
(විමුක්ති එස් රුද්‍රිගු)
තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර් 700 ක වේගයක් ලබා ගනිමින් චීන දුම්රියක් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස චීනය මෙම නව ලෝක වාර්තාව පිහිටුවා තිබේ.
සුපිරි සන්නායක විද්‍යුත් මැග්ලෙව් පද්ධතියක් භාවිත කරන දුම්රියක් තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර 700 ක වේගයක් ළඟා කරගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
මීටර් 400 ක මැග්ලෙව් දුම්රිය මාර්ගයක් භාවිත කරමින් චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලය මෙම පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී කිලෝ දහසක් බර දුම්රියක් තත්පර දෙකක් තුළදී පැයට කිලෝ මීටර් 0 සිට 700 දක්වා වේගයක් ළඟා කරගෙන ඇත.
පැයට කිලෝ මීටර් 700 වේගයක් ළඟා කරගැනීමෙන් අනතුරව එම දුම්රිය ආරක්ෂිතව නවත්වා ගැනීමටද පර්යේෂකයන් කණ්ඩායමට හැකියාව ලැබී තිබේ.
ඒ පිළිබඳව අන්තර්ජාලයට උඩුගත කර ඇති වීඩියෝවේ එම දුම්රිය අකුණක වේගයෙන් ගමන් ගන්නා ආකාරය පෙන්නුම් කරයි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව වේගවත්ම දුම්රිය චීනය නිපදවයි