(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ගෙන් පවරා ගනු ලැබූ නිවාස ඉදිරියේදී රජයේ කාර්යාල සහ ආදායම් උත්පාදන කාර්යයන් වෙනුවෙන් යොදවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසීය.
එම ගොඩනැගිලි ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදා ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳව ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය විසින් තීරණයක් ගනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ බදු මුදලින් නඩත්තු වන දේපොළ ඵලදායී ආයෝජන සඳහා යොමු කර එහි ප්‍රතිලාභ පෙරළා ජනතාවටම ලබාදීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා කීය.
ආර්ථික වශයෙන් ඉතා වැදගත් ස්ථාන වල පිහිටි එම නිවාස එක පවුලක සුඛ විහරණය වෙනුවෙන් ලබා දෙනු වෙනුවට සමස්ත රට වැසියන්ටම ප්‍රතිලාභ ගලා පොදු කටයුතු වෙනුවෙන් යෙදවීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා කීය.
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ජාතික ජන බලවේග ජන වරමේ ම කොටසක් යැයිද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පවරා ගත් ගෙවල් වලට කරන දේ කියයි
ගුණරත්න Saturday, 13 September 2025 09:11 AM
කතා කරන තැන ලොකු මහත්තෙක් ගෙවල් දෙකක් තියාගෙන එක ගෙයක් යාලු මහත්තෙක්ට දීල තිබ්බා කියලා කතාවක් අපට අහන්න ලැබුණා. ඒක නම් ඉතින් ආදායම් උපදවන මාධ්‍යයක් නෙවෙයි. දූෂණ වරදක් කියලා තමයි මගේ මොළේට වැටහුනේ.