IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජනපති කාර්යාලයෙන් අස්ථාන ගත වූ වාහනවලට වගකියන්නේ කවුද?

ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන, ලැප්ටොප් පරිගණක, Mac book air වර්ගයේ පරිගණක, Desktop පරිගණක, දුරකථන, iPad රූපවාහිනී යන්ත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණවල දී විධිමත් ලෙස තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

වර්ෂ 2018, 2019 හා 2020 සහ වසර තුන තුළ මෙම භාණ්ඩ බොහෝමයක් පිළිබඳව තොරතුරු නොමැති බව අනාවරණය කර ඇත.


ජනාධිපති ලේකම් නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබූ නමුත් හිමිකාරිත්වය තහවුරු නොවූ වාහන 50 ක් පිළිබඳව පරීක්ෂා කර බලා නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගෙන නොතිබූ බව ද අනාවරණය විය. එසේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිර හා ජනාධිපති ආරක්ෂක අංශවල ලිපිනයන් යටතේ වෙනත් පුද්ගලයන්ගේ නමින් ලියාපදිංචි වූ වාහන 53 ක් වූ අතර එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලය හා ඒ ආශ්‍රිත අංශවල ලිපිනයන් යටතේ ලියාපදිංචි වීමට හෝ එම ලිපින භාවිත කිරීමට හේතු අනාවරණය වී නොතිබුණි.


මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ 2016 වර්ෂයේදී සිදුකරන ලද වාහන සමීක්ෂණය මගින් වාහන 14 ක් භෞතිකව පවතින ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට හැකි වී ඇති අතර මේ ​ෙවන විට එම වාහනවල ලියාපදිංචි අයිතිය පවරා දීමට කටයුතු කරමින් සිටින බවයි. තොරතුරු සොයා ගැනීමට නොහැකි වාහන 38 ක් පිළිබඳව නිවැරදි තොරතුරු  ලබා ගැනීමට පොලිසියට යොමු කර ඇති බව ද සඳහන් කර ඇත. මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 69 ක් 2016 වර්ෂයේදී යුද හමුදාවට බාර දී තිබූ අතර එම වාහන වලින් 6 ක් ජනාධිපති ලේකම් නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බව අනාවරණය වී ඇත. එසේම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජනාධිපති ලේකම් නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබූ වාහන 47 ක් විවිධ පුද්ගලයන්ට හා ආයතනවලට නිකුත් කර තිබුණ නමුත් මේ දක්වා එම වාහන නැවත පවරා ගැනීමට හෝ ඊට අදාළ විධිමත් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණ බව ද විගණනයේ දී අනාවරණය වී ඇත.


මේ කරුණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ යුද හමුදාවට ලබා දී තිබූ වාහන අතුරින් මෙතෙක් පවරාගෙන නොමැති වාහන 6 ක් පවරා ගන්නා ලෙසට හමුදාවට දන්වා ඇති බවයි. වෙනත් ආයතන වෙත ලබා දී ඇති වාහන අතුරින් 27 ක් පිළිබඳ තොරතුරු මේ ​ෙවන විට ලබාගෙන අදාළ පැවරුම් කටයුතු සිදුකරමින් සිටින බවයි. අනෙකුත් වාහන 20 පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති කාර්යාලය සඳහන් කර ඇත.


ජනාධිපති කාර්යාලය මගින් ශ්‍රමශක්ති වැඩපිළිවෙල යටතේ සමිති 2 කට ලබා දී තිබූ රුපියල් ලක්ෂ 6 ක මුදලින් කිසිදු මුදලක් උපයෝජනය කර නොතිබුණ බව විගණන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ශ්‍රම ශක්ති වැඩපිළිවෙළට මුදල් යෙදවීම බෙහෙවින් දුර්වල තත්ත්වයක පැවැති බව ද අනාවරණය වී ඇත.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට අදාළව මන්දිර භාරකරු විසින් ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව ඉන්වෙන්ට්‍රි භාණ්ඩ 12 ක ඒකක 24 ක් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ අවශ්‍යතාවක් සඳහා නිකුත් කිරීමේ දී නියමිත පරිදි පොත්වල සටහන් කර නොතිබී බව ද අනාවරණය වී ඇත.


