
- රෝමයේ ජාත්‍යන්තර වැඩසටහන්වලත් අපේ නැටුම්
- උඩරට, පහතරට, සබරගමු, භරත නාට්‍යම් ඉගෙන ගන්නෙ ඉන්දියානු, ඉතාලි, මැලේසියා, ශ්‍රී ලාංකික දරුවන්
අපට උරුම දේශීය නර්තන සම්ප්‍රදාය සඳහා ඉඩකඩ ඇත්තේ අපේ රටේ පමණක් නොවේ. ලෝකයේ බොහෝ රටවල මේවනවිට අපේ නර්තන සම්ප්‍රදායන් සඳහා සුවිශේෂී ඉල්ලුමක් ඇති අතර ඒ අනුව කටයුතු කිරීමට නම් මනා දැනුමක් මෙන්ම විදේශිකයන් හා කටයුතු කිරීමේ සුවිශේෂී හැකියාවක් ද තිබිය යුතුමය.
ඉතාලියේ ජීවත්වන අපේ සිංහල දරුවන්ට මෙන්ම ඉතාලි, ඉන්දියානු ආදී විවිධ ජාතීන්ගේ දරුවන්ට අපේ නර්ථනය මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද කියා දෙමින් අලුත් මඟක් විවර කළ ඇය කලක් නිවේදිකාවක. වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙසද අපේ රට තුළ ආදරය දිනා ගන්නීය. ඇය අපේ කම ලෝකයටම විවර කරන්නට සැරසෙන චංචලා බුලත්වත්තය.
බුලත්වත්ත වලව්වේ චංචලා කුමාරි බුලත්වත්ත ඉපදෙන්නේ මහනුවර කටුස්තොට පල්ලෙතලවින්න ග්‍රාමයේ ය. මැණික් ඇල්කඩුව මෑණියන්ටත් බුලත්වත්ත වලව්වේ බණ්ඩාරනායක පියාණන්ටත් වැඩිමහල් දියණිය වූ ඇයට සිටියේ එක් සහෝදරයකු පමණි.
ග්‍රාම නිලධාරීවරයකු ලෙසින් පටන්ගත් ගමන විධායක නිලධාරිවරයකු දක්වා ඉහළ තනතුරුවල රාජකාරී කළ චංචලාගේ පියා පැවත ආවේ මහනුවර උසස් වලව් පෙළපතකිනි. උපතින්ම නර්තනයට, ගායනයට උපන් හපන්කම් දැක් වූ ඇය ප්‍රථමයෙන්ම අධ්‍යාපනය ලබන්නේ මහනුවර හිල්වුඩ් විදුහලෙනි.
හිල්වුඩ් විදුහලේ මම අධ්‍යාපනය ලැබුවේ 8 වසර වනතුරු පමණයි. ඒත් ඒ කාලය තුළ ඒ පාසලෙන් ලැබූ දෑ නම් අති විශාලයි. මම ගායනය, නර්තනය දෙකටම එක වගේ දක්ෂයි. මට ඒ කාලෙ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි විෂයක් විදියට තෝර ගන්නෙ මොකක්ද කියලා. හිල්වුඩ් විදුහලේ ඉන්නකොට නාට්‍ය තරගාවලියක් තිබුණා නිවාස අතර මම එතකොට හත වසරෙ. මට නරිබෑනා නාට්‍යය නරියාට පුරුදු කළේ මාලනී රණසිංහ ගුරු මහත්මිය. ඇය තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවිය. ඇය ඒ කාලෙ අපේ විදුහලේ ඉගැන්නුවේ උසස් පෙළ පන්තිවලට වුණත් මට නරියගෙ චරිතය කරන්න පුරුදු පුහුණු කිරීම මහමෙරක් වගේ. ඒ මතකය අදටත්‍් සුන්දරයි. කොහොම හරි හොඳම නිළියට විතරයි සම්මාන ලෑස්ති කරලා තිබුණෙ. නමුත් හොඳම නළුවා ලෙස මටත් විශේෂ අගැයිමක් එදා දුන්නා.’
චංචලා අට වසරෙන් පසු උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලබන්නේ මහනුවර මහාමායා බාලිකාවේය. නැටුමට මෙන්ම ගැයුමට උපන් හපන්කම් දැක්වූ ඇය පාසල් ගායක, නර්තන කණ්ඩායම්වල ප්‍රබල සාමාජිකාවක වූ අතර නොයෙක්විධ තරගවලින් ජය ලැබූ වාර අප්‍රමාණය. ඇය 12 වසරේ අධ්‍යාපනය ලබද්දීම මහනුවර පළාත් රංග කලා පදනමේ සභපති ලෙස තේරී පත්වන්නේ ද මහාමායා බාලිකාව නියෝජනය කරමිනි. පාසලේ ද විවිධ සමිති සමාගම්වල නිලතල දැරු ඇය මොනතරම් කලා විෂයන්වලට දක්ෂතා දැක්වූව ද උසස් පෙළට තෝර ගන්නේ වාණිජ විෂය ධාරාවයි.
