IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මාර ඔරලෝසුව


දැන් “කෘත්‍රිම බුද්ධිය” එසේත් නැති නම් “ඒ.අයි.” නැති තැනක් නැත. ලොව රටවල් බොහොමයක ජනතාව හැම දේකටම කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම පුරුද්දක් කරගෙන තිබේ. ඔබේ නින්ද ගැන විමසන්න, ව්‍යායාම කරන්න උදව් වෙන්න, දවසේ කාලය කළමනාකරණය කරගන්න, මානසික ආතතිය නැති කරගන්න, සුව නින්දක් ලබන්න ආදි එකී මෙකී නොකී මේ හැම දෙයකටම කෘත්‍රිම බුද්ධිය උදව් වෙයි. 

එපමණක් නොව, දැන් ඔබ මැරෙන මොහොත තත්පරයටම ගණනය කර කීමටත් කෘත්‍රිම බුද්ධියට හැකියාව ඇත. ඒ සඳහා පරිගණක යෙදවුමක් හෙවත් ඇප් එකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, ඔබ දැන් ගෙවන ජීවිතයේ තවත් ඉතිරිව ඇත්තේ කොපමණ දැයි කියා දෙන්න, ඔබ මැරෙන හේතුවත් එක්කම කියා දෙන්න මේ යෙදවුමට හැකියාව ඇත. මේ යෙදවුම හඳුන්වා දී ඇත්තේ “ඩෙත් ක්ලොක්” හෙවත් “මාර ඔරලෝසුව” යන විශේෂණ නාමයෙනි. 

මේ නමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි කිහිපයකුත් ඇත.

මේ පිළිබඳ මාධ්‍ය වාර්තා අනුව, මරණයේ ඔරලෝසුව සමඟ සම්බන්ධ වීමට අලු‍ත්ම ඇපල් ජංගම ස්මාර්ට් ෆෝන්වලට හැකියාව ඇත. “ගූගල් ප්ලේ” මගින් හෝ “ඇප් ස්ටෝර්” මගින් හෝ ඔබට බාගත කරගන්නට හැකියාව තිබේ. මෙහි නිර්මාණකරුවන් මේ මරණයේ ඔරලෝසුව ඉදිරිපත් කරන්නේ “දිනය දැනගන්න - දෛවය වෙනස් කරගන්න” යන තේමාව යටතේය. ඔවුන් පවසන්නේ, මෙය සිදු කරන්නේ විද්‍යාවේ සහායෙන් සහ කෘත්‍රිම බුද්ධි බලයෙන් බවය.

මෙම අනාවැකිය කියන්නට ඉල්ලා සිටින්නේ, ඔබේ වත්මන් භාවිතයන් හා පුරුදු පමණය. ඔබට තියෙන හොඳ පුරුදු මෙන්ම නරක පුරුදුත් නොසඟවා පවසන්නට ඔබට සිදු වෙයි. මෙහිදී ඔබ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකට වෛද්‍යවරයා හමු වීමට යන්නේ කවදා ද, ඔබට නිදන්ගත රෝග තිබේ ද, එවැනි ප්‍රශ්න වැලකට පිළිතුරු දීමට ද සිදු වෙයි. මේ තොරතුරු ලබා දුන්නාට පසු ඔබට තවත් ජීවත් වෙන්න කොපමණ කාලයක් ඉතිරිව තිබේ දැයි අන්තිම තත්පරයට එම වැඩසටහන මගින් දැනගත හැකිය. ඔබට අවශ්‍ය නම් ඔබ මිය යන්නේ කෙසේ ද කියා දැනගන්නට වුවත් මෙම වැඩසටහනෙන් පහසුවෙන්ම පුළුවන. ඔබට ඔබේ මරණය දිග්ගස්සා ගන්න අවශ්‍ය නම්, ඒ සඳහාත් උපදෙස් දීමට මේ වැඩසටහනට හැකියාව තිබේ. ඒ සඳහා මොනවා ද කරන්න ඕනෑ යැයි ඇසුවොත්, ඒ සඳහා ජීවිතයේ වෙනස් කරගත යුතු තැන් මොනවා ද, අලු‍තින් එකතු කරගත යුතු දේ මොනවා ද කියාත් දැනගත හැකිය. 

ඩේලි මේල් වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, ඩෙත් ක්ලොක් නම් නිදහස් වෙබ් අඩවිය ගැන සඳහන් කරමින් ඩේලි මේල් වෙබ් අඩවියට පුවත් පළ කළ එම ලේඛකයා, තමා ඊට ලොග් වී ලද අත්දැකීම් විස්තර කළේ මෙසේය.

“ඔබට ඊට ලොග් වී කෘත්‍රිම බුද්ධිය ඔබෙන් ඉල්ලන විස්තර ඔබේ වයස, බර, ජීවිතය ගෙවන ආකාරය, ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය යනාදි වශයෙන් විමසා සිටින තොරතුරු සපයන්න. ඒවා ලබා දුන්නාට පසු ඔබට ජීවිතයේ ඉතිරිව ඇති කාලය හරියටම අන්තිම තත්පරේට කියනවා.”