ඉන්වෙන්ට්‍රිගත භාණ්ඩ වට්ටෝරු පොතට ඇතුළත් කර ගබඩාවකට ඉදිරිපත් කළ යුතු වුවත් වර්ෂ 2017 සිට 2020 දක්වා එසේ කටයුතු කර නොතිබුණ බව ද අනාවරණය කර ගෙන ඇත. එවකට සිටි මන්දිර භාරකරු විසින් 2019 නොවැම්බර් 18 දින ජනාධිපති මන්දිරයේ භාණ්ඩ බාර ගැනීමේ දී ඉන්වෙන්ට්‍රිගත භාණ්ඩ වර්ග 35 ක ඒකක 61 ක හිඟයක් තිබෙන බවට අනාවරණය කරගෙන තිබුණ ද ඊට අදාළ පියවර ගෙන නොතිබුණි.


ජාතික ආර්ථික සභා කාර්යාලයේ පැවැති කාර්යාල උපකරණ හා ගෘහභාණ්ඩ තරුණ කටයුතු අමාත්‍යාංශයට බාර දෙන ලෙසට එවකට සිටි පරිපාලන නිලධාරියෙකුට උපදෙස් දී තිබුණ නිසා ඒවා බාර දී තිබුණි. මේ සම්බන්ධයෙන් මූලික ගිවිසුමටම ඇතුළත් ​ෙවන අවස්ථාවේ දී ජනාධිපති කාර්යාලය මගින් අදාළ සමාගමට ගෙවූ රුපියල් 16868576 ක් වූ තැන්පතු මුදල ගිවිසුම් කාලය අවසන් වී ඇති බැවින් නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට අය කර ගෙන නොතිබුණි.


මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ජාතික ආර්ථික සභාව පිහිටුවීම පිණිස ඕවසීස් රියලිටි (ලංකා) සමාගම සමඟ මූලික ගිවිසුමට ඇතුළත් ​ෙවන අවස්ථාවේ දී මෙම මුදල ලබා දී ඇති බවයි. ගිවිසුම් කාලය අවසන් වී ඇති නිසා අදාළ මුදල භාණ්ඩාගාරයට ගෙවීමට කටයුතු කරන ලෙසට ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා ඇති බව සඳහන් කර ඇත.


මාධ්‍ය අංශය ප්‍රධාන ඒකක 4 ක් යටතේ ක්‍රියාත්මක වී තිබුණ අතර 2019 නොවැම්බර් මාසයේ දී නව කාර්ය මණ්ඩලය මාධ්‍ය අංශය බාර ගැනීමේ දී විධිමත් පරිදි භාණ්ඩ බාර ගැනීමක් සිදුවී නොතිබුණ බව ද අනාවරණය වී ඇත. ඊට අදාළ සැබෑ තොරතුරු විගණනයට ඉදිරිපත් වී නොතිබුණ බව ද සඳහන් වේ. කෙසේ වෙතත් මාධ්‍ය අංශයෙන් අස්ථානගත වූ උපකරණවල දළ වටිනාකම රුපියල් 34189688 ක් වී තිබුණි.


එම අස්ථානගත වත්කම් තුළ 2015 සිට 2020 ජනවාරි මාසය දක්වා මාධ්‍ය අංශය වෙත රුපියල් 1,7786325 ක් වටිනා ලැප්ටොප් පරිගණක 104 ක් ලබා දී තිබුණ අතර ඉන් විගණිත දිනය ​ෙවන විට ලැප්ටොප් පරිගණක 26 ක් හා Mac book air වර්ගයේ පරිගණක දෙකක් පමණක් නැවත කාර්යාලයට බාර දී තිබූ බව සඳහන් වේ. 2022 මාර්තු 25 ​ෙවන විටත් අනෙකුත් ලැප්ටොප් පරිගණක නැවත කාර්යාලය වෙත බාරදී තිබේ ද යන්න පිළිබඳ තොරතුරු සහ ඊට වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ඉදිරිපත් කර නොතිබුණ බව විගණන වාර්තාවල සඳහන් වෙයි.


