(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුහුණු වසාගෙන ලොරියකින් පැමිණ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් නවතා එහි ඉදිරිපස රෝද දෙක කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
කොල්ලකෑ රෝද දෙකද පොලිස් භාරයට ගෙන ඇත.
නාර්තු පාන සිට හොරවල දෙසට ටිපර් රථය ධාවනය වෙමින්තිබියදී පස් දෙනෙකුගෙන් යුත්කල්ලියක ලොරියකින් පැමිණ නෑබොඩ ප්‍රදේශයේදී මඟ හරස්කර ටිපර් රථය නවතා රියදුරුට තර්ජනය කර එහි ඉදිරිපස රෝද දෙක ගලවාගෙන රැගෙන ගොස් මඳ වේලාවකට පසු රිම් දෙක නැවත එම ස්ථානයේ දමා පලා කී බවට ලද පැමිණිලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසියය කියයි.
ලොරියේ රෝද දෙක කොල්ලකන ලද ප්‍රධාන සැකකරු ලිහිණියාව ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශන වලදී කොල්ලකෑම සිදු කල ප්‍රධාන සැකකරු මීට දින කීපයකට ඉහතදී මෙම ලොරිය ඔහු බාරයේ තබාගෙන පරිහරණය කරමින් තිබියදී හිමිකරුට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවිම හේතුවෙන් හිමිකරු විසින් ටිපර් රථය නැවත ලබාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ටිපරය නවතා රෝද දෙකක් මං කොල්ල කාලා