IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ගාල්ල මහේස්ත්‍රාත් සරසවි සිසුනට දෙහි කපයි

(ඩී.ජී.සුගතපාල)

නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි දැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් පස් දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී අද ප්‍රශ්න කළේය.

රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ විනය බාර කථිකාචාර්යවරයාට අයුතු බලපෑම් කිරිම,සාපරාධි බලහත්කාරය පෑම,අයුතු අවහිර කිරිම ,අයුතු ජන රාශියක සාමාජිකයින් විම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද එම පිඨයේ සිසුන් පස් දෙනකුට එරෙහි  නඩුව විභාගයට ගත් අවස්ථවේදී මහේස්ත්‍රාත්වරයා එසේ ප්‍රශ්න කර සිටියේය.ෙ

නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සිසුහු විවෘත අධිකරණයේදි පැමිණිලිකාර කථිකාචාර්වරයාට වැඳ සමාව ගෙන නඩුව සමථයට පත් කරගත්හ.

මෙහිදි මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී විත්තිකාර සිසුන්ට දැඩිලෙස අවවාද කරමින් මෙසේ විමසා සිටියේය. නවක වදය දිමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද . ඔබේ දරුවන්ට මෙවැනි අමානුෂික වද දෙනවිට ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකිය ද?. නවක වදය සිමාව ඉක්මවා සිදු කිරිම බලවත් වරදක් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා නවක වදය දෙන්නේ නම් ඒවාට ඇතුලත් විය යුත්තේ අමානුෂික වද නොව විනෝදාත්මක වැඩ සටහන් බවද මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

 



අදහස් (0)

ගාල්ල මහේස්ත්‍රාත් සරසවි සිසුනට දෙහි කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1628 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site