
මහසොහොනා වෙමි
හොර ඔප්පුවක් හදාගෙන
පොදු සොහොනේ ඉමි.
බිග් රේසරෙන් මයිල් කපමි
රේසර් ඇඩ් එකකට
හීනෙන් යමි!
රෑ දොළහට
බීලා වැටුණු
යකදුරාගෙ ප්‍රිය බිරිඳට
- මෝහිනීට
යක්ෂ හදෙන් ප්‍රේම කරමි.
ආදරයේ යක්ෂ නමට
යක් වැසි වස්සමි වස්සමි.
මතක කටුඉඹුල ළඟ
මැරුණු පෙමක සොහොන් කොතක්
මුරට සිටිමි.
මස් ඉල්ලමි!
නයිට් ක්ලබ් ගිහිං එන
නරයින්ගෙන්
මග රැක සිට බිලි ඉල්ලමි.
ටී පනස් හයක්
මූණට ම තියමි.
පස් කමි
ඩීසල් බොමි
ග්‍රීස් නාමි.
තුන් ලෝකෙට
රාත්‍රියට තුන් බිය දෙමි.
සී අයි ඩියෙන් එන කොට
හොරාට මැරුණා වගේ ඉමි!
ලොකු හාමුදුරුවෝ දැක්කොත්
මිනිස් වෙස් මුහුණක් දාගමි!
මෙලොවට ලේ හලමි
ගිනි තියමි
හෘදයාබාධයකින්
හදිස්සියේ එලොවට යමි.
සමිත .බී අටුවබැන්දෑල
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහසෝනා