IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පරිසරය විඳින , ගයන, වයන , රඟන දුල්නේත්ගේ ’’චාරිකා ඇස ’’

Travel with Dula යූ ටියුබ් නාලිකාව ඔස්සේ රට ම හඳුනාගත් දුල්නෙත් සෙතික ජයසූරිය මහනුවර කිංස්වුඩ් විදුහලේ 8 පන්තියේ සිසුවෙකි. අව්‍යාජ නිවුණු හඬකින් පරිසරයේ විවිධ දසුන් ගැන කියන ඔහුගේ හඬ ආකර්ෂණීයයි. ඔහු අපූරු සංචාරකයෙකි. නළුවෙකි, ගායකයෙකි.

ඔහුගේ පරිසර චාරිකා ආරම්භ වූ අයුරු - ඔහුගේම හඬින් මෙසේ ය. 

“එහේ මෙහේ ඇවිදින්න යන්න අපි තුන් දෙනා හරිම ආසයි. ඒ කියන්නේ මමයි, අම්මයි - තාත්තයි. දවසක් අපි මහියංගණයේ ගිහින් පොල්ගොල්ල  ඩෑම් එක ළඟින් එනකොට - ඩෑම් එක සුද්ද කරන්න එක පැත්තක් වහලා.

වතුර නැහැ. හැමෝම ඇතුළට බැහැලා. බෝල ගහනවා, සෙල්ලං කරනවා, අයිස් ක්‍රීම් විකුණනවා. මේක දැක්ක අපිත් එතනට බැහැලා,  පොඩි වීඩියෝ එකක් කළා. ඒකෙදි මම කිව්වා “මේක දැන් ඩෑම් එකක් නෙමෙයි බීච් එකක්. “ කියලා. ඒ වීඩියෝ එක ෂෙයා කළේ තාත්තගෙ facebook එකේ. හැබැයි ඒකට ගොඩක් ප්‍රතිචාර තිබුණා. ඉතින් ඊට පස්සේ අපි හිතුවා අපි යන තැන්වල වැදගත් දේවල් මේ විදිහට අනිත් අයත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා.”

ගමනේ ඇරඹුම එසේය. ගමන් හැඩ වූයේ මෙසේය.

“Travel with Dula මගේ youtube channel එකට කරපු පළවෙනි traveling program එක කළේ රත්න ඇල්ල ගැන. අලුත් අවුරුද්දට අපේ පවුලේ හැමෝම රත්න ඇල්ල බලන්න ගියා. ඒ ගමන හරිම ලස්සනයි. ඉතින් ඒක තමයි මගේ පළවෙනි වැඩසටහන. ඒකටත් හොඳ ප්‍රතිචාර තිබුණා.”

 මේ සඳහා ඔබ පිටපතකුත් ලියනව ද?

“පිටපතක් කියල විශේෂයෙන් ලියා ගන්නේ නැහැ. හැබැයි යන තැන ගැන - විස්තර කලින් හොයල බලනවා. ඉතින් ඒකට මගේ අම්මා මට ගොඩක් උදව් කරනවා.”

 ප්‍රතිචාර කොහොමද?

“ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. කොහේ ගියත් මාව අඳුරන කවුරු හරි කෙනෙක් මට මුණ ගැහෙනවා. මාත් එක්ක කතා කරනවා. පිටරටවල ඉන්න මාමලත් මට කතා කරනවා. තෑගි භෝගත් එවනවා. ඒ වගේම විශේෂයෙන් කියන්නම ඕනේ, ජාති භේදයකින් තොරව මට ආදරේ කරන ගොඩක් අය මට කතා කරනවා. විවිධ රූපවාහිනී නාළිකා වලිනුත් වැඩසටහන්වලට මට ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඉතින් ඒ හැම දේකටම, ඒ හැමෝටම මම හුඟක් ගරු කරනවා. ස්තුති කරනවා.”

 ගමන් යන්න හිතුණෙ කොහොමද?

“අපි ඉන්නේ නගරෙක. නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම අපි කැමතියි නගරයෙන් පිටට යන්න. ඇළ දොළවල නාන්න. ඉතින් ඔය යන හැම අවස්ථාවකම අපිට මුණ ගැහෙන ලස්සන තැන් ගැන - මම හරිම ආසාවෙන් අනික් අයටත් කියනවා.”

  තවත් විනෝදාංශ තියෙනවද?

“විනෝදාංශයක් විදියට ඇවිදින්න. අලුත් දේවල් ගැන හොයන්න ආසයි. මම සිංදු කියන්න, සංගීත  භාණ්ඩ වාදනය කරන්න ආසයි. විෂයක් විදිහට මම ඒවා වැඩිදුර හදාරනවා. පුංචිම කාලෙ ඉඳලා අමිතා රබ්බිඩිගල ගුරුතුමිය යටතේ රඟපෑම පිළිබඳවත් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.  වේදිකා නාට්‍ය කිහිපයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව Air Rifal Shooting කරනවා.”

 සමාජ මාධ්‍ය භාවිතය ගැන අද තිබෙන කතාබහ ඔබට දැනෙන්නෙ කොහොමද?

“සමාජ මාධ්‍ය කියලා කියන්නේ බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕන දෙයක් බව තමයි මට හිතෙන්නේ. අපි අතින් වැරදි දෙයක් කියවුණොත්, ඒක හරි ඉක්මනට සමාජ ගතවෙනවා. ඒ නිසා අපි කරන කියන දේවල් සමාජ මාධ්‍ය හරහා සමාජගත කරන කොට අපි ගොඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. සමාජ මාධ්‍ය හොඳ විදිහට යොදාගන්න පුළුවන් නම් ඒක හැමෝටම ගොඩක් වටිනවා.”

 ඔබ පොත් කියවනව ද?

“පොත් කියවනවාට වඩා මං ගොඩක් කැමති, අහලා ඉගෙන ගන්න. හැබැයි මං මේ වෙනකොට E-Book හරහා, මම ලියපු පොත් දෙකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. “දුලා”, “දුලා ගිය ගමන” ලෙස නම්කර ඇති ඒ පොත්වල තියෙන්නේ මගේම අත්දැකීම්. සංගීත විෂයට තමයි මම ගොඩක්ම කැමති. හැබැයි මම පාසලේදී ගොඩක් වෙලාවට ඉන්නේ නැටුම් කාමරේ, එහෙමත් නැත්නම් නාට්‍ය කාමරේ.”

 ඔබට වැඩියෙන්ම සහයෝගය දෙන්නෙ කව්ද?

“මගේ අම්මයි තාත්තයි...”

 ඔබේ බලාපොරොත්තු?

“එක එක කාලවල දී ඒ අදහස නම් වෙනස් වෙනවා. කොහොම වුණත් සමාජයට යමක් කරන්න පුළුවන්, යමක් දෙන්න පුළුවන්, වෙනස් දෙයක් - අලුත් දෙයක් කරන කෙනෙක් වෙන්නයි කැමති.”

 ඔබ වඩා කැමති?

“ආඩම්බරකමක් නැති - නිහතමානී, විශ්වාසවන්ත අයටයි - මම කැමති.”


තිඹිරියාගම බණ්ඩාර


 



අදහස් (0)

පරිසරය විඳින , ගයන, වයන , රඟන දුල්නේත්ගේ ’’චාරිකා ඇස ’’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28564 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18199 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11044 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 204 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site