“මං ඒකට මගෙන් ඉල්ලපු තොරතුරු ටික දුන්නාම ඒ වෙබ් අඩවිය මට මගේ සොහොනෙ ගහන ඵලකයත් හදලා දුන්නා, මැරෙන දිනය ඔක්කොම දාලා. මම වයස අවුරුදු 68 දී මැරෙනවා කීවාම මට කම්පනයක් ඇති වුණා. ඒක ඇමෙරිකාවේ අපේක්ෂිත ආයු කාලයට වඩා අවුරුදු 10ක් විතර අඩුයි. එහෙම තියෙද්දී මං කලින් මැරෙන්නෙ ඇයි කියලා මම ඇහුවා. එයා කිව්වා පිළිකාවකින් කියලා.” යැයි එම ලේඛකයා පවසයි.

“මේ ඩෙත් ක්ලොක් වැඩසටහන විනෝදය සඳහා හදපු එකක් නිසා ගැඹුරින් බාර ගන්න එපා කියා ඒ යෙදවුමම කියනවා. සැනසීමකට තියෙන්නේ මේ වැඩසටහන ඔවුන් කියන අනාවැකිය වෙනස් කරගන්න නම් කළ යුතු දේ ඔබට කියා දෙන එකයි.” යැයි ද ඔහු පවසයි.

“පසුව මම මගේ ආහාර රටාව වෙනස් කරලා දුන්නාම, බොහොම හොඳයි කියලා මගේ වයස අවුරුදු 10කින් වැඩි කරලා දුන්නා. ඒකෙ හැටියට මං දැන් මැරෙන්නේ 78 දී. මැරෙන හේතුව ඒ වතාවේ හදවත් රෝගයකින්. ඇමෙරිකාවේ වැඩි දෙනෙක් මැරෙන්නේ ඒ හේතුවෙන්. තව වතාවක් මං ඒ තොරතුරුම නැවත ඇතුළු කළාම පිළිතුරත් ඒකමයි. හැබැයි එහිදී මැරෙන හේතුව පාචන රෝගයක්. ඒත් පාචන රෝග නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ වැඩි වුණාට ඇමෙරිකාවේ එහෙම නෑ. ඒකත් පුදුමයට කාරණයක්. කොහොමටත් මට මේකෙ ඇත්ත නැත්ත දැනගන්න 2064 ජනවාරි 14 වෙනකම් ඉන්න වෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත. 

“ඔබට දැන් ජීවත්වන විදිහ අනුව ඔබේ ආයු කාලයේ තවමත් කොතරම් ප්‍රමාණයක් ඉතිරිව තිබේ ද කියා දැනගත් පසු ඉදිරියට වැඩි කලක් ජීවත්වන්නට නම් කුමක් කළ යුතු දැයි ඔබට දැනගන්න මේ වැඩසටහනෙන් හැකියාව තිබේ. ඒවා හරියටම ඉටු කළොත් ඔබට තව කොතරම් කාලයක් ජීවිතය දිග්ගස්සා ගැනීමට ඔබට හැකි ද කියා නැවත අසන්නට පුළුවන. ඒ නිසා මේ ඇප් එකෙන් ලැබෙන්නේ හරියටම ඔබ මැරෙන දවස නෙමෙයි.” ඔහු පෙන්වා දෙයි. 

මෙම ඇප් එක නිර්මාණය කරනු ලැබ ඇත්තේ “බ්‍රෙන්ට් ෆ්‍රැන්සන්” විසිනි. ඔහු “මෝස් ඩේස්” හා “යූක්ලිඩ් ඇනලිටික්” යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරියාය.

ඔහු පවසන ආකාරයට අනුව, ඔහුගේ යෙදවුමෙන් නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ප්‍රශ්න 29කට සේවාලාභියා උත්තර දිය යුතුය. 

“එය අසන්නේ ඔබ ගන්නා ආහාර, ව්‍යායාම්, නින්ද, පවුලේ ඉතිහාසය ගැන නිවැරැදි තොරතුරුය. මං මේ ඇප් එක හැදුවේ ඔබේ මැරෙන දිනය කියන්නම නොවෙයි. ඔබ දැන් ජීවත්වන අයුරු ඔබට තේරුම් ගැනීමට සලස්වා, ඒ මගින් ඔබට ආයුෂ දීර්ඝ කරගැනීමට කැමැති නම් ඊට මග පාදා දීමටයි.” යනුවෙන් මෙහි නිර්මාණකරු ෆ්‍රැන්සන් සිය නිර්මාණය ගැන පවසයි.


ලු‍සිත ජයමාන්න
      ඩේලි මේල් ඇසුරිනි


 



අදහස් (0)

මාර ඔරලෝසුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site