ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ගිම්හාන ඔලිම්පික් උළෙල ඊයේ (26) එරට ජනාධිපති එමානුවෙල් මැකරොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඒ සදහා රටවල් හා ජාතීන් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714 දෙනෙකු සහභාගිවී සිටින අතර ඔවුන්ගේ පරිවාර නිලධාරීන් හා ස්වෙච්ඡා සේවක සේවිකාවන් 30000 කට ආසන්න පිරිසක්ද ක්‍රීඩා උළෙල අවසන් වන අගෝස්තු 12 වැනිදා දක්වා පැරිස් නුවර ඇතුළුව ක්‍රීඩා ඉසව් පැවැත්වෙන නගර 16 ක ගත කරමින් සේවය කරනු ඇත.
වසර 2017 දී පේරු රාජ්‍යයේ ලීමා නුවරදී ප්‍රංශයේ පැරිස් නුවරට නිල වශයෙන් 33 වැනි ඔලිම්පික් උළෙලේ ත්කාරය ප්‍රදානය කෙරුණි. මෙවර ක්‍රීඩා ඉසව් 32 ක් සදහා තරග ඉසව් 329 ක් ඇතුළත් කර තිබේ
ඒ සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා ඉසව් තුනක් යටතේ ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් හා ක්‍රීඩකයන් දෙනෙක් සහභාගිවී සිටිති.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන් වන කණ්ඩායම් නායිකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ, මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න හා මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන ඔවුන්ගේ පුහුණුකරුවන් වන ප්‍රදීප් නිශාන්ත, සුසන්ත ප්‍රනාන්දු හා අසංක රාජකරුණා යන මහත්වරු බදාදා (24) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගියහ.
මේ අතර ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එහි මහ ලේකම් මැක්ෂ් වෙල් ද සිල්වා එහි ක්‍රීඩකයන්ගේ කමිටුවේ සභාපති හිටපු සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න යන මහත්වරුන් සමාරම්භක උත්සවය හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සැසිවාරයට සහභාගිවීම සදහා පැරිස් නුවර බලා මේ වන විට පිටත්ව ගොස් තිබේ.
පැරිස් ඔලිම්පික් උලෙළේ ආරක්ෂා ව සම්බන්ධයෙන් ප්‍රංශ රජය දැඩි සැලකිලිමත්වී ඇතැයිද වාර්තාවේ.එය කෙතෙක්ද යත් නැවත නැවත සලකා බලමින් සමාලෝචනය කරමින් සිටින බවද වාර්තා වේ. විශේෂයෙන්ම ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව එහිදී දැඩිව අවධානය යොමු කර තිබේ.
මෙම ස්ථානයේදීම සමගාමිව මීළඟ පැරලිම්පික් උලෙළ පැවැත්වෙන්නේ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 වැනිදා දක්වාය. ඒ සඳහා රටවල් 184 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4400 ක් එක්වීමට නියමිතය.පැවැත්වෙන ඉසව් ගණන 549 කි.
ගිය වර ටෝකියෝ (2022) පැරලිම්පික් උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසි කිරීම - එක් අතක් අප්‍රාණික හෝ ආබාධිත කාණ්ඩයෙන් බිහි කිරීම මෙහිලා සිහිපත් වේ. කෙසේ වූවත් ඔහු මේ වන විට පැරලිම්පික් ක්‍රීඩාවෙන් ඉවත් කර තිබේ.
මෙවර පැරිස් ඔලිම්පික් උළෙල ක්‍රීඩාංගණවලට පැමිණ නරඹන පිරිස මිලියන 15 ක් ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබේ
ජූලි 26 වැනිදා පැවැත්වෙන සමාරම්භක උළෙල වඩාත් විචිත්‍රවත් වන්නේ මධ්‍යම පැරිසිය හරහා ගලා බස්නා සෙන් නදිය ඔස්සේ කිලෝමීටර් හයකට ආසන්න දුරක් සහභාගි වන රටවල කණ්ඩායම් බෝට්ටු ඔස්සේ ගමන් ගන්නා බැවිනි.
එහෙත් ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සමාරම්භක උත්සවය ලක්ෂ තුනකට පමණක් සීමා කරන බව සංවිධායකයෝ පවසති.පැරිස් ඔලිම්පික් ආරක්ෂාවට පොලිස් හා යුද හමුදා සෙබළුන් 60000 කට වැඩි පිරිසක් තිබේ. ඒ අතර විදෙස් රටවල හමුදා පිරිස්ද වෙති.
පැරිස් ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මූලික වටයේ තරග වැදීම.( ශ්‍රී ලංකා වේලාවෙන්)
• බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ -ජූලි 27 පස්වරු 2.30 -: කේවල (පිරිමි).
• පිහිනුම් ක්‍රීඩිකා - ගංගා සෙනවිරත්න - ජූලි 29 පස්වරු 2.30 -( මීටර් 100 පසුපස ආර - කාන්තා)
• පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ ජූලි30 පස්වරු 2.30 - ( මීටර් 100 - නිදහස් ආර)
• මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අගෝස්තු 02 රාත්‍රි 11.15 - මීටර් 800 (කාන්තා)
• මලල ක්‍රීඩක අරුණ දර්ශන - අගෝස්තු 04 පස්වරු 10.35 - මීටර් 400 (පිරිමි )
• මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ අගෝස්තු 07 පස්වරු1.55 - හෙල්ල විසි කිරීම ( කාන්තා)
නූතන ඔලිම්පික් ඉතිහාසයේ මේ දක්වා දකුණු ආසියානු කලාපයේ පදක්කම් සටහන
රට
|
රන් | රිදී | ලෝ. | |
ඉන්දීයාව | 10 | 09 | 16 | (35) |
පකිස්තානය | 03 | 03 | 04 | (10) |
ඇෆ්ගනිස්තානය | 0 | 0 | 02 | (02) |
ශ්‍රී ලංකාව | 0 | 02 | 0 | (02) |
ප්‍රංශයේ පැරිස් නුවර සිට
මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු
එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත
මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.
එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.
අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලුණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක
යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඔලිම්පික් උළෙල ඇරඹේ පැරිස් නුවර සීරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට