාම් කරන අයට ආහාර ගෙන්වීමට නොහැකි වී ඇත. නමුත් මහා පරිමාණයෙන් ආහාර ගෙන්වන සමහර අයට ජාවාරකාරයින්ට නැති ඩොලර් ලබා දී අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීම සිදු වෙයි. මේ අර්බුදය හමුවේ සමහර දෙනා බලන්නේ තමන්ට ලැබෙන කොමිස් මුදල පමණක් බව තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

මේ ගැන අදහස් දක්වන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පෙන්වා දෙන්නේ.
සහල් කිලෝව රුපියල් 400ක් වෙයි
මේ ගැන අදහස් දක්වන සමස්ත ලංකා ආහාර තොග සහ සිල්ලර වෙළෙඳ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ මෙවැන්නකි.
2025 දෙසැම්බර් මස 18
673
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැයි මාසය මැද ආහාර හිඟයක්
saman Tuesday, 17 May 2022 06:21 PM
කෝ තාම නැහැනේ