IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


සෙවනගල සීනි සමාගමේ ලොක්කියකගේ වැඩ තහනම්

(කේ.පී.සුමනදාස)

ආන්දෝලනයකට තුඩුදී ඇති සෙවනගල ලංකා සීනි සමාගමේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරියකගේ (මූල්‍ය) වැඩ තහනම් කර ඇතැයි සෙවනගල සීනි සමාගමේ පාලන අධිකාරිය කියයි.

ඒම නිෙයා්ජ්‍ය සාමාන්‍යාධිකාරියගේ කාර්යාලයටද ඉකුත් 4 වැනිදා සීල් කර ඒහි ලිපි ෙල්ඛන පරික්ෂා කිරීෙමන් අනතුරුව ඒය ෙපෙර්දා 05 යළිත් විවෘත කර ඇති අතර ඇය ගැන පරීක්ෂණ දිගටම කර ගෙන යන බව එම ආයතනය පවසයි.

ඉකුත් රජය සමයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාගේ මංගල කටයුත්තක් සදහා කිසිදු ලියවිල්ලක් නොමැතිව රුපියල් ලක්ෂ හැටක් (60 00,000) ලබා දීම , ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඩමක ආයතනයේ වියදමෙන් නිවාඩු නිකේතනයක් අයුරින් නිවෙසක් ඉදි කිරීම සදහා විශාල මුදලක් වියදම් කිරීම ආදී චෝදනා රැසක් ඇයට විරුද්ධව පවතින බව පාලනාධිකාරිය පවසයි.

මීට අමතරව ගොවීන් ආයතනයට උක් ලබා දීමෙන් පසු ඔවුන්ගෙන් අය විය යුතු මුදලට අමතරව ශේෂපත්‍ර සකසා ගොවීන්ගෙන් විශාල මුදලක් වංචා කර ඇති බවටද චෝදනා එල්ල වී ඇතැයිද ගොවීන්ගෙන් වංචා කරන ලද මුදල් පිළිබද වෙනම පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවද සෙවනගල සීනි සමාගමේ පාලනාධිකාරිය කියයි.

ෙමි අතර සෙවනගල සීනි සමාගෙමි මීට පෙර ප්‍රධාන තනතුරු දැරූ කීප දෙනකුගෙත් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරි දින කීපයේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

 



අදහස් (3)

සෙවනගල සීනි සමාගමේ ලොක්කියකගේ වැඩ තහනම්

ජගත් ලියනගේ Friday, 06 June 2025 11:34 PM

හොරකම මුල්බැසගත් රටක්නේ මේක නම්...

:       3       62

රනේ Saturday, 07 June 2025 06:39 AM

මේ ගෑණුත් පන්සිල් පද 5ම කඩාගන්නවා...

:       0       9

Niranga Saturday, 07 June 2025 08:52 AM

ඉන්දියන් සාගරයේ රාජ්‍ය හොර ඇටය...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 441 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 471 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site