IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


සංජීව ඝාතකයාගේ ගිණුමකට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී  වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දීගේ බැංකු ගිණුමකට රුපියල් පනස් දහසක මුදලක් බැර කළේ යයිි කියන මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (16) නියෝග කළාය. 

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුගත් අබේසිංහ නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ  ඉසාරා සෙව්වන් දී සැකකාරියගේ බැංකු ගිණුමකට සැකකරු විසින් මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවය.

අදාළ ඝාතනය සිදුවූ ආසන්න දිනයකදී මෙම මුදල් ගනුදෙනුව සිදු ව ඇති බවත්, සැකකරුගේ ගිණුමට මෙම මුදල් ඔන්ලයින් මාර්ගය ඔස්සේ ගිණුම් ගතවී ඇති බවත් පැවසීය.

සැකකරුට මෙම මුදල් ලැබුණේ කිසියම් අපරාධ කල්ලි  සාමාජිකයින්ගෙන් දැයි යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් සඳහන් කළේය.

අපි සිංහ නමැති අය මෙම ඝාතන සිද්ධියේ 17 වන සැකකරු ලෙස  නම්කර අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ ගීත් කරුණාරත්න මහතා පෙනී සිටි අතර  තම සේවා දායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව සඳහන් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.



අදහස් (0)

සංජීව ඝාතකයාගේ ගිණුමකට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1564 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site