එසේම 2015 වර්ෂයේ සිට 2020 ජනවාරි මාසය දක්වා ලබා දී තිබූ රුපියල් 10380423 ක් වටිනා Desktop පරිගණක 52 කින් 4 ක් නැවත බාර දී තිබූ අතර පරිගණක දෙකක් නැවත භාවිතයට ගත නොහැකි මට්ටමේ තිබූ බව ද නිරීක්ෂණය වී ඇත.


මෙම කරුණ සම්බන්ධයෙන් අදාළ අංශය විගණන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ 2020 භාණ්ඩ සමීක්ෂණයට සමගාමීව ජනාධිපති මාධ්‍ය අංශය තුළ දැනට පවතින භාණ්ඩ හා ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සමස්ත ඇගයීමක් සිදුකරමින් පවතින බවයි. ඒ සඳහා පත්කර ඇති කමිටු වාර්තාව අනුව ඌන හා අක්‍රිය භාණ්ඩ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට ඉදිරි කටයුතු සිදුකරනු ලබන බවයි.


විගණන අංශය අනාවරණය කරගෙන ඇති තවත් කරුණක් ​ෙවන්නේ 2015 සිට 2020 ජනවාරි දක්වා මාධ්‍ය අංශයට අනුයුක්තව සිටි නිලධාරීන්ට ලබාදුන් රුපියල් 3470742 ක් වටිනා ජංගම දුරකථන 14 ක් හා I Pad 3 ක් ආපසු කාර්යාලයට බාර දී ඇති බව දන්වා තිබුණ ද ඉන් ජංගම දුරකථන 9 ක් ක්‍රියාකාරී තත්ත්වයේ නොතිබුණ අතර භාර දී තිබූ I Pad 2 ක් අක්‍රියව තිබූ බව ද අනාවරණය වී තිබුණි.


ශ්‍රී ලංකා ජාතික සභාව අමාත්‍ය මණ්ඩලයේ තීරණයෙන් පිහිටුවා තිබූ අතර එහි කාර්යයන් 6 ක් සඳහන් කර ඇත. මෙම සභාව පිහිටුවීමෙන් පසු එහි අරමුණු ළඟා කර ගැනීම සඳහා සකස් කළ සැලසුම් හා එහි ප්‍රගතිය විගණනයෙන් ඉල්ලා සිටියත් එය ලැබී නොතිබුණි.


සභාවේ මහලේකම්වරයා 2019 අගෝස්තු 1 වැනිදා සිට විදේශ නිවාඩු ලබාගෙන ඇමෙරිකාව බලා පිටත්ව ගොස් සිටි අතර ඔහු මාස 3 කට අධික කාලයක් විදේශ නිවාඩු ලබා ඇති බැවින් මෙම සභාවෙන් ඵලදායි සේවයක් සිදු වී නොමැති බව ද අනාවරණය වී තිබුණි. ඒ අනුව මෙම සභාවේ කාලය අවසන් කිරීමට 2019 ඔක්තෝබර් 9 වැනි දින අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි. මෙම සභාව 2017 අගෝස්තු සිට 2019 දෙසැම්බර් දක්වා මාස 29 ක කාලය තුළ රුපියල් 237784472 ක වියදමක් දරා තිබුණි.


කතරගම ජනාධිපති මන්දිරයේ භෞතික පරීක්ෂාවේ දී අයිතම 12 ක ඌනතාවයක් තිබී ඇත. ඉන් භාණ්ඩ දෙකක් අලුත්වැඩියාව සඳහා 2017 හා 2013 වර්ෂවල දී භාර දී තිබූ අතර 2021 වර්ෂය වන විටත් ඒවා ආපසු ලැබී නොතිබුණි.

 

 

සටහන
දයාසීලි ලියනගේ

 

 



අදහස් (0)

ජනපති කාර්යාලයෙන් අස්ථාන ගත වූ වාහනවලට වගකියන්නේ කවුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site