(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් බවට පත්වී තිබෙන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පෙ.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
'මේ පවතින බදු ප්‍රතිපත්තිය නිසා වැඩි කරන වේතනයේ ප්රතිලාභ සේවකයාට යන්නේ නැහැ.ඒ වැඩි කරන පඩියේ බහුතරයක් යළි ආණ්ඩුවටම ගන්නවා.අද සෑම රාජ්‍ය ආයතනයකටම දේශපාලන පළිගැනීම් තිබෙනවා. මර්දනය කරනවා.මේ රටේ වෘත්තීය සමිති මෙහෙය වූයේ ඔබතුමාලා.ඉස්කෝලෙ දරුවන්ට උගන්වන්නේ නැතුවත් වෘත්තිය සමිති කළා.ආණ්ඩුව දේශපාලනය කරන්න. හැබැයි රාජ්‍ය යාන්ත්‍රණය විනාශ කරන්න එපා.මේ ආණ්ඩුව බලයට ඇවිත් විවෘත කරපු එක කර්මාන්ත ශාලාවක් කියන්න.ආණ්ඩුව බලයට ආවට පස්සේ කර්මාන්ත ශාලා වැහෙනවා.එක සේවකයෙක්ට සාධාරණය ඉටු කරන්නෙ නෑ.පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් බවට පත්වෙලා.ඉතිහාසයේ පළමු වතාවට යෞවන සමාජ වලටත් දේශපාලනය ගෙනවිත් තිබෙනවා. ඔය ගතානුගතික මානසිකත්වයට ගිහින් බලාපොරොත්තු වන වෙනස කරන්න බෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් වෙලා