‘ඇත්තටම වාණිජ විෂයන් තෝරා ගත්තේ යාඵවො හැමෝම තෝරා ගත්ත නිසා. ඒත් මම මොන වෙලාවකවත් පන්තියෙ හිටියෙ නෑ. පස්සෙ දවසක් ප්‍රින්සිපල්ම කතා කරලා කිව්වා පුතේ ඔයා බැලුවොත් ඇත්තෙම නැටුම් කාමරේ. එහෙම නැතිනම් සංගීත කාමරේ. වාණිජ කරලා හරි යන්නෙ නෑ. ඒ වගේ විෂයක් තෝරගන්න කියලා. මම ඉතින් හරිම කැමැත්තෙන් නැටුම් තෝර ගත්තා. හැබැයි අප්පච්චි කැමති වුණේ නෑ මම නැටුම් කරනවට. මොකද ඒ කාලෙ නැටුම් කරන වෙනම පරම්පරාවල් තිබුණානෙ. අප්පච්චි ඒක ලොකුවට හිතුවා. හැබැයි මම මේක හරියට කරනවා කියලා දැනෙන්න පටන් ගත්තම පස්සෙ උදව් කරා. අම්මා නැටුම් ඉගෙනගෙන තිබුණත් අම්මට නටන්න ඉඩ දීලා නෑ. ඒ නිසා මම ඉගෙන ගන්නවට අම්මා කැමැත්තෙන් හිටියෙ.
ඒ නිසා වෙන්න ඇති මට අවුරුදු හතක් අටක් විතර වෙනකොට මහනුවර ඇම්.ජී.පී. කලායතනයට දැම්මෙ ආනන්ද පෙරේරා මහතාගෙ. රංජනී පෙරේරා ගුරුවරිය තමයි නර්ථනය මොකක්ද කියලා මට කියා දුන්නේ හැමදේම. ඇයගේ ගුරුතුමා වන්නේ කුරුණෑගල මාකෙහෙල්වල, ගුරුන්නාන්සෙ. මම ඉගෙන ගත්තේ කුරුණෑගල සම්ප්‍රදාය. ඒ වෙද්දිත් මම ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාග සියල්ලම සමත් වෙලා තිබුණෙ. සමස්ත ලංකා කලා උලෙළවලටත් සහභාගි වී විවිධ ජයග්‍රහණ අරන් තියෙනවා. ඒ වගේම තමයි නාට්‍යවේදී පියල් ජයශංඛ මහතා නිර්මාණය ‘කළ චිත්‍රාණි සහ ඈ’ වේදිකා නාට්‍යයට මම නර්තන නිර්මාණය කළේ පාසල් යද්දිමයි. මට අදටත් මතකයි අම්මා එක පාසල් නිල ඇඳුමෙන්ම තමයි ඒ වැඩවලට ගියේ. ඒ නාට්‍යයේ නර්තන නිර්මාණය වෙනුවෙන් මට යෞවන සම්මාන උලෙළේ හොඳම නර්තන අධ්‍යක්ෂණය සම්මානය හිමි වෙනවා. ඒ තමයි මට පාසලෙන් පරිබාහිරව ලැබුණු පළමු සම්මානය. ඒ හැම අගැයීමක් අතරේම මම හීන මැව්වෙනම් කථිකාචාර්යවරියක් වෙන්න.’

උසස් පෙළින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ චංචලා තේරී පත් වන්නේ කැලණිය සරසවියටය. ඒ වනවිටත් නර්තනය හා සංගීතය පිළිබඳව මනා දැනුම් ඇය සතු හෙයින් ඇය තෝරා ගන්නේ නාට්‍ය හා රංග කලාවය. ඒ මහාචාර්ය ප්‍රැක්ටික් රත්නායත, කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, මහාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව. වැනි විද්වතුන් යටතේය. ඇය නර්තනය විශ්වවිද්‍යාලයේ දී හදාරන්නේ අමතර විෂයක් ලෙසය. ඒ ඊශානි රංගනාථ ගුරු මහත්මිය යටතේය.
