
එන්ජින් ඔයිල් බේරෙන ජීවිතය යට
දුන්හිඳ ගලන සංධ්වනියක සිහිල ඇත
සිංහයෙකුගේ ලොම් ගැලවුණ මතක පිට
ලෙන්දොර බිඳින නාදය වැලපුමකි මට
ඇල්වතුරෙන් ම හේදෙන ලොරි බොඩිය යට
ලොන්ඩරියකින් පිටමං කළ බැනියමක
අල්ලට සිඟා කෑ සිහිනෙක ලකුණු දැක
වල් කොළ කකා හිනැහෙන දළඹුවෙකි තෙත
දැල්වෙන විදුලි බුබුළක උණුහුමක සැප
ඉල්ලන මෙරුන් තවමත් මා තුළ ද ඇත
ඉල්ලම සොයා මීරන් පතලකට බැස
මල්වෙඩි හීන අහුලන හදවතක තොස
බකමූණෙකුට මුකවාඩම් බඳිනු රිසී
උලලේනියක් කොඳුරයි කළුවරක වැසී
ගම්පෙරළියේ නන්දා ඉකිබිඳිනු ඇසී
කොග්ගල උඩට වෙනිවැල් ගැට වතුර වසී
පාසානම් කකා දිරවන අහස යට
මී කතුරකට තැබුවෙමි කරවල මතක
තෝසේ බුදින බහිරව රූපෙක බඩට
දේදුනු නටන මන්දාකිණියක් කුමට
පපඩම් සතුට උඩ ටොපියක් කන සිතක
නැටවෙයි පංචිකාවත්ත ම සුරපුරක
කොටහළු හීන දැක සයිලන්සර කටක
වතුසුදු මලක් පලඳමි මම කුඹගසක
කුමාර හෙට්ටිආරච්චි
2025 ඔක්තෝබර් මස 08
1870
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1507
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පංචිකාවත්ත උඩ ටිංකරින් බාස්ගේ රාත්‍රිය