‘නර්තනය මම අමතර විෂයක් ලෙස හැදෑරුවත් මට ඒ ප්ලස් එකක් තිබුණා. ඒ අවුරුදු පහකට පස්සෙ තමයි එහෙම ප්‍රතිඵලයක් තිබුණෙ. ඒ වෙලාව මට දැනුම් දීමක් කළා වහාම අංශාධිපති හමුවන්න කියලා. ඒ කාලෙ අංශාධිපතිව හිටියේ මහාචාර්ය ප්‍රැක්ටික් රත්නායක සර්. සර් මට කිව්වා පුතේ අමතර විෂයක් විදියට නැටුම් කරලත් ඒ ප්ලස් එකක් තියෙන නිසා නැටුම් කරන්න කියලා. ඒත් ඒ වෙද්දී අවුරුද්දකුත් ඉවරයි. ඒ කාලෙ අපිට ඕන ඉක්මනින් රස්සාවක් කරන්නනෙ. 2003 වසරේ මම උපාධිය ලබා ගන්නේ විශිෂ්ට සමාර්ථ එක්ක. අවසාන වසරේ අපි ප්‍රායෝගික පරීක්ෂණයට කළේ ඊඩිපස්. ඒ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක යටතේ. එහි සංගීත අධ්‍යෂණය කළ මටත් ස්වේතකී මුණසිංහටත් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සංගීතයට හිමි සම්මානයත් ලැබුණා.’
විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු චංචලා සම්බන්ධ වන්නේ ස්වාධීන රූපවාහිනි සේවයටය. ඒ නිදහස් මාධ්‍යවේදිනියක ලෙසය. ඒ කාලයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ගයිරික පේරුසිංහ මහතා චංචලාව යොමු කරන්නේ ළමා අංශය භාරව කටයුතු කළ ලක්ෂ්මන් මත්තුමගල මහතා යටතටය. ඒ සහාය නිෂ්පාදිකාවක් ලෙසිනි. මේ කාලයේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘සෙල්ලම් ගෙදර, සමනල උයන’ වැනි ළමා වැඩසටහන්වලට චංචලාගෙන් ලැබුණු සහාය විශිෂ්ට බව දැනෙන්නේ එම ළමා වැඩසටහන් අදට ද ජනප්‍රිය තලයේ පවතින බැවිනි. පසුව ඇය නිෂ්පාදනය කළ ‘දේදුණු හැන්දෑව’ ලංකාවේ පළමු යොවුන්වියේ වැඩසටහන වූයේ ඉංග්‍රීසි සිංහල භාෂා දෙකෙන්ම ඉදිරිපත් කළ වැඩසටහනක් වූ බැවිණි.
ලංකාවෙ සෑම පැත්තකම පාසල්වල සිටිනා කථිකත්වයට දක්ෂ ළමයින් කැඳවා වැඩසටහෙන ඉදිරිපත් කළ ඇය අභිෂේකා විමලවීර, රෂිපබා සන්දීපනි, අවංක බුලත්වත්ත වැනි අදටත් ජනප්‍රිය නිර්මාණකරුවන්ට තෝතැන්න හදාදෙන්නේ ‘දේදුනු හැන්දෑවෙනි’. පාසල්වලින් වැඩසටහනට සම්බන්ධ කරන්නේ ඔවුන්ට අවැසි දරුවන් බැවින් දක්ෂයන් ඉදිරියට ගැනීමේ අපේක්ෂාව මත ඇයම පාසලට ගොස් දරුවන්ගේ දක්ෂතා උරගා බලා තෝරා ගැනීම විශේෂය. ඒ විශේෂත්වය මත ජනමාධ්‍ය සම්මාන උළෙලේ හොඳම තරුණ වැඩසටහන ලෙස සම්මාන ලැබුවේ ද දේදුනු හැන්දෑවය.
ඊට පසුව මම ලෝකයේ විවිධ නර්ථන ශෛලීන් පිළිබඳව වැඩසටහනක් කළා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු එක්ක ‘සංචලන’ නමින්. ඒ රොස්මන්ඩ් සේනාරත්න මහතා සභාපතිව ඉන්න කාලෙ. ඔහුම තමයි මට වැඩසටහන ඉදිරිපත් කරන්න කිව්වෙ. ඒක හරිම විශේෂ වැඩසටහනක්. මොකද ඒ වැඩසටහනට ආවේ මහාචාර්ය මුදියන්සේ දිසානායක, පද්මිණී දහනායක වගේම උඩරට පහතරට, භරත් නාට්‍යම්, බැලේ වැනි විවිධ නර්තන සම්ප්‍රදායන් තුළ සිටින ප්‍රවිණ ආචාර්ය මහාචාර්යවරු, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් මේ වැඩසටහට එක්වුණා. එතැනදී ඒ හැම නර්තන අංගයක්ම ඉදිරිපත් කරන්න වුණෙත් මට. ඒ නිසා විවිධ හැදෑරීම් කරන්න වුණා වගේම ඒ හැම සම්ප්‍රදායකම ඇඳුම අඳින්නත් සිදුවුණා. මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා තමයි ඒ අගැයිම කළේ. මම තමයි ඒ හැම නර්තනයකම ඇඳුම් ඇඳි එකම කෙනා කියලා. ඒ වැඩසටහන සුමති ජූරි සම්මානය වගේම රයිගම්, රාජ්‍ය ටෙලි සම්මාන උලෙළවල නිර්දේශ වුණා.’
2006 දී ස්වාධීන රූපවාහිනී සේවයේ සිටින අතරතුර චංචලාට මැලේසියාවට ශිෂ්‍යත්වයත් ලැබෙන්නේ ළමා නාට්‍ය පිළිබඳව හැදෑරීමකටය. පසුව 2015දී ජපානයට ශිෂ්‍යත්වයක් හිමිවන්නේ ඩිජිටල් තාක්ෂණය පිළිබඳව හැදෑරීමකටය. ජපානයේ එන්.එච්.කේ. රාජ්‍ය නාළිකාවේ මාසයක් පමණ අධ්‍යාපනය හදාරන ඇයට එය හිමිවීම විශේෂ වරප්‍රසාදයක් වන අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සෙ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්න එහිදී හදාරන ඇය පසුව ලංකාවට පැමිණ ඒ සියලු දැනුම ද බෙදාදීමට කටයුතු කරන්නීය.
‘මේ කාලයේ මම කැලණි සරසවියෙන්ම ජනසංනිවේදනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියත් හැදෑරුවා. ඊට පසුව තමයි ආචාර්ය උපාධිය කරන්න ස්විට්සර්ලන්තයට සහ ලැට්වියාවලට එන්නේ. මම ඉතාලියට එන්නේ පසුව. එතැනදි තමයි මට ආරාධනාවක් ලැබෙන්නේ මෙහේ ඉන්න විවිධ ජාතීන්ගේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න කියලා. මම ඒ කටයුත්ත පටන් ගත්තා. මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න දරුවන් කේම්බ්‍රිජ් වගේ විවිධ විශ්වවිද්‍යාලවලට යොමු කරනවා උසස් අධ්‍යාපනය හදාරන්න. ඒ අතරේ තමයි නර්තනය උගන්වන්න හිතුණෙ. ඇත්තටම ඒ වෙද්දී රූපවාහිනී නාළිකාවල එක එක ජාතියේ නැටුම් විකාශය වුණානෙ. ඉංග්‍රීසි ඉගෙන ගත්ත දරුවකුගෙ අම්මා කෙනක් තමයි යෝජනා කළේ නැටුම් උගන්වන්න කියලා. ළමයි 5කගෙන් පටන් ගත් ඒ ගමන දැන් අවුරුදු 7ක් වෙද්දී නර්තන ඇකඩමි 2ක් දක්වා දුර ගිහින් තියෙනවා. මම දරුවන්ට උගන්වන්නේ ශාස්ත්‍රීය නර්තනය. උඩරට , පහතරට, සබරගමු, භරත නාට්‍යම් වගේම නව නිර්මාණත් කරනවා. ඉන්දියානු , ඉතාලි, ලාංකික ආදී විවිධ ජාතීන්වල දරුවන් හරිම කැමැත්තෙන් අපේ නර්තනය හදාරනවා. මේ වෙද්දී පායිම්පත් මංගල්‍ය, සිලම්බු, භරත නාට්‍යම්වල එන සලංගේ පූජා පවත්වා තියෙනවා. රෝමයේ ජාත්‍යන්තර වැඩසටහන්වලට පවා මේ දරුවන් අපේ නර්තනය අරගෙන ගිහින් තියෙනවා.’
චංචලා බුලත්වත්ත නර්තන ශිල්පිනියක ලෙස මේ වෙද්දී අපේ සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායන් ඉතාලි ජාතික දරුවන්ට මෙන්ම එහි ජීවත්වන අපේ දරුවන්ට ද, ඉන්දියානු, මැලේසියානු ආදී රටවල දරුවන්ට ද එකසේ අධ්‍යාපනය ලබා දෙන්නීය. ඇය ජාත්‍යන්තරයට රැගෙන ගොස් ඇති අපේකම බිඳුවක දු නොනසා ඒ දරුවන්ට තිළිණ කිරීම මහඟු කටයුත්තකි.
‘මේ රටවල්වල පිරිස් හරිම කැමතියි අපේ නර්තනයෙ ඇති වර්ණ හා හැඩතලවලට. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපේ ශෘස්ත්‍රය හරියට පෙන්වන්න. මොකද මේ වෙද්දී ලංකාවෙත් නැටුම වාණිජකරණය වෙලා. ඇඳුම්වල වර්ණ වෙනස් වෙලා. ලංකාව ඇතුළෙ එහෙම වුණත් පිටරටකදී අපේ නර්තනයට එහෙම වෙන්න බෑ.
මම ඒ නිසා ලංකාවෙන් ඇඳුම් මහලා ගෙන්නගෙන තමයි ප්‍රසංගවලට ගන්නේ. ශාස්ත්‍රානුකුලව හරියට වර්ණ පවා ගළපලා. මේ දරුවන්ගෙන් වගේම මවුපියන්ගෙනුත් හොඳ ශක්තියක් මට ලැබෙනවා.
මේ වෙද්දී මම ලාස් වෙගාස්වල පවා ඔන්ලයින් නැටුම් පන්තියක් කරනවා. එහේ ගිහින් සිලම්බු මංගල්ලයයක් පවා කළා. නර්තනය එහෙම උගන්වන්න අකමැති වුණත් කොරෝනාවලින් පස්සෙ හැම දේම ඔන්ලයින් වුණානෙ. ඒකයි එහෙම කරන්න වුණේ. මට ඕන මේ දරුවෝ නර්තන ගුරුවරු කරන්න නෙමෙයි. දරුවන් හොඳට හදන්න. කණ්ඩායම් හැඟීම ඇති කරන්න. ප්‍රශ්නකට මුහුණ දෙන හැටි කියා දෙන්න. දෙපයින් හරියට හිටගන්න දරුවෙක් හදන්නයි ඕන. ඒ වගේම මේ විවිධ ජාතීන්ගේ දරුවන්‍් අපේ නර්තනයට, අපේ සම්ප්‍රදායන්ට පුදුම කැමැත්තක් දක්වනවා. ඒක පුදුමාකාර හැඟීමක්. අපේ දෙයක් පිටරටක දරුවකු නිවැරදිව හදාරනවා දැකීමෙන් ගුරුවරියක ලෙස මට මහා තෘප්තියක් දැනෙනවා. මොකද ඒ අපේකම නිසා.’
ඉතාලියේ පාසලක ගුරුවරියක, විදුහල්පනිනියක ලෙසද කටයුතු කළ චංචලා දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් කැපවී කටයුතු කිරීම අරුමයක් නොවේ. ඇයගේ අද දවසේ ද අරමුණ වී ඇත්තේ අපේ රටේ අපේ දෑ අන් රටක දරුවන්ට ද නිවැරදිව කියා දී ශ්‍රී ලාංකේය නාමය ජ්‍යාතන්තරයට හඳුන්වා දෙන්නටය. අපේ නර්තන සම්ප්‍රදායන් මුළු ලෝකයක් හමුවේ විදාහාපාන්නටය. අපේ රටින් නිරන්තරයෙන්ම ඉතාලියට පැමිණෙන රන්වල පදනමේ නිර්මාණවලට පවා ඇයගේ දරුවන් යොමු කරන්නේ ද හරි හරියට අපේ දෑ කියා දෙන්නටය.
‘පිටරටකට ඇවිත් මේ රටේ දරුවන් එක්ක සාම්ප්‍රදායික නර්තනය වගේ විෂයක් ඉගැන්වීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මොකද ගුරුවරියක ලෙස ඒ සඳහා ඉතා විශාල කැප කිරීමක් කරන්න වෙනවා. මේ ගමන මෙහෙම එන්න මට විශාල ශක්තියක් වන්නේ මගේ මහත්තයා භාග්‍ය රජිත ලියනාරච්චි. ඔහු මට මගේ මේ ගමන හරියට යන්න පුදුම කැපකිරීමක් කරනවා. මගේ හැම කටයුත්තක්ම නිදහස්ව කරන්න ඔහු මට හොඳ මානසික නිදහසක් දෙනවා. එහෙම බලද්දී මම හරිම වාසනාවන්ත කාන්තාවක්. ඒ කැපවීම් නිසා තමයි මම පිටරටක සිට මේ තරම් දුරක් මේ ගමන ආවේ.
දක්ෂතාව මෙන්ම කැපවීම ඇතිනම් අරමුණු කරා ළඟාවීමට දේශ සීමා අදාළ නොවේ. චංචලාගේ කතාවෙන් අපට කියා දෙන්නේ ඒ කාරණාවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.